ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර ඇතිකරගැනීමට යන බව කියන ද්විපාර්ශවික වෙළද ගිවිසුම් වලින් මෙරට රැකියා වල නියැළීමට රැකියා විරහිත ඉන්දියා ජාතිකයින්ට අවස්ථාව ලැබෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි.
එම සංගමය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ආන්දෝලනයට තුඩු දුන් සීපා ගිවිසුම සංශෝධනය කර ඊ.ටී.සී.ඒ ගිවිසුම ලෙස එය යළි එළිදැක්වීමේ සූදානමක් පවතින බවයි.
එම ගිවිසුම ක්‍රියාවට නැංවුනහොත් ශ්‍රීලංකාවේ වෘත්තියවේදී විධායක ශ්‍රේණියේ රැකියා වලට පමණක් නොව සියලු තාක්ෂණික හා වෙනත් සේවා වල රැකියා වල නියැළීමට ඉන්දියා ජාතිකයින්ට අවස්ථාව ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ප්‍රථමයෙන් සිදුවිය යුතුව ඇත්තේ සියලු තාක්ෂණික හා වෙනත් සේවාවන් වල ගුණාත්මක භාවය ඉහළ නංවා අන්තර්ජාතික වෙළදපලේ තරගකළ හැකි තත්ත්වයක් ඇතිකිරීම බව එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්මිණි ,මේ ඔයා දන්නා දෙයක් කතා කරන්න, මීට මාස කිහිපයකට කලින් මෙම ගිවිසුම ගැන වැඩසටහනක් තිබුණ,එකට වෛද්‍යවරුන් ගේ සංගමයෙනුත් ආව, හොයල බලන්න මෙහෙට එන ඉන්දියන් දොස්තරලගේ තරම . (අ) දන්නේ නැති දේවල් වලට කට දාන්න එපා අර කොට්ටෝරුව වගේ
ශ්‍රී වික්‍රම, ඔබට මොළයක් ඇත්නම් ඉන්දියාවත් ලංකාවත් අතර ජන අනුපාත, දුර ප්‍රමාණය, ජීවන තත්ත්ව වෙනස වැනි දේවල් සොයා බලන්න. (නි)
මිලානෝ, දන්නා දෙයක් කියන්න. මේ ගිවිසුම යටතේ ඉන්දියාවෙන් ලංකාවට එනවා වගේම ලංකාවෙනුත් ඉන්දියාවට දොස්තරලාට යන්න පුලුවන් (නි)
නිල්මිණිලා වගේ මේ ලෝකේ දෙයක් නොදැන මේකට පක්ෂව මෝඩකම් කියවන අයට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. (නි)
මේ ගිවිසුමේ වරදක් නැහැ. ලංකාවට කවදාවත් එතැයි හිතන්න බැරි ඇමරිකානු හා යුරෝපීය සමාගම් ඉන්දියාවේ තිබෙනවා.. ලංකාවේ වෘත්තිකයින්ටත් ඒවායේ රක්ෂා ලැබෙනවා මේ ගිවිසුමෙන් පස්සේ (නි)
ගිවිසුමක් දෙපාර්ශයටම සාධාරන ලෙස සිදුවෙනවා නම් කොන්දේසි පිළිපැදීමත් එකවගේම නම්, පාර්ශවයන්ද ශක්තියෙන් සහ කැපවීමෙන් සමාන වියයුතුය. අපේ ජනගහණය මිලියන 22 යි. ඉන්දියාවේ මිලියන 1400 යි. දරිද්‍රතාවය ඉන්දියාවේ 30%ක් වන විට අපේ අය 10% ට අඩුයි. ඉතින් හොඳින්ම තේරුම් ගන්න බැරිද මෙයින් වෙන්නේ අපට අවාසියක්ම බව. ඉන්දියාවෙන් ගන්න දේවලට මුදල් දීලා අවසන්කළා නම් ඉවරයිනේ. රැකියා නම් ගන්න හිතන්න එපා ඉන්දියාවේ. (නි)
