IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය කි‍්‍රකට් ලොක්කා ඉල්ලා අස්වෙන්න කොන්දේසි දමයි

තරග අවස්ථා පාවාදීම සහ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් පෙර නොවූ විරූ අර්බුදයකට අයි. පී. එල්. තරගාවලිය මුහුණ දී තිබෙන හෙයින් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාටද සිය තනතරෙන් ඉල්ලා අස්වන ලෙස එල්ල වන බලපෑම් එන්න එන්නම වැඩිවෙමින් තිබේ.

එහෙත් ඉන්දීය කි‍්‍රකට් සභාපතිවරයා ඒ වෙනුවෙන් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

 

එම කොන්දේසි මෙසේය.

1. පරීක්‍ෂණ අවසන් වීමෙන් පසුව තමන්ට විරුද්ධව කිසි චෝදනාවක් සනාථ නොවුවහොත් නැවතත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරට පත්කිරීම

2. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීම් සඳහා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි නොකිරීම.

3. තමන් නැවතත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ නම් සන්ජේ ජග්දේල් සහ අජේ ශ්රේක් මහත්වරුන් නැවතත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට පත් නොකිරීම.

කෙසේ වෙතත් ඔහුගේ තුන්වැනි ඉල්ලීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් එකග නොවනු ඇතැයිද වාර්තාවේ.

යම් හෙයකින් ශී‍්‍රනිවාසන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් බහුතරයක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින අතර එසේ වුවහොත් ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවන හෙයින් සභාපතිවරයාට ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි කියැවේ.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ භාණ්ඩාගාරික සන්ජේ ජග්දේල් සහ අජේ ශ්රේක් යන මත්වරුන් දෙදෙනාම ඉල්ලා අස්වීම නිසා සාමාජිකයන් 24 දෙනකුගෙන් සමන්විත වන ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ තීරණ ගැනීම සමබන්ධයෙන් ඉතාමත් බලසම්පන්න කි‍්‍රයාකාරී කමිටුව මේ වන විටත් බෙලහීන තත්ත්වයට වැටී ඇතැයි කියැවේ.

ජග්දේල් මහතා අද (සෙනසුරාද) කියා සිටියේ තමන් නැවතත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට නොඑන බවයි.

”මේ තරග අවස්ථා පාවාදීමේ සිද්ධිය නිසා මිලියන ගණනක් වන කි‍්‍රකට් ලෝලීන් වගේම මමත් හොඳටම කළකිරිලයි ඉන්නේ”

”මොකක් හරි වෙනසක් වෙන්න  ඕනේ. මා හිතන්නේ මෙතැනින් ඉවත් වෙන එක හොඳයි කියලයි. එතකොට අලූත් මුහුණු දකින්න ලැබේවි” යයිද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග්දේල් මහතා පැවසීය.

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි

 



අදහස් (0)

ඉන්දීය කි‍්‍රකට් ලොක්කා ඉල්ලා අස්වෙන්න කොන්දේසි දමයි

හේරත් Saturday, 01 June 2013 11:05 PM

ලලිත අක්ක හා කරුණා අයියා පත් කොරමුද?(අ)

:       0       0

සාලිය වික්‍රමසුරිය Sunday, 02 June 2013 04:13 AM

ඉන්දියාවෙයි ලංකාවෙයි ක්‍රිකට් ගහන්නේ ක්‍රීඩකයෝ. සීත කාමරවල පුටුවේ ඉඳන් සල්ලි කාබාසිනියා කරන්නේ පගාමරුවෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site