වැල්ලවත්ත බ්ලූමවුන්ට් නිවාස එකකයේ හත්වැනි මහලේ රැඳී සිටි වකුගඩු ඡාවාරමට සම්බන්ධ බව කියන ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවාතබා ගෙන පරීක්ෂණ සිදුකිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (04) කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දුන්නේය.
මෙම සැකකරුවන් වකුගඩුවලට අමතරව තම ශරීරයේ වෙනත් අවයව ඉවත් කර ඇත්දැයි යන්න පරීක්ෂා කර වාර්තාවක් කැදවීම සදහා කොළඹ අපරාධ කෙට්ඨාශය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපු රටේ අය දැම්මම වැඩ පටන් අරන්. ගිවිසුම් ගැහුවොත් ඔක්කොම ලංකාවට එයි (නි)