නාමල්, දන්නා දෙයක් කියන්න. හොයලා බලන්න රටවල් දෙකේ විරැකියා අනුපාතය. (නි)
පිටිගල මිලානෝ, ශ්‍රී වික්‍රමලට මොළයක් තිබෙනවද මන්දා? කොහොම වුණත් ලංකාවට ඉන්දියන්කාරයෝ එනවට මම නම් විරුද්ධයි. මොකද අපට එහෙ ගොස් කරන්න රැකියා නැහැ. නමුත් ඔවුන් මෙහෙ බත් පැකට් එකටත් රැකියාවට එයි. ඔවුන් මෙහෙ පැමිණිවිට අපේ දරුවන් කොහේ රැකියා කරන්නද? (නි)
ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම අත්සන් කරනවිටත් කිව්වේ විශාල ජනගහණයක් ඇති ඉන්දියාවට අපිට විශාල ලෙස භාණ්ඩ විකිණිය හැකි බවයි. ගිවිසුම්ප්‍රකාරව එය සත්‍ය නමුත් විවිධ ප්‍රාන්ත ආණ්ඩු මඟින් පනවා ඇති ආනයන තහංචි නිසා අපට විශාල අවාසියක් සිදුව ඇත. හැකිනම් මෙයද අහෝසි කළයුතුය. (නි)
වහාම මේක නවත්වන්න. දැනටත් ඉන්දියන්කාරයෝ ඇවිල්ලා මෙහෙ කරන වැඩ දන්නේ අපි. (නි)
ඔය ගිවිසුම ඇතත් නැතත් දැනට ලංකාවේ හෝටල්වල ඉන්න අයිති කාරයොත් සේවකයෝත් බොහොමයක් ඉන්දියානුවන්. (අ)
ඉන්දියන් මිනිස්සු ගැන දන්නේ පිටරට ඉන්න අපි. නමුත් ලංකාවේ අයට හින්දි සින්දු, ත්‍රීරෝද වලට වඩා දෙයක් නැහැ. මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න එපා. (නි)
කලින් පිරිසක් ගෙන්වාගෙන කරගත්තු මෝඩකම නිසා තවම විඳවනවා. ආයේ ඉන්දියන් දෙමළ අය ගෙන්වලා ප්‍රශ්න වැඩි කරන්නද හදන්නේ (බ)
ඉන්දියාවෙන් මෙහෙ ඇවිල්ල රස්සාවල් කරලා අපචාරත් බෝ කරයි. ඒත් අපේ අයට ඉන්දියාවට ගිහිල්ල යහතින් රස්සාවක් කරලා එන්න ඉන්දියානුවෝ ඉඩ දෙයි කියල සිතීමත් ලොකු විහිළුවක්. ප්‍රායෝගිකව මෙය අසාර්ථකයි. අපිට අවාසියි. (ස)
ඔය ගිවිසුම අත්සන් කලොත් ඉන්දියානුවෝ වැල නොකැඩි ඒවි රැකියාවල් ඉල්ල ගෙන මෙහෙ අයටත් දෙන්න නැති එකේ (ම)
අපේ දේශපාලුවෝ කරපු තරමක් කළේ ඔල මොට්ටල වැඩ...අන්තිමට කෑවෝ...කෑවෝ ..කියලා කෑගහනවා.ඔය " සීපා " ගිවිසුම ක්‍රියාත්මක කළොත් ...ඉන්දියාවේ ඉන්න බාබර්ලත් රුපියලට කොන්ඩේ කපන්න ලංකාවට එ්වි..අපේ අයට රැකියා අහිමිවෙනවා...මුළු රටම මහා අවුලක් වේවි...රනිල්ට මොකක්ද තියන උවමනාව මේ ඉන්දියන්කාරයෝ අපේ රටට ගෙනෙන්න.දැන් පෙනෙනවානේ හිටපු තක්කඩි ටික අර වරාය නගරයක් ද මොකක්ද හදන්න ගිහින් කරගෙන තියෙන ප්‍රශ්නය...(බ)
