කල්පිටිය බත්තලන්ගුණ්ඩුවට කිලෝ මීටර් 10 යක් උතුරෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමනය කළ බව කියන ඉන්දියා ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා ධීවරයින්ගේ දැල් කපා ඇතැයිද ටෝලර් යාත්‍රා 20 කින් පමණ පැමිණි ඉන්දියා ධීවරයින් ශ්‍රී ලංකා ධීවරයින්ට පහරදීමේ සූදානමක් ඇතැයිද කල්පිටිය එස්. ප්‍රනානදු නම් ධීවරයෙක් ගොඩ බිමට දැන්වීය.
ඔහු ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවරයන්ගේ ආරක්ෂාව සලසනු ඇතැයි සිතන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යාපනේ දෙමල මිනිස්සුන්ට තමිල්නාඩුවේ දෙමළ මිනිස්සුන්ගේ සැලකීම. ඔන්න මහලොකු සහෝදරකම. ලංකාවේ ඉන්න දෙමල කට්ටිය අගේට තමිල්නාඩු දෙමළුන්ට කඩේ යන්නේ. අවස්ථාවාදී දෙමල දේශපක්නයන් නිසා තම අපේ රටේ මෙච්චර ප්‍රශ්න උනේ. (අ)
ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන පෙරහුරැවක්ද (අ)
එදා ඉඳලම දකුණු ඉන්දියානු දෙමල අපිව නොයෙකුත් ලෙසින් ආක්‍රමණය කල.අද එක වැඩි වෙලා දෙමලු විතරක් නෙවෙයි ඉන්දියානු ආණ්ඩුවත් එක කලා .ඉන්දියාව අවශ්‍ය අපි ඒගොල්ලන්ගේ අත්වසියෙක් කරන්න. අද අපේ රටේ තියෙන දේසපාලන බල ලෝබය, පවුල් වාදය නිසා දෙමලු දැන් මේ රටේ සාමාන්‍ය ජනතාවත් ආක්‍රමණය කරනවා. මේවා මැඩීමට රජය පියවර ගත යුතුයි. රජයේ ගන්න එවැනි පියවරවල් වලට විරුද්දවන මෙරට යම් ද්‍රෝහියෙක් වේ නම් මහජනතාව එවනි ද්‍රෝහීන් මෙල්ල කල යුතුයි (අ)
ඉන්දියාවට ඔලුව අතගාල ටොක්කක් දුන්නේ මෙතිනිය විතරයි සිරිම- ශාස්ත්‍රී ගිවිසුමෙන්. අනිත් බලයට අපු සේරම කරේ ඉන්දියාවට වුවමන දේ විතරයි. ඒ තමන්ගේ පැවැත්ම සඳහා. එක පාරක් අපේ ස්වාධීනත්වය පෙන්වන්න බේරී උන කාටවත්. අපේ රටට මේ දේ කලෙ අපිම නේද කියල හිතෙනවා මුන්ට චන්දෙ දීල. (අ)
කොයි අපේ නාවික හමුදාව..හොලිඩේ ගිහින්ද ...? යුද්දයක් නැති එකේ . එවැන්නක් නැවත ඇති නොවන තැනට වග බලාගන්න එක නේද .ඔව්න්ගේ වගකීම ....?මේ විදියට මෙයාල මුළු ලංකාවම අල්ල ගනියි එක රැයකින්....?ඉක්මනින් අමතක වෙන අපි සිංහලය්නේ... අතීතය සමග ජීවත් වෙමු .....?(අ)
ටෝලර් කිරීම යනු පොලව යටට ධිවර අම්පන්න දමා බෝට්ටුව මගින් මුහුදු පොලවේ තිබෙන සියලුම සම්පත් සුරගෙන යාමයි. අප රටේ යුද්ධය තිබුණු කලවලදි ඉන්ධියානු ට්‍රෝලර් බෝඅට්ටු වලට අපේ මුහුදු තිරයේ කිසිම බාධාවකින් තොරව රැකියාව කලා. ඔවුන් අපේ රටේ මුහුදු තිරයට අවේ ඔවුන්ගේ මුහුදු තිරයේ සම්පත් නිමා වුවාට පසුවයි. නැත්නම් අපේ මූදට එන්නට උයමනාවක් නැත. ඔවුන් ලංකා මුහුදු තිරයට එන එන වහාම නතර කළ යුතුයි.(නදී)
