ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ මාධ්‍ය හෙළිකළේය.
මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ මුල් පෙලේ පුද්ගලයෙකු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අකොලා පොලිසිය අත්අඩංගුවට ගැනීමත් සමග මෙහි සුලමුල හෙළිව අැත.
දුගී ඉන්දියා ජාතිකයින් ශ්‍රී ලංකාවට රැගෙන ගොස් මුදලට වකුගඩු ලබා ගන්නා බවත් එසේ මුදලට වකුගඩු විකිණූ පුද්ගලයින් පස් දෙනෙකු සොයා ගත් බවත් අකොලා පොලිසිය පවසයි.
මාධ්‍යට අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මේ පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජයේ ද වගකීම බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට අපහසු අවස්ථා වලදී තමයි ලංකාව මතක්වෙන්නේ. ධීවර ප්‍රශ්න වලදී අමතකයි .... (නි)
කලින් කී ආශ්චර්ය කෙසේවෙතත් ලෝකයේ සිදුවන සෑම නරක වැඩකම කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබීම ගැන මට ඇත්තේ මහා දුකකි. හැබැයි ඔහොම ගිහිල්ලා අපේ රට ලෝක ත්‍රස්තවාදීන්ගේ කේන්ද්‍රස්ථානය බවට පත්වුණොත් බටහිර රටවල් අපේ ඔළුවට අත්හරින බෝම්බ ටික වළක්වාගන්න උඩ ඉන්න දෙවියන්ටවත් බැරිවෙනවා (නි)
දුප්පත්කමට නේද මේ හැමදේම කරන්නේ? (නි)
පුදුම දේවල් තමයි දැන් දැන් අපිට අහන්න ලැබෙන්නේ. (නි)
මෙය කියවන ඔබ ඉතාම වීවෘත මනසකින් මෙය දෙස බැලිය යුතුයැයි මගේ විශ්වාසයයි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ වකුගඩු සැත්කම් කරන බොහෝ පිරිස් සිටිති. ඊට හේතුවක් වන්නේ ඉන්දියාවේ වකුගඩු සැත්කම් කිරීමේ අනුමැතිය ගැනීමට යන කාලය සහ වියදම් සම්බන්ධ ප්‍රශ්නයි. ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ දුෂණ සිදුවීමේ හැකියාව ඉතා අල්පය. එයට හේතු ගණනාවක් ඇත. (නි)
වකුගඩු රෝගියකු මුහුණදෙන තත්ත්වය දන්නේ ඊට මුහුණ පෑ අයකුම පමණයි. බද්ධ කිරීමට වකුගඩුවක් දන්දෙන පුණ්‍යවන්තයකු සොයාගැනීම ඉතාමත් අපහසුයි. බොහෝවිට වකුගඩු ගැළපෙන්නේත් නැහැ. එවිට ඥාතීන් වකුගඩුවක් මිලට ගෙන හෝ තම රෝගියා ජීවත්කරවා ගන්න හදනවා. දුප්පත්කමේ පතුළටම ගිය ඉන්දියානු ජාතිකයින් මේවා විකුණන්න කැමති වෙනවා ඇති. මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක්. අල්ලස් හෝ දූෂණ, මත්ද්‍රව්‍ය ප්‍රශ්න විසඳන ක්‍රමයට මෙය විසඳන්න බැහැ. (නි)
තම පවුලේ ළඟම ඥාතීන්ට හැර පිට කෙනෙකුට වකුගඩු පිරිනැමීම ඉන්දීය රජය මඟින් තහනම් කර ඇත. ඉන්දීය ජාතික වකුගඩු රෝගීන් වකුගඩු බද්ධ කරවා ගැනීමට සහ ඊට අදාළ අනෙකුත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලංකාවේ පෞද්ගලික රෝහල් වලට ඒමට දැන් පටන් අරගෙන. තවත් හේතුවක් තමයි ලංකාවේ අයකරන ගාස්තු ඉන්දියාවට වඩා අඩුවීම. (නි)
මිනිසුන් මොනතරම් අසරණද? (නි)