මෙම ගිවිසුම මගින් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට අනිවාර්යෙන්ම පත්වෙනවා. ඉන්දියාවේ එක ප්‍රාන්තයක කාර්යාල කාර්ය සහයක තනතුර සදහා උපාධීධාරීන් 13,000 සහ පස්චාත් උපාධිධාරීන් 300 අයදුම් කර ඇත. ඉන්දියාවේ සිටින රැකියා විරහිත ජනතාව වේතනයක් නොමැතිව කෑම වේල වෙනුවෙන් පවා සේවය කිරීමට කැමතිය එරට එසේ තිබියදී ඉන්දීය ජාතිකයන්ට ලංකාවේ රැකියා අවස්ථා ලබාදුනහොත් ශ්‍රී ලාංකීක ජනතාවට රැකියා අවස්ථා නොමැතිව බඩගින්නේ මැරෙන්න වෙන්නේ. අනෙක ඉන්දීය ජාතිකයන් ලංකාවේ රැකියා කරන්නට පැමිණි විට මරණය තෙක් මෙහිම රැකියාව කරති. අනිවාර්යෙන්ම පුරවැසි භාවය දෙන්න වෙනවා. (ම)
මමත් මේ ගිවිසුමට කැමති නැහැ (නි)
අවසානයට ලංකාවක් නැතිවෙයිද දන්නේ නැහැ (නි)
ඉන්දියාව එක්ක අපිට ගිවිසුම් එපා (නි)
ඉන්දියානුවෝ ගැන දන්නා කිසිවෙක් මේ ගිවිසුමට කැමතිවෙන්නේ නැහැ (නි)
ඉන්දියාවේ උපාධි කඩ වැහිවැහැලා. ඒ නිසා එහෙ ගොඩක් අයට වැඩ බැරිවුණත් ඉහළින් සමත් උපාධි තිබෙනවා. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු ගානක් බැටකාලා වයස ගිහින් උපාධියක් අරගෙන ඇවිල්ලා අර මිනිස්සු එක්ක රැකියා වලට තරඟ කරන්න අමාරුයි. අත්දැකීමෙන් කියන්නේ. (නි)
ප්‍රියන්ත, ඔයා කිවුව කතාව සහතික ඇත්ත. (නි)
පිටිගල මිලානෝ, ඔබගේ අදහස් සියල්ලම සත්‍යයයි. ඉන්දියානුවන් ලංකාවට එනවාට මම නම් සම්පුර්ණයෙන්ම විරුද්ධයි. (නි)
ප්‍රියන්ත,ඔබ හරි. ඉන්දියානුවන් ගැන දන්නේ පිටරටවල ඉන්න අපිනේ. (නි)
මැදපෙරදිග ඉන්න ඉන්දියන් ජාතිකයන් සල්ලි හම්බ කරගෙන ඉන්දියාවේ ඉන්න දරුවන්ට සල්ලි වියදම් කරලා උගන්වලා ඉංජිනේරුවන්,දොස්තරලා කරලා මැදපෙරදිගට එවනවා. ඔවුන්ගෙන් බෙහෙත් ගත් අයට දෙවියන්ගේම පිහිටයි. (නි)
ඉන්දියානුවන් ලංකාවට එනවා කියන්නේ රටටම දෙවියන්ගේම පිහිටයි. (නි)
මම සෞදි හිටපු 1993දී විතර අපි පඩි වැඩිකරන්න වැඩවර්ජනයක් කරන්න හැදුවා. ඒ වෙලාවේ ඔවුන් කිව්වා වර්ජනයක් කළොත් ඔක්කොම අස්කරලා ඉන්දියාවෙන් ගේනවා කියලා (නි)
මෙහෙම දේවල් දිගින් දිගටම කරන්න ගියොත් වැඩිදවසක් මෙහෙම යන්න ලැබෙන එකක් නැහැ කියලා හිතෙනවා (නි)
ජේ .වී පෙ විතරයි එකම විකල්පය(රේ)
ඉන්දියාවෙන් වතුවල වැඩට ගෙනාව කට්ටිය දැන් මොකද කරන්නේ? තව ටික කාලයක් යනකොට තේ වතු ටික ඉවරයි. ඉන්න කට්ටියට නිවාසම හදල...ලෝකය පුරාවටම ඉන්දියාවේ මිනිස්සු ලොකු බරක් වෙලා තියෙන්නේ...මෙහෙත් කියන්නේ මලබා කියල...පාරවල් වල කෙල ගහගෙන දුන්කල හපහප ඉන්නේ කෑම පිඟානට හරි වැඩනම් කරාවි.. එත් ටික කාලයයි...ලංකාවේ රැකියා නැති කොපමණ පිරිසක් ඉන්නවද ? දැනටමත් කොළඹ වැසිකිලියකටවත් යන්න බෑ....ජරාව පාරවල් පුරා. (ස)
