IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉදිරියේදී රෝහල් ආපනශාලා තුළ කඩචෝරු කෑම තහනම් වන ලකුණු

Junk

සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ සෞඛ්‍යාරක්ෂණ සහ බෝනොවන රෝග අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙයිකා අල් අනොවුද් බින්ට් මොහොමඞ් අල්තානි මහත්මිය සහ අනෙක් නිලධාරීන්

 

ජනතාව අතර සෞඛ්‍යාරක්ෂක ආහාර පුරුදු වර්ධනය කරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරන ලද නව ව්‍යාපෘතියකට අනුව ඉදිරියේදී රජයේ රෝහල් තුළ පවත්වාගෙන යන අවන්හල්වල කඩචෝරු කෑම (ජන්ක් ෆුඞ්) අලෙවිය තහනම් කිරීමට නියමිතය.


රජයේ රෝහල් තුළ පවත්වාගෙන යන අවන්හල් තුළ සහ වෙළෙඳ යන්ත්‍ර හරහා සෞඛ්‍යාරක්ෂක ආහාර පමණක් අලෙවි කළයුතු බව අනිවාර්ය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍යාංශයේ සෞඛ්‍යාරක්ෂණ සහ බෝනොවන රෝග අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙයිකා අල් අනොවුද් බින්ට් මොහොමඞ් අල්තානි මහත්මිය පසුගියදා පැවැසුවාය.


“රෝහල් අවන්හල් සහ වෙළෙඳ යන්ත්‍ර හරහා සෞඛ්‍යාරක්ෂිත ආහාර පමණක් අලෙවිකිරීම අනිවාර්ය කිරීමට අපි මේ දිනවල කටයුතු කරමින් සිටිනවා” යැයි ඇය පැවැසුවේ ජීසීසී සෞඛ්‍ය දැනුම්වත් කිරීමේ සතිය වෙනුවෙන් පැවැති පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.


“ඒ වගේම රෝහල් අවන්හල් තුළ මොන විදිහේ සෞඛ්‍යාරක්ෂිත ආහාර ද අලෙවි කරන්න ඕනේ කියන කාරණය සම්බන්ධයෙන් අපි පෝෂණවේදීන් සහ ආහාර විශේෂඥයන් සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා” යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.


අමාත්‍යාංශය සෞඛ්‍ය දැනුම්කිරීමේ සතිය වෙනුවෙන් හමාඞ් වෛද්‍ය සංස්ථාව, මූලික සෞඛ්‍යාරක්ෂක සංස්ථාව සහ අමර්ස්ක් ඔයිල් ආයතනයේ සහයෝගය ඇතිව “අපි දියවැඩියාව පරදවමු” යන මැයෙන් ව්‍යාපෘති රැසක්ම සංවිධානය කළේය.


කටාර් හි වැඩිහිටි ජනගහණය අතර දියවැඩියාව පැතිරීම වර්තමානයේ දී සියයට 17ක් වන අතර රෝගය මර්දනය කිරීම සඳහා නිසි පියවර නොගන්නේ නම් එය 2045 වසරේදී දෙගුණයක් වන බවද පැවැසේ. කෙසේ වෙතත්, දියවැඩියාව පැතිර යාම පසුගිය වසර පහක කාලය තුළ වර්ධනය වී නොමැති බවත්, දිගින් දිගටම කරන ලද දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලින් ධනාත්මක ප්‍රතිඵල ලැබී ඇති බවත් වෛද්‍ය අල්තානි පවසයි.



අදහස් (0)

ඉදිරියේදී රෝහල් ආපනශාලා තුළ කඩචෝරු කෑම තහනම් වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site