රුපියල් තුන් කෝටි අසු හතර ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙකුට හා ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කළ රේගුව එම වල්ලා පට්ටා තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.ජී ලලිත් ආන්නද මහතා විසින් සිදු කළේය.
කිලෝග්‍රෑම් 48 ක් බර වල්ලා පට්ටා තොගයක් ගමන් මලු තුනක බහා ඉන්දියාවේ චෙන්නායි වෙත ගෙනයාමට උත්සහ කරද්දී ඊයේ(20) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මින් එක් ඉන්දීය ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 15 ක්ද, ශ්‍රී ලාංකිකයාට රුපියල් ලක්ෂ 5 ක් බැගින් දඩ ගැසු බවත් අනෙක් ඉන්දීය ජාතිකයාව දඩ නොගසා මුදා හැරිය බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී ප්‍රියන්ත සපරමාදු මහතා සහ වසන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ රේගුවේ නිලධාරීන් ඉතා දක්ෂයි. ඔවුන් ගැන ආඩම්බරයි. නමුත් රාජ සන්තක වන හොර බඩු වලට පසුව මොකද වෙන්නේ ??? (ස)
නියමයි තව දඩ ගහන්න ඕනේ කරන විනාශයට (අ)
ඇයි ඉන්දියා ජාතිකයට දඩ ගැසුවේ නැත්තේ (අ)
කරුණාකර අපිට කියන්න වල්ලා පට්ටා මොනවටද පාවිච්චි කරන්නේ කියලා. විදේශයක සිට අසමි. (ස)
වල්ලපට්ට, නිම නොකළ රන් ආභරණ වැනි වංචනික ලෙස අපනයනය තහනම් භාණ්ඩ නිරන්තරයෙන් ගුවන් තොටුපොලේදී අසුවෙද්දීත් එකම මාර්ගයෙන්ම මෙහෙම ගෙනයන්නේ ඇයි? බයක් සැකක් නැතුව මෙසේ කරන්නේ දඩ ගෙවන්ටත් මුදල් අත තබාගෙන බව පෙනෙනවා නේද.? අහු නොවී යන්ටත් පුළුවන් බව වෙනත් විදිහකින් ඔප්පු වෙනවා නේද.? (නදී)
වල්ලපට්ට ගහ පිළිබදව ජනතාව දැනුම්වත් කළා නම් මේ ශාඛය විනාශ වෙන්නේ නෑ (අ)
දැන් ලංකාවේ තියෙන්නේ වල්ලපට්ට, කිඹුල් හූනෝ ආර්ථිකයක්. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. (ස)
චමී ...ඔයාගේ අදහස් ගැන දුකයි (අ)
අල්විස් මහතා වෙත.. වල්ලපට්ටා යනු ලංකාවට පමණක් ආවේනික ශාකයකි, මෙම ශාඛයේ හටගන්නා රෙසිනයක් මගින් මිල අධික සුවද විලවුන්, ඇතුළු සුවද කාරක නිපදවනු ලබයි, එම රෙසිනය සෑම ශඛයකම ස්වභාවිකව හට ගන්නේ නැත, දිලීර ආසාදනයක් මගින් එය ඇති වේ, එය කෘතිමවද ඇති කළ හැක. මෙම වටිනා ශාඛය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන වගා කරවීමට බලධාරීන් පියවර නොගත හොත් මෙම වටිනා ශාඛය තවත් වසර කීපයකින්ම ලංකාවෙන් තුරන් වනු ඇත. (අ)
වල්ලපට්ට ගන්නෙ මධ්‍යසාර රහිත සුවඳ විලවුන් නිපදවීමට. රොගී වු ගස්වල කඳේ විතරයි මෙම රසායනිකය නිපද වෙන්නේ. සෑම ගසම කැපුවාට වැඩක් නෑ. (අ)
දැන් ඔය රාජ සන්තක කළ දේවල් වලට මොනාද වෙන්නේ. (ස)
මෙම ශාඛය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න "සදාහරිත.කොම් " වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.(නදී)
රුපියල් තුන් කෝටි අසු හතර ලක්ෂයක් කියන්නේ මහා පරිමාණ ව්‍යාපෘතියක් නිම කළ හැකි මුදලක්. මේ මුදල් වටිනාකම නාමික අගයක් පමණයි නේද? (ස)
හොඳ වැඩේ. අපේ රටේ තිබෙන වටිනා ශාක විනාශ කරනවට. (ස)
මොවුන් අපේ රටේ සාරය හොරෙන් ගෙන යනවා. අපට කිසි වාසියක් ඔවුන්ගෙන් නැහැ. ඉන්දියන් සහ පකිස්ථානුවන් සියයට 95ක් පමණ සංචාරක විසා ලබා ආවත් ඔවුන් සංචාරකයන් නොවේ. (ස)
දෙස පාලුවන්ට හොද අදායම් මාර්ගයක් වේවි (ස)
අත් අඩංගුවට ගත් ඒවා විනාශ කරනවා ද (අ)
අපේ රේගුවේ මහත්වරුන්ට ජය වේවා!!! තවත් මෙවැනි දේවල් කිරීමට ඔවුන් ශක්තිය ලැබේවා. (ස)