ඩි.ජී.සුගතපාල
ඉදිරි ඡන්දවලදි ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වා දිමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (29) ගාල්ලේදී පැවසිය.
ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් පවත්වන ලද කාටුන් හා චිත්‍ර තරගයේ ජයග්රාහික පාසල් සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතික ප්‍රධානය කිරිම නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේ දී දේශප්‍රිය මහතා මේ බව පැවසීය.
දියුණු රටවල මෙන් ඉදිරියේ ලංකාවේද ඡන්ද මධ්‍යස්ථාන විද්‍යුත් ක්‍රමයට ඡන්දය භාවිතා කළ හැකි ඡන්ද මධ්‍යස්ථාන බවට සැළසුම් කරන බවයි. එයට අමතරව 2019 වසරේ සිට සෑම වසරකම ජනවාරි 31 ප්රචණ්ඩත්වය පිටු දැකීමේ දිනය ලෙස නම්කර සියලුම පාසල්වල එම දිනය සැමරිමට කටයුතු කරන බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලින යෝජනාවක්. අපිට වඩා සාක්ෂරතාවයෙන් පිටුපස සිටින ඉන්දියාව පවා විද්‍යුත් ඡන්ද ක්‍රමය භාවිතා කරනවා. රටේ ජනගහනයෙන් සියයට දහයක් පමණ වන විදේශගත පුරවැසියන්ටත් ඡන්දය භාවිතා කිරීමට නොපමාව අවස්ථාව ලබා දෙන්න. විද්‍යුත් ඡන්ද ක්‍රමය එයට උපකාරයක් වේවි.
ඉතාම හොදයි, හැබැයි ඔය ව්‍යාපෘතියෙන් තොරතුරු තන්ක්ෂණ ආයතනය (ICTA) නැතුව කරන්න. මොකද එයාලට දුන්නොත් එහෙම දැන් තියෙන තත්වේ වත් නැති වැඩකට නැති ක්‍රමයක් හදුන්වල දෙන්නේ කෝටි ගානකට.
ඕක දැන්මම කරන්න එපා . දැන් රට අවුලක තියෙන්නේ. අවුල ලිහල හරියට අත් හදා බලල කල යුතු වැඩක්. තාක්ෂණය පිළිබඳ හොඳ අවබෝදයක් ඇති අය සමග ලොකු පරීක්ෂණයක් කරලා කල යුතු දෙයක් .
කාලින යෝජනාවක්
ඡන්දේ දීලා කරන පිස්සුවලට තවත් වියදම් මොනවටද? මොන ක්‍රමයට දැම්මත් අපි ඡන්දේ දෙන්න ඕනේ වැඩි ලංසුවට. නිකම් නම් බැහැ. ඔං කිවා.
ඔව් එතකොට කොම්පියුටර් ජිල්මාර්ට් දාන්නත් අැහැකිනේ
ගිය සෙනසුරාදා මම ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ඡන්දේ දෙන්න ගියා. ලෝකයේ ඉතාම දියුණු රටක් වන ඕස්ට්‍රේලියාවේ ඡන්දය පවත්වන්නේ ඉතාම "නවීන" ආකාරයටයි. ඡන්ද දායකයා ඡන්ද පොලට ගිහිල්ලා පෝලිමේ ඉඳලා ඡන්ද නිලධාරියෙකු ලඟට යන්න ලැබුනාම, තමාගේ නම ඒ නිලධාරියාට කියනවා. බයිබලේ වගේ ලොකු පොතක, ඒ ප්‍රාන්තයේ සියලුම ඡන්ද දායකයින්ගේ නම් අතරින් තමාගේ නම හොයා ගත්තාම නැවත වරක් ලිපිනයත් බලලා නම ස්ථිර කරගෙන, පැන්සලකින් ඒ නම කපලා දානවා. මීට පෙර මැතිවරණ වලදී නම්, කුඩා කෝදුවක් තබා මුළු නම දිගටම ඉරක් ගසා , නම සම්පුර්ණයෙන්ම කැපූ නමුත් මෙවර නම ඉදිරියෙන් අඟල් බාගයක පමණ ඉරක් පමණක් ගැසීමට තාක්ෂනය දියුණු වී තිබුනා. ඊට පසු ඡන්ද කොළ දෙක (ලෝවර් හවුස් සහ අපර් හවුස්) මත පැන්සලකින් ඉරක් ( I ) සලකුණු කරලා ඊට අදාළ පෙට්ටි වලට දානවා . තාක්ෂනය කොච්චර දියුණුද කියනවානම් සමහර ආසන වල 'සම්පුර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය' නිකුත් කරන්න වෙන්නේ ලබන වසරේ කියලා අද මට ගුවන් විදුලියේ කියනවා ඇහුනා. විද්‍යුත් ඡන්ද ක්‍රමයක් ගැන කිසිම කතිකාවක් වත් තාම නම් ඔස්ට්‍රේලියාවේ නැහැ . ඒ අතින් ලංකාව කොච්චර ඉදිරියෙන්ද ??
අනේ එහෙම කොරන්න එපා. අපේ පැත්තට වැඩකට ගතයුතු පුද්ගලයක් ඉදිරිපත් නොවුනොත් මම කරන්නේ ලොකු බෝලයක් ඇඳ එන එකයි. විද්‍යුත් ක්‍රම ආවොත් කොහොමද එහෙම කොරන්නේ. ඡන්දය නොදා ඉන්නත් බැහැ හොර ඡන්ද දානවනේ.
"දියුණු රටවල මෙන් ඉදිරියේ ලංකාවේද" මොනාද මේ කතා ?? කොහේ තියන දියුණුවක්ද? අපි...... සිරි ලංකාව එදත් අදත් දියුණු වෙමින් පවතින රටකි , දන්නේ නැද්ද ?
මේ විද්‍යුත් ක්‍රමය මේ ජනාධිපති පිළිගනීවිද? එකත් ජනාධිපතිගෙන් අහගත්තානං හොඳයි. නැත්නං ප්‍රතිඵල නිකුත් කළ පසු කියාවි නම කියමින් ඡන්ද ප්‍රකාශ කරන්නයි කියලා.
පත් වුණු මන්ත්‍රී විකිණුනාම, ඒ ගාන සමානව ඡන්දය දුන්නු ඡන්ද දායකයන් අතරේ බෙදී යන ක්‍රමයක් හදන්න ඕනෑ කරනවා. එතකොට ගෙම්බෝ පනිනකොට දුප්පත් අහිංසක ඡන්ද දායකයින්ට හොඳයි. එ්ත් දේශපාලකයෝ නම් විරුද්ධ වේවි!!! ඒ අය තනියමනේ ඔක්කොම කන්නේ...
කීවොත් ගොන් කතාවක් තමයි. වරිගයේ හැටිද කොහෙද?
රවීන්ගෙ කථාව හරි අල්ලස හෝ දූෂණ කටයුතු වැරදිනම් සියලු දෙනාටම එය වැරදිවෙන්න ඕන.
මීළඟ මැතිවරණයට අඩුම තරමේ උපාධියක් නැති අයට ඡන්දය ඉල්ලීම වැලක් විය යුතුයි . දැක්කනේ නුගතුන් පාර්ලිමේන්තුවේ හැසිරිච්ච හැටි.