ඉන්දියාවේ වෘත්තීය රාජකාරියකට ගිය ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීහු දෙදෙනෙක් මුම්බායි අන්තර් ජාතික ගුවන් තොටේ දී, ඉන්දියා ආගමන නිලධරයන්ගේ හිරිහැරවලට ලක්වූහ.
වලංගු වීසා හා සියලු ලියැවිලි තිබිය දීත් ඔවුහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලක් කරනු ලැබූහ.
ඩේලිමිරර් පුවත්පත් කලාවේදී ලක්මාල් සූරියගොඩ හා ඩේලි නිවුස් පුවත්පත් කලාවේදී සාරා පතිරණ පසුගිය පළමු වැනි දා ජෙට් එයාවේස් ගුවන් යානයෙන් මුම්බායි නුවරට ගියහ.
එහි ආගමන කවුන්ටරයේ දී ඔවුන් අත තිබූ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දුටු ආගමන නිලධාරිනියක ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ ඔවුන් කුමක් සඳහා පැමිණියේ ද යන්නයි.
ඔවුන් සිය ලියැවිලි ඇයට පෙන්වූ නමුත් ඇය ඉන් සෑහීමකට පත් නොවී ඔවුන් දෙදෙනා රඳවාගෙන, පසුව උසස් නිලධරයකු ඉදිරියට යොමු කළාය.
එම නිලධරයා ඔවුන්ගේ ලියැවිලි බලා ඔවුන් මුදා හළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාවණා රජුම එන්න ඕන මුන්ට පාඩමක් උගන්වන්න. (ස)
ඒකට මෙහේ එවුන්, මල්මාලා දාල පිළිගන්නේ. (ස)
වැදගත් රටකට නෙ ගිහින් තියෙන්නේ. (ස)
රත්තරන් තියෙනවද කියල බලන්න ඇති. (ස)
මටත් ඔය ඉන්දියාවේ ගුවන් තොටුපොල වල සිදුවෙච්ච කෙනහිලිකම් ගැන අත්දැකීම් තියනවා. ඒකක් ඒගොල්ලන්ට තියෙන ඊර්ෂාව. තමන්ට රට රටවල් වල යන්න බැරිවීම අනෙක වැඩි හරිය දේශපාලනය හරහා ගත්ත පත්වීම්. (ස)
ආගමන නිලධාරීන් කරලා තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙ රාජකාරිය. මට හිතෙන්නෙ. (ස)
ඉන්දියාවේ ගියොත් ඔහොම්මම තමයි...ලංකාවේ සිංහල මිනිස්සුන්ට හිරිහැර කරනවා..උන් හිතාගෙන ඉන්නේ මේකත් උන්ගේ රට කියලද දන්නෑ... (ස)
ඔය තූත්තිකඩිය හැර අපේ මාද්‍ය වේදීන්ට ප්‍රවෘත්ති හොයාගන්න වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද? (නදී)
අපි මොවුන්ට සලකනවා හොඳ වැඩියි...ඒක නිසා තමයි අපේ මිනිස්සු ඒ රටට ගියාම ඒ මිනිස්සුන්ට ඔය විදියට සලකන්නේ.... (ස)
අපේ අය පිට රටවල් වලට තවත් කත් අදින්න. එතකොට හරි. ඔය අය ගණන් උස්සන්නේ අපේ ලොකු තැන් වල වැරදි නිසා. ගණන් ගන්න ඕනේ නැහැ ඔය ක්‍රිකට් ටීම් එකත් එකයි අනිත් දේවලුත් එකයි.(නදී)
අන්තවාදි කොටස් කරන අපරාද ගැන ලෝකය මොනවද නොකියන්නේ. සිද්දීක් නවනීදන් පිල්ලේ ඉන්දියාවේ මාද්‍ය නිදහස ගැන මොනවද කියන්නේ.(නදී)
ඔහේ ඉන්න ඔක්කොමල කොටියෝම තමා. (ස)
අපේ කස්ටම් එකෙනුත් උන්ව ටිකක් ආර්ටර් කෙරුවනම් හරි. (ස)
ඉතින් ඕව කියන්නකෝ අර එංගලන්තේ අගමැති තුමාට එවෙලේම පියවරයක් ගනීවි ලංකාවට වගේ. මානව හිමිකම් කඩ කල කියලා
ඉන්දියන් අයට ලංකාවට ඇතුළු වෙන්න දෙන්න එපා (නි)
අපේ බියගුළුකම නිසා ශ්‍රී ලාංකිකයින් විවිධ රටවලදී හිංසාවට භාජනය වෙනවා. (නි)
සම්පත්, ඇයි ඒ? (නි)
ඉන්දියානුවන් දැන් හැම කෙනෙක්ම ජයලලිතාගෙ අතකොළු වෙලා වගේ. (ස)
ඉන්දියාව සමාව ගන්න ඕන. කෝ මාධ්‍ය නිදහස. (ස)
මොන එහෙකට යනවද මන්දා ඔය රටට. (ස)
මම හිතුවා දකුණ විතරයි අපට එරෙහි වෙන්නේ කියා. (නදී)
ඒ කියන්නේ එහේ ගියත් වැඩක් නෑ! (ස)
කෝ මේ නිදහස් මාධ්‍යවේදියන් ගේ සංගමය. (ස)
මෙහෙන් ඉගෙන ගන්න ඇති. (ස)
ලංකාවේ අය ඉන්දියාවේදී හැසිරෙන්න ඕන විදිය දන්නේ නෑ, ඔය වගේ වෙලාවට බුලත් විටක් කන්න කීයක් හරි දුන්න නම් කිසිම ප්‍රශ්නයක් නෑ. (අ_
අපෝ ඉන්දියා වල ආගමනේ ඉන්නේ බාගෙට බාගයක් උගත් කමක් නැති දේශපාලන බලපෑම් කරලා ආපු නිලධාරීන්. මහා ජරා ගැණු ඉන්නේ.එක පාරක් අපිටත් ඔය දේම උනා. බොරුවට කරදර කරනවා. ඉහල උන්ට ටිකක් මොලේ තියෙන උන් නිසා තේරුම් අරගන අපිව ඇරියා. (ස)
දැන් ඉංදියාවේ චෙන්නායි , බොම්බේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම වගේ සිංහල කිව්වොත් බලන්නේ අමුතු විදිහකට. (නදී)
නිදහස් මාධ්‍යවේදීන් එලියට බහින්නේ යාපනේ උදයන් එකේ අයට මොනවා හරි වුනොත් විතරද? (ස)