මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට රාජ්‍ය, විදුලිබල අමාත්‍යංශ ලේකම් පී.කේ. පුජාරි ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ‘‘ද හින්දු ‘‘වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවොට් 500ක් දක්වා විදුලි බලශක්තියක් ලබාගත හැකි බවත් සම්බන්ධතා මාධ්‍යයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලි අපනයනය මෙතෙක් පමා වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
ඉන්දියාව මේ වන විට බංගලිදේශය, නේපාලය සහ මියන්මාරය වෙත විදුලිය අපනයනය කරන අතර, භූතානයද විදුලිය ලබා ගන්නා බවද කියා සිටින එම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරනුයේ ශ්‍රී ලංකාවට ඒ ආකාරයෙන් සබ්මැරීන කේබල් පද්ධතියක් හරහා විදුලිය සැපයිය හැකි බවය.
මෙතෙක් පැවති තාක්ෂණය සඳහා විශාල පිරිවැයක් වැය කළ යුතු වුවත් නව තාක්ෂණය යටතේ දැරිය හැකි මුදලකට ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.
යුරෝපීය රටවල් එම තාක්ෂණය මගින් දැනටමත් පුනර්ජනනීය විදුලිය හුවමාරු කර ගන්නා බවයි ඉන්දීය රාජ්‍ය විදුලිබල අමාත්‍යාංශ ලේකම් පී.කේ. පුජාරි කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්දියාවෙන් විදුලිය ගත්තොත් අර කුම්බලා මාළු කාපු බලලට වුන දේ තමයි අපේ රටටත් වෙන්නේ. ඉන්දියාව මාර දහම් ගැට තමයි දාන්න හදන්නේ. (ර)
දවසේ පැය විසි හතර විදුලිය දීගන්න බැරි රටක් මෙනන් අපට විදුලිය විකුණන හදනවා අපේ අයත් ඕක පැනලා ගනීවි (හේ)
දැන් එතකොට අපිට ඉන්දියාව නැතිව ජීවිත් වෙන්නම බැරිද? (හේ)
පළමු පියවර ලෙස සියලුම රජයේ ගොඩනැගිලි මත සුර්ය කෝෂ සවිකර විදුලිය උත්පාදනය කරන්න. දෙවනුව සුර්ය කෝෂ ලංකාවේ නිපදවීම ආරම්භ කරන්න. තෙවනුව රුපියල් මිලියන 30 කට වැඩියෙන් ඇස්තමේන්තු කර හදන පුද්ගලික ගොඩනැගිලි වල වහලයේ සුර්ය කෝෂ සවිකිරීම අනිවාර්ය කරන්න. එතකොට ලංකාවේ විදුලි ප්‍රශ්නය විසඳිය හැක. පරිසරයටත් හොඳයි. (නි)
ඔය විදිහට වතුරත් ගන්න බැරිද? (නි)
ඔන්න පේනවා නේද මේවාගේ යටිත් හැංගිලා කව්ද ඉන්නේ? ඕක තමයි හදපු දා ඉඳලි අද වෙනකම්ම නොරොච්චෝලෙයි අනික් හැම තැනමයි එකම තැන තිබුනේ. හදලා දෙන්න එක රටකවත් ඉංජිනේරුවෙක් හිටියේ නැහැ. ඒ වෙනුවට ගිනිගත්තා බලාගාර. දැන් කොහොමද ඉන්දියාවෙන් පටන් ගත්තේ? අනේ දෙවියනේ අපිට මහින්ද ජනාධිපතතුමා හිටියා නම් මේවාට හොඳට උත්තර ලැබේවි (නි)
එහෙන් එන සුළඟත් හොඳ නැහැ කියනවනේ (නි)
දිය යටින් ගින්දරත් එවාවිද? (නි)
