මෙරට මුහුදු සීමාවට අනවරසයෙන් ඇතුළු වී මසුන් මැරූ බව කියන ඉන්දියා ධීවරයන් සිව් දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

තෙලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ටෝලර් යාත්‍රා ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

සැකකරුවෝ තමිල්නාඩුවේ රාමේෂ්වරම්හි පදිංචිකරුවෝ වෙති.