(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්‍රී 8.30 ට තරගය අත්හිටුවීය.

තරගය නැවත හෙට (11) පස්වරු 3.00 ට නැවත ආරම්භ වීමට නියමිතය.

වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිල ඕවර 24.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් රැස්කර සිටියේය.

ඉන්දීය පිල ඕවර 24.1 කදී කඩුලු 2 ට 147 (රෝහිත් ශර්මා 56, සුබ්මන් ගිල් 58, විරාට් කෝලි නොදැවී 08, කේ. එල්. රාහුල් නොදැවී 17)