ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජග්දීප් ධන්කාර් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ සෞඛ්‍ය හේතුන් මත යැයි ද පැවැසෙයි.

74 හැවිරිදි ජග්දීප් ධන්කාර්, 2022 වසරේ සිට ඉන්දීය උප ජනාධිපති ධුරයේ කටයුතු කළේය. තම සෞඛ්‍යයට මුල් තැන දෙමින්, වෛද්‍ය උපදෙස් පිළිපඳිමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67(අ) වගන්තියට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, තමන් උප ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ජග්දීප් ධන්කාර් පැහැදිලි කර තිබේ.