(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් නොකොට චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩකඩ පවතින බව කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන සහ ධීවර අමාත්‍ය පී. හැරිසන් මහතා අද (27) කැකිරාවේදී පැවසීය.
කැකිරාව ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයෙකු වීම සඳහා අවශ්‍ය පුද්ගලයකුට සුදුසුකම් මොනවාදැයි මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් විමසීමක් කිරීමේදී අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරයෙකු වීම සඳහා ඇති එකම සුදුසුකම ජනතා කැමැත්ත බවයි. එපමණක් ජනපතිවරයකුට ප්‍රමාණවත් දැයි නැවතත් මාධ්‍යවේදීහු ප්‍රශ්න කරන්නට වූහ. ඔහු කියා සිටියේ සමාජ, ආර්ථික මෙන්ම ජාත්‍යන්තර සබඳකම් ආදී දැනුමෙන් පිරිපුන් පුද්ගලයකු වූවකු ජනාධිපති අපේක්ෂකත්වය දැරීමට සුදුසු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීම් ලඟදීම තම පක්ෂයේ සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත්, එතෙක් විවිධ අය තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යෑම පලක් නොවන බව හෙතෙම සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ විපක්ෂයේ කණ්ඩායම පසුගියදා සුළු පක්ෂ සමග අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී එම රූපරාමු සියුම් ලෙස බැලීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය නොලැබෙන බවත් චමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමට එහි කටයුතු සිදුවෙන බවක් පෙනී යන බවද ඔහු කීවේය.
විදේශ රට වලින් අපද්‍රවය ගෙන්වීම පිටුපස එජාප කිසිවකු නැති බව ද කිවේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කල් තියාම දැනගෙන හිටියා "මල්ලි පෙන්නලා අයියා දෙන්න තමයි හදන්නේ" කියල මහත්තයෝ.
අනේ හැරී ගොයියෝ "අනිත් පට්ටියේ ගොනා" ගැන හොය හොයා ඉන්නවට වඩා " තමන්ගෙ පට්ටියේ ඉන්න අය " ගැන කතාකරන්නකෝ.. එක එකාගේ රෙදි හෝද හෝද ඉන්නේ නැතිව. අනික තමුන් ආවේ මහජන සේවයටද රෙදි අපුල්ලන්නද? මොවුන් අපේ සල්ලිවලින් තුන් වේල තාමත් ගිල දමනවනේ..
ඔබේ කටේ මට රත්තරන් දාන්න හිතෙනවා
හැරී අයියාගේ විෂය පතය වෙනස්වෙලා නොවේද..// අදමයි දන්නේ හැරී ගොයියා රෙදි අපුල්ලන බවට..// බැරි නැහැ නොවේද සෝදන්නට අපේ කඩමලුත්..// ඇහුවේ රතු හැට්ට කාරයෝ ඒවා ගලවමින්..//
ලැජ්ජයි හැරියෝ කිරනාවිට අනුන්ගේ සිනි..// බැරිවේද කිරුමට තමන්ගේ හකුරු ගොඩ..// වක්කඩේ හංගල තිබුනද ඒ හකුරු ගොඩ../// දුවපන් ඇළ පහලට හමුවෙන තුරු ඒ හකුරු ගොඩ..//
අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගන්නවකෝ. කොළඹ ආවට ගමේ ගතිය ගිහිල්ලා නැහැ.
පිටිසර ගම්වලින් කොළඹ ආපු අය ඒ ගති ගෙනෙනවා අපි වගේ අයගෙන් බැනුම් අහලා තමයි හැදෙන්නේ. තාම මොවුන් දන්නේ නැහැ එවුන්ගෙන් එන්නේ කවුද කියලා. හලෝ තුරුම්පු ආසියා ඉන්නේ අපේ ගාව...
අනේ මොකෝ මේ හාදයා අනුන්ගේ කුණු හෝදන්නේ.. මෙයාලගේ අපේක්ෂ්කයා ගැන බයද...?
එජාපයේ කචල් ගැන හොයන්නේ නැතිව අනුන්ගේ දේවල් හොයනවා.
පවතින රජය ගැන ජනප්රසාදය අවම මට්ටමේ...
අනුන්ගේ කේන්දරේ බලනකල් තමුන්ගේ කේන්දරේ බල ගත්තනම් නේද හොද? අනුන්ගේ දේවල් හොයන එක මහා පහත් වැඩක්.
රටේ දැන් තියෙන ලොකුම ප්රශ්නය මෙයිද? පාස්කු ප්‍රහාරේ අමතක කරන්නද බහුබූත කියන්නේ...... අර කෝච්චියට පනින්න යන අම්මලා ළමයි ගැන හොයන්නේ නැතිද?