(අංජුල මහික වීරරත්න)
මෙම වසර අවසන් වීමට ප්‍රථම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හය ඇතුලත මෙම පැකේජය දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලි බිල ඉදිරි මාස දෙක ඇතුලත අඩු කරන අතර ඉන්ධන මිල අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරන බව අමාත්‍යවරයා කීය.
ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙන බවද අඩූ ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එක් පවුලකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ජනතාව ඉල්ලා සිටි බදු සහන ලබා දීමට ද රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක්ට අන්දපල්ලා ජනතාව ලංකාවේ මීහරක් ජනගහනය කොහොමත් වැඩියි..
ඔයාලා අපිව නැත්තටම නැතිකරලා දැන් සහන දෙන්න කතා කරනවා. පට්ට හොරු...
ඉතින් පරණ සෙල්ලම අගින් පටන් ගන්න යන්නේ... ඔයා නිකන් සල්ලි දීලා මිනිස්සුන්ට පස්සේ කියනවා. ණය වුණා කියලා... අනික ඔය දෙන සොච්චම් මුදලෙන් කොහොමද බිස්නස් එක ස්ටාර්ට් කරන්නේ...? ඕකත් කාලාම ඉවර කරනවා...
කාලකණ්ණි, නුඹලා 225 අපිව කෑවා.. 225 ඉන්නකන් අපිට මෙහෙම තමයි. ඇතුලේ කෑගැහුවාට එළියට ආවාම ඔක්කොම හොරු. 225යි, හෙංචයියො ටිකයි නැති කරන්න ඕනේ අපිට ඔලුව උස්සන්න නම්... !
හොරු 225යි, ඔවුන්ගේ හෙංචයියන් ටිකයි අතුගාලා දාන්න ඕනෑ... අපිට සහන ලැබෙනවා නම්...
කන්න දීලා ඡන්ද ගන්නද හදන්නේ...? මේ සැරේ මිනිස්සු දන්නවා නුඹලා සහන දෙන්නේ මිනිසුන්ගෙන් මාටියා ගහපු සල්ලිවලින් කියලා. ඒ හින්දා මේ සැරේ ඒවා නෑ...
කාලකණ්ණි එකතුවෙලා රට කෑවා...