
(අරුණ එස් කුමාර)
ඉන්දීය ව්‍යාවස්ථ දිනය නිමිත්තෙන් සංවිධානය කළ ළමා චිත්‍ර තරගයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දරු දැරියන් 200කට අධික පිරිසක් සහභාගී වූ මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ තේමාව ‘‘මූලික වගකීම්‘‘ යන්නයි.
ශ්‍රී ලංකාවේ කුඩා දරුදැරියන්ට සිය ශිෂ්ටාචාරමය සගයා වන ඉන්දියාව පිළිබඳව මහා වැටහිමක් ඇති කරලීම සඳහා මෙම චිත්‍ර තරගය සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා දරු දැරියන්ගේ හැකියාවන් පෝෂණය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ දරුවන්ගේ මව්පියන්ට සිය ප්‍රශංසාව පළ කළේය.
මෙහිදී ඉවතලන ද්‍රව්‍යන්ගෙන් පරිසර හිතකාමී නිර්මාණ සිදු කරන ආකාරය ගැන ද දරුවන් දැනුම්වත් කරන ලදි.
ඉන්දීය ව්‍යාවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් මහතාගේ රුවකට පුෂ්පෝපහාර දැක්වීමට ද ඉන්දිය මහ කොමසාරිස්වරයා සහ නිලධාරිහු කටයුතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd