(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු  සේවය ආරම්භ කිරීම සඳහා තවත් මාස 6 පමණ කාලයක් ගතවනු ඇතැයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත.

නාගපට්ටිනම් වාරයේ මගී පර්යන්තයක් ඉදි කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත් එහි වැඩකටයුතු නිම කිරීම සඳහා තවත් මාස 4 ක 5 ක කාලයක් ගත වනු ඇති බවත් එම බලධාරීන් පෙන්වා දී තිබේ.නමුත් ඔක්තෝබර් තුන්වන සතිය පමණ වන විට ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන ඊසානදිග මෝසමේ තත්ත්වය මත කාල රාමුව වෙනස් විය හැකි බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත .

ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය රුපියල් කෝටි 8 ක මුදලක් වෙන්කර තිබෙන බවත් එම මුදල නාගපට්ටිනම් වැනි කුඩා වරායන් නඩත්තු කරනා තමිල්නාඩු සමුද්‍රීය මණ්ඩලයට අනාගතයේදී ලැබෙනු ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.