යාන වාහන ඒරොප්පෙන්...හැම් බේකන් චීස් බටර් ඕස්ට්‍රේලියාවෙන්....කිරි පිටි නවසීලන්තයෙන්.....ගල් අඟුරු චීනෙන්....ඉලෙක්ට්‍රොනික් බඩු ජපානෙන්.....ලුණු, පරිප්පු ඉන්දියාවෙන්...අපේ රට ස්විට්සර්ලන්තය වගෙයි.....සල්ලි කාරයෝ පිරිලා . විදුලිය විතරක් නෙවෙයි ඉතා ඉක්මනින්ම වතුරත් ඉන්දියාවෙන්ම ආනයනය කරලා අපි සොමියේ ඉඳිමු.(බ)
ඔය පනින්නෙ බලල්ලු මල්ලෙන් එළියට. මේ නිසා වෙන්න ඇති සාම්පූර් බලාගාරය ඉදිකිරීම නවත්වන්න ඇත්තේ (බ)
මහවැලිය හදපුවෙලේ කිව්වේ ඉන්දියාවේ බාගයකටත් විදුලිය දෙන්න පුළුවන් කියලා නේද? (බ)
කොහොමත් ඉන්දියාව දිය යට වැඩ නේ කරන්නේ ලංකාවට (බ)
අපිට කොහොම වෙතත් ඉන්දියාවට විදුලිය දෙන්න කපන්නේ නැතිව,නිකන් විහිලු කතා නොකිය (බ)
වික්ටෝරිය, රන්දෙනිගල, ආදී ජලාශ ඉදිකරනවිට කිවුවේ ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියලා. (නි)
අපි ඉන්දියාවට විදුලිය දෙන්න පටන්ගත්තේ වික්ටෝරියා විදුලි බලාගාරය හදපු දා ඉඳලා.අනේ අපිත් දකින හීන.....! (නි)
චම්පික රණවක කිව්වේ අපි ඉන්දියාවට විදුලිය දෙන කතාවක් නේ ඒ දවස් වල (බ)
අනේ ඉන්දියාවේ කොච්චර විදුලිය බිඳ වැටීම් තියෙනවද ? දවසෙන් වැඩි හරියක් විදුලිය නැහැ . තව අපිටත් දෙන්න හදනවා . පවු අනේ (බ)
මට මතකයි මීට ටික කලකට පෙර ලංකාවෙන් ඉන්දියාවට විදුලිය අපනයනය කරන්න අපේ දේශපාලකතුමාල කතා කරනවා...!! (බ)
ඉන්දියාව කලාපීය බලවතෙක් කරගැනීමට මෙතෙක් කල් බාධකයක් පැවති කටයුත්තත්, මෙමගින් අවසාන කර ගැනීමට ඉන්දියාව බලවත් පරිශ්‍රමයක යෙදී සිටින බව මින් පැහැදිලි වෙනවා. යම් විදියකින් මෙය ක්‍රියාත්මක වුනොත්, ශ්‍රී ලංකාව විදුලි බල සැපයුමේ ඉන්දියාවේ රූකඩයක් වෙන්න පුළුවන්. (බ)
ඉන්දියාවේ සමහර පළාත් වලට විදුලිය ඇත්තෙම නැහැ. තිබුනත් එකදිගට විදුලිය සපයන්නෙත් නැහැ. මේක මට නම් මහ විහිලු කතාවක්. (නි)
මේ ආණ්ඩුව බලය ගත්තේ ඉන්දියාවටත් විදුලිය දෙනවා කියලා නේද? දැන් තමයි තේරෙන්නේ මේ කටිටිය අපිව අන්දවපු අැන්දිල්ලේ තරම (නි)
ලංකාව පැත්තෙන් බැලුවොත් මේක ඉතාම භයානක තීරණයක් (නි)
අපිත් එක්ක ඉන්න ඉන්දියන් අය කියනවා ඒ අයට දවසට පැය කිහිපයයිලු විදුලිය දෙන්නේ. ඒ වුණාට අපිට දෙන්න කතාව. ලංකාවේ මිනිසුන්ගේ ඔලුව අතගාලා ටොක්ක අනින්න වගේ හදන්නේ. (නි)
සාම්පූර් බලාගාරය හදන එක නැවැත්තුවෙත් මේ නිසා වෙන්න ඇති (නි)
ඉන්දියාවේ කසිකබල් අපිට එපා. එදා ත්‍රස්තවාදයට පරිප්පු දාලා අපේ රටේ යුද්ධය අවුරුදු 20ක් ඉදිරියට ගෙනාවා මදිද? ඇයි මේ දේශපාලකයෝ තමුන්ගේ රට පාවාදෙන්නෙ මෙහෙම රටකට? (නි)
ඇත්තටම මොළය කල්පනා කරන කෙනෙක් හිටියා නම් මේ පුංචි රටට මොකටද කාගේවත් විදුලිය? (නි)
