ශ්‍රීලංකා නාවික හමුදාවෙන් සිදුවන බව කියන හිරිහැර වලින් ඉන්දියා ධීවරයින්ව ආරක්ෂා කරගන්නා ලෙස ඉන්දියා ජාතික ධීවර එකමුතුව එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියා මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයින් කිහිපදෙනෙකුට ගෙවුනු දින කිහිපයේදී ශ්‍රීලංකා නාවික හමුදාව පහරදී ඇතැයිද,එම පහරදීමෙන් ධීවර යාත්‍රා හා ආම්පන්න වලට හානි සිදුව ඇතැයිද ධීවර එකමුතුවේ සභාපති එම්.ඉලංගෝ කියා ඇත.
ශ්‍රීලංකා නාවික හමුදාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහමඩ්, ඔයාලට කොහෙද අපේ පුංචි රට ගැන හැඟීමක් (නදී).
මේ බොහෝ ධීවර යාත්‍රා දකුණු ඉන්දීය දේශපාලුවන්ට අයත් බෝට්ටු යි....! මොවුන් හිතා මතාම මේ අරියාදුව කාලාන්තරයක් තිස්සේ අපට කරනවා. ..! නුගත් ද්‍රවිඩ අසරණ ඉන්දු ධීවරයන් හැමදාව අපේ අත් අඩංගුවට පත්වී ඉන්දීය තානාපති කාර්යාලයෙන් බලපෑම් කලාම නිදහස්කරනවා ඉවරයක් නැහැ. අර මොහොමඩ් කීව වගේ එයලා මාලුටිකක් නම් අල්ලන්නේ නැහැ හූරගෙන යනවා මිස තහනම් ක්‍රම මගින්. ලංකා ධීවරයාට ඉතුරුවන දෙයක් නැහැ උන් ඇවිල්ල ගියාට පස්සේ. බොහොම සුළු දෙයයි අපිට කරන්න තියෙන්නේ ඕක නවත්තන්න ....! ධීවර යාත්‍රා ටික රාජ සන්තකකරලා ධීවරයෝ ටික තමිල්නාඩුවට බාර දුන්නාම ආය එවන්නේ නැහැ. නීතියටත් එකඟයි .මෙහෙ ධීවර ඇමති හා රජය ඕක කරන්න බය නිසා කෙරෙන්නේ නැහැ.සත්‍යය එයයි. (අ)
ජයන්ත ඔබ හරියටම හරි. (හේ)
දෙගොල්ලොම මුහුදු සීමා අයිතිය කඩ කරනවා. මොකද ධීවරයන්ට මාලිමා යන්ත්‍ර නැහැ. රටවල් වල සීමාවල් බලන්න. (නදී)
මොහොමඩ් ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද ඉන්දියාව කරන ඔය නීති විරෝධී ක්‍රියාව සාදාරනීකරණය කරන්නේ. (නදී)
මෝඩ මෝහමෙඩ් , ඔය ගොන් වස්සෙක්. මී හරකෝ හොරුන්ට දඩුවම් නොකලොත්, ඔයා වගේ හොරු මුළු ලෝකෙම හොරකම් කරාවි. මෝඩයෙක් වුණාට ලෝකෙට පෙන්නන්න එපා. (අ)
බය වෙන්න දෙයක් නැහැ?ඉන්දියාවට ලංකාවේ ඉදල පාලමක් සහ කොච්චි පාරක් දැම්මම ඔක්කොම ප්‍රශ්න ඉවරයි?ඊට පස්සේ ලංකාව ඉන්දියාවේ පොඩිම ප්‍රාන්තය වෙනවා? (අ)
මොවුන් නම් පුදුම කරුමයක් අපේ රටට. කාලෙන් කාලෙට මොකක්හරි අංචියක් ඇදගෙන බෙරිහන් දෙනවා අපේ රටට විරුද්ධව. (බ)
ලංකාවෙ මිනිස්සුන්ට යුරෝපෙ ගිහින් හොරෙන් වැඩකරලා ඒ රටවල මිනිස්සුන්ගේ රස්සාවලට විදින්න හොදනම් මේ අය මෙහේ මුහුදු සීමාවෙන් මාලු ටිකක් අල්ලාගෙන ගියාට මක්වෙනවද? (අ)
මොහොමඩ් ,එහෙ හොරෙන් වැඩකරන අය ඇල්ලුවොත් මොනවද කරන්නේ? හිරේ දාල දඩත් ගහල පිටුවහල් කරනවනේ. .ඔයාගේ ගෙදර හොරෙක් ඇවිත් කියුවොත් මට හොරකම් කරන්න දෙන්න කියල ඔයා හොරට කෑමත් දීල හොරකම් කරගෙන යන්නත් දෙනවද ? (අ)