IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දු ලංකා දෙන්නා ලක්ෂ 20 ක දඩය ගෙවති

රුපියල්  තුන් කෝටි අසු හතර  ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ   ඉන්දීය ජාතිකයෙකුට  හා ශ්‍රී ලාංකිකයෙකුට   රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කළ රේගුව එම වල්ලා පට්ටා තොගය රාජසන්තක   කළේය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.ජී ලලිත් ආන්නද මහතා විසින් සිදු කළේය.

කිලෝග්‍රෑම් 48 ක් බර වල්ලා පට්ටා තොගයක් ගමන් මලු තුනක බහා ඉන්දියාවේ චෙන්නායි වෙත ගෙනයාමට උත්සහ කරද්දී ඊයේ(20) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඉන්දියා ජාතිකයෝ  දෙදෙනෙක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

මින් එක් ඉන්දීය ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 15  ක්ද,  ශ්‍රී ලාංකිකයාට රුපියල් ලක්ෂ 5 ක්  බැගින්  දඩ  ගැසු බවත්  අනෙක් ඉන්දීය ජාතිකයාව  දඩ  නොගසා මුදා හැරිය බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී ප්‍රියන්ත සපරමාදු මහතා සහ වසන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබීය.



අදහස් (0)

ඉන්දු ලංකා දෙන්නා ලක්ෂ 20 ක දඩය ගෙවති

අසන්ත Tuesday, 22 April 2014 10:19 AM

ශ්‍රී ලංකාවේ රේගුවේ නිලධාරීන් ඉතා දක්ෂයි. ඔවුන් ගැන ආඩම්බරයි. නමුත් රාජ සන්තක වන හොර බඩු වලට පසුව මොකද වෙන්නේ ??? (ස)

:       0       0

අතුල Monday, 21 April 2014 09:51 AM

නියමයි තව දඩ ගහන්න ඕනේ කරන විනාශයට (අ)

:       0       0

අජ්ත් Monday, 21 April 2014 09:09 AM

ඇයි ඉන්දියා ජාතිකයට දඩ ගැසුවේ නැත්තේ (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 21 April 2014 10:31 AM

කරුණාකර අපිට කියන්න වල්ලා පට්ටා මොනවටද පාවිච්චි කරන්නේ කියලා. විදේශයක සිට අසමි. (ස)

:       0       0

අල්විස් Monday, 21 April 2014 10:44 AM

වල්ලපට්ට, නිම නොකළ රන් ආභරණ වැනි වංචනික ලෙස අපනයනය තහනම් භාණ්ඩ නිරන්තරයෙන් ගුවන් තොටුපොලේදී අසුවෙද්දීත් එකම මාර්ගයෙන්ම මෙහෙම ගෙනයන්නේ ඇයි? බයක් සැකක් නැතුව මෙසේ කරන්නේ දඩ ගෙවන්ටත් මුදල් අත තබාගෙන බව පෙනෙනවා නේද.? අහු නොවී යන්ටත් පුළුවන් බව වෙනත් විදිහකින් ඔප්පු වෙනවා නේද.? (නදී)

:       0       0

සරත් Monday, 21 April 2014 11:22 AM

වල්ලපට්ට ගහ පිළිබදව ජනතාව දැනුම්වත් කළා නම් මේ ශාඛය විනාශ වෙන්නේ නෑ (අ)

:       0       0

චමී Monday, 21 April 2014 11:19 AM

දැන් ලංකාවේ තියෙන්නේ වල්ලපට්ට, කිඹුල් හූනෝ ආර්ථිකයක්. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. (ස)

:       0       0

රනිල් Monday, 21 April 2014 01:17 PM

චමී ...ඔයාගේ අදහස් ගැන දුකයි (අ)

:       0       0

සජී Monday, 21 April 2014 01:26 PM

අල්විස් මහතා වෙත.. වල්ලපට්ටා යනු ලංකාවට පමණක් ආවේනික ශාකයකි, මෙම ශාඛයේ හටගන්නා රෙසිනයක් මගින් මිල අධික සුවද විලවුන්, ඇතුළු සුවද කාරක නිපදවනු ලබයි, එම රෙසිනය සෑම ශඛයකම ස්වභාවිකව හට ගන්නේ නැත, දිලීර ආසාදනයක් මගින් එය ඇති වේ, එය කෘතිමවද ඇති කළ හැක. මෙම වටිනා ශාඛය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන වගා කරවීමට බලධාරීන් පියවර නොගත හොත් මෙම වටිනා ශාඛය තවත් වසර කීපයකින්ම ලංකාවෙන් තුරන් වනු ඇත. (අ)

:       0       0

තුෂාර Monday, 21 April 2014 12:43 PM

වල්ලපට්ට ගන්නෙ මධ්‍යසාර රහිත සුවඳ විලවුන් නිපදවීමට. රොගී වු ගස්වල කඳේ විතරයි මෙම රසායනිකය නිපද වෙන්නේ. සෑම ගසම කැපුවාට වැඩක් නෑ. (අ)

:       0       0

දිලිප් Monday, 21 April 2014 01:31 PM

දැන් ඔය රාජ සන්තක කළ දේවල් වලට මොනාද වෙන්නේ. (ස)

:       0       0

මුදිත Monday, 21 April 2014 11:14 PM

මෙම ශාඛය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න "සදාහරිත.කොම් " වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.(නදී)

:       0       0

ධම්ම Monday, 21 April 2014 01:40 PM

රුපියල් තුන් කෝටි අසු හතර ලක්ෂයක් කියන්නේ මහා පරිමාණ ව්‍යාපෘතියක් නිම කළ හැකි මුදලක්. මේ මුදල් වටිනාකම නාමික අගයක් පමණයි නේද? (ස)

:       0       0

නිලන්ති Monday, 21 April 2014 02:37 PM

හොඳ වැඩේ. අපේ රටේ තිබෙන වටිනා ශාක විනාශ කරනවට. (ස)

:       0       0

ලංකාතිලක Monday, 21 April 2014 02:05 PM

මොවුන් අපේ රටේ සාරය හොරෙන් ගෙන යනවා. අපට කිසි වාසියක් ඔවුන්ගෙන් නැහැ. ඉන්දියන් සහ පකිස්ථානුවන් සියයට 95ක් පමණ සංචාරක විසා ලබා ආවත් ඔවුන් සංචාරකයන් නොවේ. (ස)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 22 April 2014 01:28 AM

දෙස පාලුවන්ට හොද අදායම් මාර්ගයක් වේවි (ස)

:       0       0

සරත් Monday, 21 April 2014 04:22 PM

අත් අඩංගුවට ගත් ඒවා විනාශ කරනවා ද (අ)

:       0       0

නිලන්ති Monday, 21 April 2014 04:23 PM

අපේ රේගුවේ මහත්වරුන්ට ජය වේවා!!! තවත් මෙවැනි දේවල් කිරීමට ඔවුන් ශක්තිය ලැබේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site