ඉන්දියාවේ විසාකාපට්ටම්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ සිවුකොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ ඉන්දිය පිල අතර පැවැති තරගයෙන් සත්කාරක ඉන්දිය පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලැබුහ. ජයග‍්‍රාහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය පිලේ කඩුලූ 9 ක් ලකුණු 157 කට බිද වැටී අසීරු තත්ත්වයක පසුවිය. එහිදී පන්දුවට පහර දුන් ආර්. කලාරියා සහ කමල් පාස්සි ලකුණු 28 ක සම්බන්‍ධතාවයක් පවත්වමින් ඉන්දිය පිලට ජය ගෙන දුන්හ. තරගයේදී ෂෙහාන් ප‍්‍රනාන්දු හතරේ පහර 11 ක් සමග ලකුණු 70 ක් ලබා ගත්තේය. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 184 (ෂෙහාන් ප‍්‍රනාන්දු 70, පුලින තරංග 24, ළහිරු මධුෂංක 21, සංදීප් ෂර්මා 38/4) ඉන්දිය පිල ඕවර 49 කදී කඩුලූ 9 ට 185 (හනුමන් විහාරි 51, ආර්.කලාරියා නොදැවී 47, උන්මුක්ට් චාන්ද් 28, තරිඳු කෞෂාල් 26/4, ළහිරු මධුෂංක 24/2, සනිත ද මෙල් 36/2)
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකාව කඩුලූ 1 කින් පරදවති