ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවි සිටින ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජනරාල් ඩල්බීර් සිං අද (02) ත්‍රිකුණාමලය කොනේෂ්වරන් කෝවිලේදි විශේෂ දේව පුජාවකට සහභාගිවිය.
කලාපීය ආරක්ෂාව හා දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනීමේ අරමුණෙන් පස්දින නිල සංචාරයකට පැමිණි ඉන්දිය යුද හමුදා ප්‍රධානි ඩල්බිර් සිං මහතා හා එම මහත්මිය පෙරේදා (01) ත්‍රිකුණාමලයට පැමිණියහ.
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජනක වල්ගම , 22 සේනාංකාධිපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා, 221 බළ සේනාධිපති උදිත බණ්ඩාර යන මහත්වරුද සහභාගි වුහ.
ජනරාල් ඩල්බින් සිං මහතා 1987/89 ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දිය සාමසාධක හමුදාවේ කණිෂ්ඨ නිලධාරියෙක් ලෙස සේවය කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබව සාදරයෙන් පිලිගන්නවා මහත්මයාණෙනි එදා දවසයි අද දවසයි එක්ක බලන කොට කොහොමද වෙනස ,දෙවි පිහිටයි (ම)