IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය කි‍්‍රකට් ලොක්කන්ගේ ඉහ මොළ රත්වෙයි

ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත කී‍්‍රඩා කිරීම හෙවත් තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡ කිරීම සඳහා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ කි‍්‍රයාකාරී කමිටුව හදිසි රැස්වීමක් කැඳවා තිබේ. මෙම රැස්වීම හෙට (ඉරිදා) චෙන්නායි නුවරදී පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය, තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්ත්වය මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳවද කි‍්‍රයාකාරී කිටුවේ අවධානය යොමුවන බව ප‍්‍රකාශ කරයි.

මෙම තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් රාස්ථාන් රෝයල්ස් පිලේ හිටපු කී‍්‍රඩකයකු වන අමිත් සිංද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊට සම්බන්ධවී ඇත්තේ ඔට්ටුකරුවකු ලෙසින් බවද කියැවේ.

මෙම තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය පොලිස් නිලධාරීන් අදාළ කී‍්‍රඩකයන්ගෙන් තවමත් ප‍්‍රශ්න කරගෙන යන නමුත් මෙම කී‍්‍රඩකයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමේ හැකියාව සම්බන්ධයෙන්ද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීහු සාකච්ඡ කරමින් සිටිති.

”මේ කී‍්‍රඩකයන් එක්කාසු වෙලා කී‍්‍රඩාවේ ගරුත්වය විනාශ කරලා දැම්මා. ඒ තත්ත්වය නැවත ගොඩන`ගන්න අපට විශාල කාලයක් ගතවේවි” යයිද නම සඳහන් කිරීමට අකමැති වූ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරියකු සුප‍්‍රකට ‘කි‍්‍රක් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබිණ.

”මේ සම්බන්ධයෙන් හැකි තරම් ඉක්මනින් කි‍්‍රයාත්මක වී ගතයුතු පියවර වහාම ගන්න  ඕනෑ. ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ගෞරවයට සහ විශ්වාසනීයත්වයට තවදුරටත් හානි වෙන්න දෙන්න බෑ” යයිද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතා වඩාත් සුපරික්‍ෂාකාරී ලෙසින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවත් ඔහුගේ පළමු පියවර වන්නේ සිය පාලක මණ්ඩලයේ විනය කමිටුව යොදා ගනිමින් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කිරීම බවත් මාධ්‍ය වාර්තා කරයි.

අයි. පී. එල්. තරගාවලිය කමිටුවේ සභාපති රජිව් ෂුක්ලා මහතා පවසන්නේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන්  කී‍්‍රඩකයන් වැරදිකරුවන් වන්නේ නම් ඔවුන්ට කිසිදු සමාවක් නොලැබෙන බවත්, දියහැකි ඉහළම දඬුවම් දෙන බවත්ය.

 අන්තර්ජාතික පුවත් වාර්තා ඇසුරිනි

 



අදහස් (0)

ඉන්දීය කි‍්‍රකට් ලොක්කන්ගේ ඉහ මොළ රත්වෙයි

සංජීව තුෂාර ගමගේ Friday, 17 May 2013 08:00 PM

අයිපීඑල් කියන්නේ හැම දෙයක්ම විකිණෙන තරඟාවලියක්. ඔය සිද්දියත් ඒකේ ප්‍රතිඵලයක් තමයි. සේරම සල්ලි වලට තමයි සිද්ද වෙන්නේ. අන්තිමට කප් එකත් ෆයිනල් නොගහම කාට හරි වැඩිම ලංසුවට ගත්ත කියලත් අපිට පත්තරේ දකින්න ලැබෙයි මෙහෙම යනකොට. (ස)

:       0       0

නික් Saturday, 18 May 2013 04:47 AM

ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලේට කොහේ තියන ගෞරවයක්ද? ඉන්දියන් කියන අයට දෙයක් දුන්නොත් එයාලා ඒක විනාශ කරනවා. ඒක ලෝකෙම දන්නා ප්‍රසිද්ධ රහසක්. (නි)

:       0       0

දර්ශන Saturday, 18 May 2013 08:48 AM

අයි.සී.සී එකත් ඉන්දියාවට යටයි. ලෝකයේ ක්‍රිකට් කේන්ද්‍රස්ථානය ඉන්දියාවයි. ක්‍රිකටි දැන් මහත්වරුන්ගේ ක්‍රීඩාව නෙමෙයි. මෙවැනි දේ තවත් ඉදිරියට අහන්න ලැබෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site