IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්ජිනේරුවරියක වීමට සිහින දකින 'මියසි'

 

20160502Miyasi-1

මියසි සන්දීපනි කියන්නේ පුංචි තිරයට නවක රංගන ශිල්පිනියෙකි. මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් හරහා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ඇයගේ සිහිනය නිරූපණයෙන් හෝ රංගනයෙන් ඉදිරියට යාමට නොවේ. වෘත්තීමය වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරියක වීමට සිහින දකින ඇයගේ වැඩකටයුතු පිළිබඳව සාරවිට අපත් සමග එක්කාසු වූ මොහොතකි මේ.

 

20160502Miyasi-2කොහොමද ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

මම ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ FB එකේ මගේ ඡායාරූප දැකලයි. ඉන් පස්සෙ කතා  කරලා ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගිහිල්ලා ඊට පස්සෙ මාව වැඩේට තෝරාගෙන තමයි කටයුතු කළේ. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මම මුලින්ම වැඩ කළෙ මියුසික් වීඩියෝවකයි. දැනට මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු එකහමාරක කාලයක් වෙනවා. ඇත්තටම කිව්වොත් මම වෘත්තීය වශයෙන් ක්ෂේත්‍රයෙ නියැළෙන්නේ නැහැ. මම උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට තේරී පත්වුණත් ගියෙ නැහැ. නමුත් දැනට Business Management and Human Resource උපාධියක් කරන ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ ඉස්සරහට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න සිහිනයක් තියෙනවා. ඒකනිසා වෘත්තීය වශයෙන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් ලෙස වෘත්තීයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. නිරූපණයේ සහ රංගනයේ යෙදෙන්නේ විනෝදාංශයක් වශයෙන්."

 

දායක වූ වැඩකටයුතු පිළිබඳව පැවසුවොත්?

ක්ෂේත්‍රයේ වැඩ කටයුතු බොහොමයක් සඳහා දායක වෙලා තියෙනවා. ටෙලිනාට්‍ය සඳහා අලුතින් තමා දායක වුණේ. ඒ සඳහා දැනට මාස දෙකක විතර වෙනවා. දැනට මම රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙනවා. තව තුනක රූගත කිරීම් යනවා. ඒවගේ මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා.

 

එම ටෙලිනාට්‍ය ගැන සඳහන් කළොත්?

හිරු ටීවී විකාශනය වන 'වස්සානේ ප්‍රේමය', ස්වර්ණවාහිනියේ විකාශනය වන 'සමනලුන් පියාඹයි' කියන නාට්‍යය දෙකයි. මේ නාට්‍ය දෙක සඳහා දැනට දායක වෙලා තියෙන්නේ. තව නාට්‍ය තුනක් එන්න තියෙනවා.

 

ක්ෂේත්‍රය පිළිබඳව යම් කිසි හැදෑරීමක් තියෙනවාද?

මම ඇත්තටම ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ මහේන්ද්‍ර පෙරේරාගේ පන්ති සඳහා දායක වුණා. මේ පිළිබඳව යම් කිසි හැදෑරීමක් කරලා තමයි ක්ෂේත්‍රයට පැමිණියේ.

 

ඒ කියන්නේ ක්ෂේත්‍රයට එන්න යම්කිසි හැදෑරීමක් කරන්න ඕනේ කියන එකද?

මේ පිළිබඳව හැදෑරීමක් කරලා ආවොතින් වඩාත් හොඳයි කියලා හිතෙනවා. එතකොට මේ ක්ෂේත්‍රය පිළිබඳව යම්කිසි දැනුමක් තියෙනවානේ. නමුත් හැදෑරිමක් නැතුව ආවා කියලත් කිසිදු ප්‍රශ්නයක් නම් ඇති වෙන්නේ නැහැ.

 

නවක තරුණියන්ට මේ ක්ෂේත්‍රයට උචිතද?

ඔව්, මේ ක්ෂේත්‍රය තුළ කිසිදු වරදක් නැහැ. අපි දැනගන්න ඕනා හරියට ඉන්න. අපේ හැසිරීම අනුව තමයි මේදේ හොඳ හෝ නරක වෙන්නේ. අපි හොඳට වැඩකළොත් හොඳට ඉන්න පුළුවන්. නරකට හිටියොත් හොඳක් වෙන්නේ නැහැ. මට මේ ක්ෂේත්‍රය පිළිබඳව කිසිම වරදක් දකින්න ලැබෙන්නේ නැහැ.

 

සහයෝගය දැක්වූ අය ගැන කතාකළොත්?

මම බොහෝමත්ම ස්තූති කරන්නේ මගේ පවුලේ කට්ටියට. මගේ හැම වැඩකටයුත්තක් සඳහාම යන්න එන්නේ මගේ තාත්තා හරි මගේ අයියා හරි. ඒවගේම මගේ අම්මා, අක්කා මේ හැමෝගෙන්ම ගොඩක් සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා ලංකාවේ නැහැ. නමුත් එහෙම නැහැ කියලා මට දැනෙන්නෙ නැහැ. ඒ තරමටම එයාගෙන් ලැබෙන සහයෝගය උපරිමයි. ඒ නිසා මගේ පවුලේ හැමදෙනාටම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - මියසිගේ ෆේස්බුක් ගිණුම



අදහස් (0)

ඉන්ජිනේරුවරියක වීමට සිහින දකින 'මියසි'

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 05:44 AM

ගල් යුග, මැටි යුග, ලෝහ යුග පසුකර, සතුන් හා භව බෝග වගා කිරීමෙන් පසු නිෂ්පාදන අතිරික්තයන් සමග වෙළෙඳපළ ආර්ථික දක්වා පැමිණි ගමනෙහි අප උකහා ගත්තේ වර්ධනය කරගත්තේ, උගෙන ගත්තේ විද්‍යාව හා තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය, සෞන්දර්යාත්මක වින්දනය සඳහා දියුණු කරගත්තේ කලාව හා සාහිත්‍යය පමණක් නොවේ. ඒ සියල්ල වෙනුවෙන් හා ඒ මතින් අපි අපේ ‘සංස්කෘතිය’ ද නිරන්තරව දියුණු කරගත්තෙමු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site