ඉන්දියාවේ ධීවර සංගම් විසින් ආක්‍රමණකාරී ලෙස උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට විරුද්ධව යාපනයේ ධීවරයින් විසින් අද යාපනය දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සිදුකලහ.
මෙම විරෝධතාවයේදී ඉන්දියාවේ ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වළක්වාලීමට පියවර ගන්නැයි බලකරමින් පෙත්සමක් ද භාරදුන්හ. ඉන්දියාවේ මතස්‍ය කර්මාන්තකරුවන් ඍජුවම මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මෙරට මතස්‍ය කර්මාන්තය විනාශ කරන ආකාරයෙන් කටයුතු කරන බවත් මෙනිසා පාරම්පරික ධීවර කර්මාන්තය ආරකෂාකර ගන්නා ලෙසත් මොවුන් තවදුරටත් බලකර සිටියහ.
මේ අතර ගැඹුරු මුහුදේදී මසුන් ඇල්ලීමට යන ධීවරයින් පන්නා දැමීම සහ ඔවුන්ට හංසා කරන බවට චෝදනා කරමින් තමිල්නාඩු ධීවරයින් හෙට 08 වනදා වැඩ වර්ජනයක් සිදුකිරීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලයක් ඉවසලා ඉන්න. ගිවිසුම අත්සන් කෙරුවට පස්සේ මුළු රටේ වැඩි දෙනෙක් ඔයාලත් එක්ක එකතුවෙලා අනේ අපේ රටම බේරලා දෙන්න කියලා හඬා වැටෙමින් අහසට අත් දික්කරන කාලයක් එනවා. හැබැයි ඒ වෙනකොට දෙවියන්ට කියමින් හූල්ලනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ. මෙදා දුන්නොත් ගන්නවා බොරු. ලංකාවට අබ සරණයි ! (නි)
අර අහවලා කිවුවා වගේ අපේ මුහුදු සීමාවට අාවොත් වෙඩි තියමුද? (නි)
ඉන්දියාව ළංකරගන්න කලින් මෙහෙම නම් පසුවට කොහොම වෙයිද? (නි)
උතුරේ මහා ඇමති සිංහලයන්ට විරුද්ධව කරන අරගල පැත්තකින් තියලා අපි හැමදෙනාම ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන් උතුරේ ධීවරයන්ගේ මෙම ප්‍රශ්නයට ඉන්දියාව සමඟ සාකච්චා කරලා විසඳුමක් ලබාදුන්නොත් නරකද? මොකද හැමදාමත් මෙහෙම අහිංසක ධීවරයන්ට ඉන්දීය ධීවරයන්ගේ තාඩන පීඩන වලට ලක්වෙලා වැඩ කරන්න බැහැනේ. (නි)
අද ඔයාලගේ මාළු විතරයි කන්නේ. හෙට අනිද්දට එට්කා අත්සන් කළාම අපේ මාළු එයාලා කනවා. (නි)
ඔය උතුරේ ඉඳලා බොරුවට ඊළාම් වෙනුවෙන් පිබිදෙන විග්නේශ්වරන් මේවා ගැන සද්දවත් නැහැ නේද? (නි)
අපේ අසල්වැසි රට අපිට ගොඩක් වෙලාවට කරන්නෙම හොඳ දේවල් නෙමෙයි (නි)
අරහේ විග්නේශ්වරන් කියනවා සිංහලයන් උතුරට එන්න එපා කියලා. ඉතින් එයා කැමතිවෙයිද මේක එක රටක ප්‍රශ්නයක් කියන්න.(හේ)
තමිල්නාඩු ධීවරයෝ වැඩ වර්ජනය කරාම කාටද පාඩු.(හේ)
යස පාඩම! තව තව ඉස්සරහට ඉල්ලන් කයි හොඳට (නි)
ඉන්දියාව සමඟ භාණ්ඩ සහ සේවා ගිවිසුම් ගැසීමෙන් ලංකාවට අනිවාර්යෙන් විශාල ආර්ථික සහ සමාජීය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වේ. ජනාධිපතිතුමාට සහ ශ්‍රීපනිපෙට පුළුවන් මේක නවත්වන්න. නමුත් ඔවුන් මේ ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ. අඩුමතරමේ මේ ගැන ජනමත විචාරණයක් තබන්න (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පුදුමයි ඔවුන්ගේ කට ඇරිලා දැන්. මෙච්චරකල් අපිනේ කෑ ගැහුවේ (නි)
ඕක විග්නේශ්වරන්ට, වෛකෝට සහ ජයලලිතාට කියන්න. එතකොට විග්නේශ්වරන් යාපනයේ පෙළපාලියක් යයි. ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය උනත් පරිත්‍යාග කිරීමට නොපැකිළෙන වෛකෝ සහ ජයලලිතා ඉන්දීය වෙරළාරක්ෂකයන්ට දැනුම් දෙයි ඉන්දීය ධීවරයන්ට ඉන්දීය මුහුදු සිමාවෙන් ඉවතට යන්න දෙන්න එපා කියලා (නි)