IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් ලොක්කාගේ බෑණාට තහනමක්

අයි. පී. එල්. තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධාන විධායක නිලධාරී ගුරුනාත් මෙයියප්පන් මහතා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම නිසා වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් ගුරුනාත් මෙයියප්පන් මහතාට තහනමක් පනවා තිබේ.

අයි. පී. එල්. තරගාවලියේ සංවිධායකයන් වන ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තහනමට ලක්කරන ලද මෙයියප්පන් මහතා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේම සභාපතිවරයා වන එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය.

ඒ අනුව අද (26 වැනිදා) රාති‍්‍රයේදී මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියේ අවසන් තරයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල සමග සිටීමට මෙයියප්පන් මහතාට අවස්ථාව නොලැබෙනු ඇත.

”ගුරුනාත් මෙයියප්පන් මහතා මුම්බායි පොලිසිය විසින් රඳවාගනු ලැබීම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පරිපාලන නිලධාරියෙක්”

”කණ්ඩායමේ බලය ලත් නිලධාරියෙක් හැටියට ඔහු කණ්ඩායම සම්බන්ධයෙන් කළ යුතු දේ තිබෙනවා. ඒත් අයි. පී. එල්. මෙහෙයුම් නීති රීති වගේම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්ධන නීති රීති සහ ඉදිරියේදී ඔහු මුහුණ දිය යුතු පරීක්‍ෂණ පිළිබඳවත් සිතා බලමින් අදාළ පරීක්‍ෂණ අවසන් වන තුරු කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සම්බන්ධයෙනුත් කිසිදු කාර්යයකට සහභාගි විය නොහැකි ආකාරයේ තහනමක් ඔහුට පැනවීමට තීන්දු කර තිබෙනවා” යයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග්දේල් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර තිබිණ.



අදහස් (0)

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් ලොක්කාගේ බෑණාට තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site