(යොහාන් භාසුර)
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 15 ක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන පැමිණ ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව ද නාවික හමුදාව කීය.
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව එක්ව මෙහෙයුමක් දියත් කර ඇති බව කී නාවික හමුදාව උතුරු නාවික විධානය ඊයේ රාත්‍රියේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී, අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්ෂණය කර, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරී බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 12 ක් සමඟ ඉන්දීය ධීවරයින් 74 ක් භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇති බවත් මෙරට සාගර පරිසරයේ ආරක්ෂාව සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව කරන බවත් සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඉන්දීය ධීවරයන් 15 ක් සමඟ යාත්‍රා 2 ක් භාරයට