අපේ මිනිස්සු අනුන්ගෙන්ම තමයි යැපෙන්න බලන්නේ. මොනාද අපේ පාලකයෝ රට වෙනුවෙන් කරලා තියෙන්නේ එතකොට.හුරන්කන එක විතරද? මේ දවස්වල රටේ පවතින නියගයෙන් වතුර නැතුව විදෝනවා. මේවට පෙර සුදානමක් හෝ නිසි වැඩපිළිවෙලවල් යොදන්නේ නැත්තේ අැයි? (බ)
අපේම බලශක්තිය භාවිතා කිරීමට නම් අපේ බලශක්තිය නාස්ති වීම වැළැක්විය යුතුයි. විකල්ප බලශක්ති හැකි හැමවිටම භාවිතා කළයුතුයි. විදුලි පරිභෝජනය අඩුවන විදියේ නවීන ආකාරයට ඉදිකිරීම් කළයුතුයි. විදුලියම අවශ්‍ය නොවන, වෙනත් ශක්තීන් යොදාගත හැකි අවස්ථා වල ඒවා යොදාගත හැක. පරිසරය ආරක්ෂා වන සැලසුම් තුළින් වායු දුෂණය අඩුකර වායුසමනය කිරීමේ අවශ්‍යතා අඩු කරගත හැක. විකල්ප බලශක්ති ප්‍රභවයන් සම්බන්ධ දේශීය පර්යේෂණ දිරිගැන්වීම සහ ජනතාව දැනුවත් කළයුතුය. (නි)
ඉන්දියාවෙන් බලශක්තිය ගන්නවා කියන්නේ, ලංකාවට හැමදෙයක්ම ඉන්දියාවෙන් අවසරය ගෙන කටයුතු කරන්න වෙන වැඩක්. අද හැමදෙයක්ම ඩිජිටල්කරණය වෙලා. බලශක්තිය නැතුව ඩිජිටල් ලෝකයක් නැහැ. ලංකාවට තනියම හිටගන්න බැරි වෙන වැඩක් ඕක. (නි)
ඉන්දියාව හිතාගෙන ඉන්නේ ඉන්දියාව තමා දකුණු ආසියාව පාලනය කරන්නේ කියලා. ඕක හරියන කතාවක් නෙමෙයි. ලංකාවේ අනන්‍යතාව නැත්තටම නැතිවෙනවා. (නි)
දිය යටින් ගින්දර ගෙනයන දේශපාලුවෝ ඉන්න තැනක, දිය යටින් විදුලිය ගෙනියන එක මහ කජ්ජක්ද? යහපාලනය තව අවුරුදු 3ක් රට පාලනය කළොත් අපිට යන්න වෙන්නේ පිටරට තමයි. (නි)
මෙයාලගේ සේරම වැඩ යටින් තමයි..(බ)
ඉන්දියාව එක්ක මෙවැනි ගනුදෙනු කිසිවක් අවශ්‍ය නැහැ. බලශක්ති අර්බුදයට විසඳුම් තියෙනවා. එ්ත් අපේ අැමතිලා ඒවා ගණන් ගන්නේ නැහැ. ලංකාවේ ප්‍රධාන නගර සහ මහපාරවල් වල සුර්ය කෝෂ වලින් ක්‍රියාත්මකවන විදුලු බුබුලු සවිකළොත්, මෙගාවොට් කීයක් ඉතුරු කරගන්න පුලුවන්ද? රට කරවන මිනිස්සු මේවා ගැන හිතන්නේ නැතුව නාඩගම් නටනවා. එ්කයි අපි කියන්නේ රටට ආදරේ කරන අපේ මිනිස්සු පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියලා (නි)
නොරච්චෝලේ හැදුවා නේද අපේ හිටිය රජතුමා? (නි)
අපිට මොකටද කාගෙන්වත් විදුලිය? (නි)
දියයටින් ගින්දර ආවොත් තමයි නරක (නි)
සාර්ථක වුණොත් බොහොම හොඳ ව්‍යාපෘතියක් වෙයි (නි)
මේක හොඳ යෝජනාවක්. විශාල පද්ධතියක් එක්ක සම්බන්ධ වෙන එක කිහිප ආකාරයකින් වාසිදායකයි. කොහොමත් ඉන්දියාව තමන්ට පාඩු වෙන්න ගිවිසුම ගහන්නේ නැහැ. (නි)
ඇත්තවශයෙන්ම අපිත් ඉන්දියානුවෝ අපේ මුල් පුරුක ඉන්දියාවෙන්... අපේ සංස්කෘතිය භාෂාව ඉන්දියාවෙන් ආගම ඉන්දියාවෙන්. අපේ ජාතික ඇඳුම ඉන්දියාවෙන් හෙළ සිරිත් විරිත් ඉන්දියාවෙන් නම් විදුලිය ඉන්දියාවෙන් ගත්තම තියෙන වරද මොකද්ද.? (ර)
මම දන්නා විදිහට ඉන්දියාව විදුලිය ගන්නේ නේපාලයේ ජලවිදුලි බලාගාර වලින් (බ)