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙතෙක් කලක් ඉන්දියාව අපි එක්ක ගහපු කිසිම ගිවිසුමකින් අපිට යහපතක් වුණේ නැති නිසා මේකෙන්ද වෙන්නේ ඒ ප්‍රතිඵලයම විතරයි. (නි)
එහෙම කොහොමද කියන්නේ, මේවා මේ ආණ්ඩුව ඉන්දියාවට පොරොන්දු වුණ දේවල්, දැන් ඒවා වෙනස් කරන්ට බෑ. (අ)
පිටිගල මිලානෝ කියන දේ අදාළ අයට තේරුනොත් හොඳයි. (නි)
එපාර ඉන්දියන් වෛදයවරුන් ඒවි කියල බය වෙලාද ? කොහොමත් ඔබ තුමාල කරන්නේ පුද්ගලික වෛද්‍ය පීඨ එපා, සම සෞඛ්‍ය වසර 4 උපාධිය එපා, ඖෂධ නාමෙන් බෙහෙත් ලියන්න කියන්න එපා වගේ ඔක්කොම එපා කියන එකමනේ. ඕනේ කියල කිව්වොත් දෙයක් ඒ ඉතින් පුද්ගලික රෝහල් වල චැනල් සේවේ තමයි. නිවේදනයේ වක්‍රව කියවෙන්නෙත් ඉතින් සියලු තාක්ෂණික සේවා සහ වෙනත් සේවා වල ගුණාත්මක බව ඉහල නැහැ කියන එකනේ. ඒක නම් රජෙ හෝ පුද්ගලික ඉස්පිරිතාලෙකට ගියාම හොදට බලාගන්න පුළුවන්. (අ)
අලුත් පරම්පරාවක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. දැන් ඒකට කාලය හරි (නි)
කොහොමත් ඉදිරියට ඔක්කොම කණපිට තමයි .... (ම)
පිටිගල මිලානෝ, ඔබට ඇති මොළය අනෙක් අය තුළ නැති එක ගැන කණගාටුයි. පුළුවන් නම් පාර්ලිමේන්තුවට යන්න බලන්න. (නි)
ඉන්දියන් හින්දු චිත්රපටයක් බැලුවම අපේ මෝඩයෝ හිතනවා ඇති ඉන්දියාවේ ය හරිම සුන්දර ජිවිතයක් ගත කරන්නේ.අනේ ඉතින් අපේ රටට අවහම මොකද වෙන්නේ කියල.ඉන්දියන් ජාතිකයන් කියන්නේ කිසිම චාරයක් තියෙන ජාතියක් නෙමෙයි.ආව කියන්නේ අපේ රට "නැතිබන්ගස්තාම" වෙනවා කියන එකයි.(ස)
මේ ගිවිසුම ක්‍රියාත්මක කර ඉතා කෙටි කලකින් අන්තිම ලාංකිකයාද නැතිවී යනු ඇති බව මගේ හැඟීමයි. ඉන්දියානුවන් මෙහි පැමිණ මිශ්‍ර විවාහ කරගෙන මෙහිම පදිංචි වනු ඇත. ඔවුන්ගේ දරුවන් ලාංකික නොවන ඔවුන්ට උරුම ඉන්දියන් භාෂා කතාකරන බැවින් එම භාෂා මුල් කරගෙන ඔවුන්ගේ පාසල්ද බොහෝ බිහිවනු ඇත. කොටින්ම කියතොත් අපේ දේශීය ආදායමෙන් ඉන්දියානුවන් යැපෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත (නි)
මගේ ෆ්ලැට් එකට නවාතැන් පුරප්පාඩු වෙනකොට දැන්වීමක් දාලා ඒ අඩුව පුරවාගන්නවා. ඒ දැන්වීම දාන්නේ "විධායක තනතුරක් කරන" කියන කොටසත් එක්කයි. ඒ චාරයක්,පිරිසිදුකමක්,හැදියාවක් ... බලාපොරොත්තුවෙන්. අද වෙනතුරු එහෙම කෙනෙක් නම් ඉන්දියානුවන්ගෙන් මට හමුවෙලා නැහැ. (නි)
තවත් නම් ගිවිසුම් එපා. පාලම් එපා. අපේ දරුවන්ට ඉදිරියටත් අපේ රටේ නිදහසේ ජීවත්වෙන්න ඉඩතියන්න. (නි)
පිටිගල-මිලානෝ එතකොට ඉතාලියේත් ලංකාවෙන් ගිය අය මිශ්‍ර විවාහ කරගෙන ඉතාලි ජාතිය විනාශ වෙලාද? (අ)