ලංකාව දැනටම ඉන්දියන් පාලනයට යටත් වෙලා ඉවරයි. උන්ට ඕන විධියට ලංකාවට එනවා. නීති රීති දානවා. ලංකාවෙන් එහෙ යන යට හිරිහැර කරනවා. ජිනීවා ගියාම ලංකාවට විරුද්ධව ඡන්දයත් දෙනවා. කාට කියන්දෝ මේ අවනඩු?(නදී)
තමිල් නාඩුවන් සංවිදනාත්මකව සැලසුම් කරන දේවල් ගැන අප රටේ රහස් බුද්ධි සේවාවන් විමසිල්ලෙන් සිටිය යුතු කාලයකි.(නදී)
ඇත්තටම අපි තනි රටක්ද?(නදී)
මේ ඔක්කොම අපේ රට ඉන්දියාවට ලියල දීල හන්දයි. අපේ රජය මේවට වගකියන්න ඕන. (අ)
බර්නාඩ් පෙරේරාගේ සීය ඉන්දියන් කාරයෙක් වගේ (අ)
උරාගෙ මාළු උරාගෙ පිට තියල කපන හැටි දන්නවා කලබල වෙන්න එපා (අ)
තව ටිකක් ඇතුලට එන්න දීලා බඩ පිරෙන්න නෙලුවනම් හරි.ජාතියන්තරයට කියන්න පුළුවන්නේ ගෙදරට ඇවිත් ගහන්න හදපු නිසා ආත්මාරක්ෂාවට ගැහුවා කියලා. (අ)
කලින් ඔය කට්ටිය මෙල්ල වෙලා හිටියේ ප්‍රබාකරන් නිසා . පමා නොවී නිසි බලධාරීන් රට ගැන හැගීමෙන් වැඩ කලොත් හොඳයි . නැත්නම් අපේ ධීවරයෝ අරන් යනවා ඉන්දියාවේ හිර ගෙවල් වලට. (ස)
කුමාර ලංකාව ඉන්දියාවට ලියලා දුන්නේ මේ රජය නෙවෙයි හිටපු පප්පා. තවමත් එයාගේ ගෝලයෝ ඉන්දියාවට කඩේ යනවා නැතිනම් පක්ෂ පාට බල්ලට දාල දැන්වත් මේ ගැටේ ලිහාගන්න එකතු වෙන්න ඕනා. නමුත් රාජපක්සල වට්ටගන්න බැරි විදිහට ඉහළයයි කියන බල ලොබිත්වය නිසා එය කරන්නේ නැහැ, මොනවා කරන්නත් රටක් තියෙන්න ඕන කියන එක මෙයාලට නොතේරෙන එකයි ප්‍රශ්නේ.(නදී)
නියමයි
ඉන්දියාවේ ඉන්නේ සත්තු . අපි මෙහෙ ගෙනත් දාගත්තේ අපේ තියෙන උඩගු කම නිසානේ. අපේ මිනිස්සුන්ට තේ දල්ලක් නෙලන්න ලැජ්ජහ නිසානේ ඉන්දියාවෙන් මෙහෙට ගෙනාවේ (අ)
ඉන්දියානු අගමැතිවරයානනී, ඔබ තුමාලා අපේ නාවික හමුදාවට ඇඟිල්ලන් දික්කරමින් කතා කරන ජයලලිතා මැතිනියගේ බස් වලට ක්‍රියාත්මක වෙන්න හදනවා. මේ ඔබේ ධීවරයින් කරන අමුනුස්ස ගති ගැන මොනවද කරන්නේ කියන්නේ. මනුස්සයෝ කියන්නේ කල්පනා කරලා හරි වැරදී හිතන්න පුළුවන් ජාතියක්. ඒ නිසා ඔබ තුමා විස්වාශ කරන දෙවියන්ගේ නාමයෙන් හා අවංක හදවතින් සිත බලලා තීරණ ගන්න. ඔබලා යනකොට ගෙනියන්නේ කරපු හොඳ දේවල් හා නරක පමණි බලවත්කම නොවෙයි.(නදී)
මේක අර උපවාසයේම කොටසක් වෙන්න පුළුවන්. (අ)
ඉන්දියාවට ඕන කොහොම හරි ලංකාවත් එක්ක කොක්කක් දාගන්න වගේ කල්පනාවෙන් වැඩ කරන්න මහත්වරුනේ. (අ)
දැන් මුන් ලංකාව ආක්‍රමණය කරන්නද යන්නේ? (අ)
මේක සම්බන්ධන්ට කියන්න, ඒ අය හිත ඉන්නේ ඒ අය මේ රටේ පුරවැසියෝ සහ ඒ අයගේ නායකයෝ ඉන්නේ ඉන්දියාවේ කියලනේ. එහෙම බලනකොට ඔය ඇවිත් තියෙන්නේ නායකයෝ කණ්ඩායමක් වෙන්න ඇති. (අ)
ලොකු අයිය ලෙඩක් දන්නා වගෙයි හදන්නේ. මේ වෙලාවේ ටිකක කල්පනාවෙන් වැඩ කරන්න කියල අපේ ධීවරයන්ට දැනුම් දුන්නනම් හොදැයි නේද (අ) ..
මේ යක්කුන්ට ගහල එලවන්න එකෙක්වත් නැද්ද අප්පා...(අ)