(ඩයනා උදයංගනී)
මෙවර ජනාධිපතිවරණයේ දී රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එය ප්රජාතන්ත්රවාදය තහවුරු වූ රටක මූලික ලක්ෂණයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සාධාරණ හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැපවන ලෙස තමන් ආරක්ෂක සහ පොලිසිය විෂය භාර අමාත්‍යවරයා ලෙස එම අංශවලට උපදෙස් දී තිබෙන බව කී ජනාධිපතිවරයා මෙවර මැතිවරණය ඓතිහාසික මැතිවරණයක් බවට පත්වන්නේ තමාගේ එම මධ්‍යස්ථ ප්‍රතිපත්තිය හේතුවෙන් බව ද කියාසිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද (15) පැවති උත්සවයක් අමතමිනි.
විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගැයීමට ලක් කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසර 4/12 දී නිර්පාක්ෂිකව සිටිය යුතු වුවත් එසේ නොසිටි ඔබ ජනාධිපතිවරණයේ දී පමණක් නිර්පාක්ෂික වූයේ මන්ද? අද මැතිවරණ කොමිසම ස්වාධීනය, පොලිසිය ස්වාධීනය, අදිකරණය ස්වාධීනය... එමනිසා මැතිවරණයද නිදහසේ පැවැත්විය.
ඔබතුමාගේ පාලන කාලය හොඳයි... පරිසරයට, මත්කුඩුවලට ගෙනගිය ප්‍රතිපත්තිය හොඳයි.
2015ත් ඉතින් එතරම් නරකම නෑනේ.
ඔව් ඔබතුමා අපට 2014දී දුන් පොරොන්දු සියල්ලම ඉෂ්ඨකරානේ... රට දැන් ස්වයංපෝෂිත වෙලා..
කරපු දේවල්වලට රනිල් ගාවට යන්නත් බැහැ. දීපු ලණුවලට මහින්ද ගාවටත් බැහැ. වෙන මොනවා කරන්නද?
නිකම් බොරු කියන්නේ නැතිව ඉන්න. ඔබ යටතේ තියෙන රූපවාහිනිය මොනතරම් පක්ෂග්රාහී වැඩ කටයුතු කළේ. දැන් ඡන්ද කොමසාරිස්වරයා කියනවා ප්‍රධාන නාලිකා දෙකට විරුද්ධව නඩු දානවා කියලා. ඒ විතරක් නොවෙයි නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කරන්නත් ඒ අයට දෙන්නේ නැතිලු. ඉල්ලන් කෑවා නේද...? ඔබ යන්න. මදි නොකියන්න ලැබුණනේ. ආයේ එන්න එපා. ඔබ වගේම ඇලවෙන නැවෙන පතෝල වගාවක් අර මන්දිරය පිටිපස්සේ වවාගෙන උදේ සවස ආහාරයට ගන්න...
අද මැතිවරණ රාජකාරිවල යෙදී හිටපු නිලධාරීන් විශාල සංඛ්‍යාවකට ආහාර විෂ වෙලා. පොලිසිය බාරව ඉන්න ඔබතුමා මොනවද කලේ?
කියපු හරිය නම් කියලා වැඩක් නැහැ..
එතකොට තමුන්නැහැලා පත්වූ 2015 අසාධාරණද?
ආ ඇත්තද? අන්න හොර ඡන්ද පත්‍රිකා අහුවෙලා. මාත් දැක්කේ පත්තරෙන්...
මේ දවස් ටිකේවත් කට වහගෙන ඉන්නවද? අපිව කාලකන්නි කරන්නේ නැතුව.. මිලියන 800ක් ගෙදර නම් හැමදාම ඉන්න දෙන්නේ නෑ... ඒක මතක තියාගන්න.
අසූචි වලේ ජරාව කන අයගෙන් ප්‍රකාශ මොකටද?
දූෂිත පවුල් පාලනේ කාලෙට වැඩිය ටිකක් හොඳයි. දැන් ඉන්න ලොක්කට කලින් හිටපු ලොක්කට වගේ කිසිම ආතතියක් තියෙන බවක් පේන්න නැහැනේ...
එතකොට ඔබතුමා බලයට පත්වූ පසුගිය ජනාධිපති මැතිවරණය පැවැත්වුනේ අසාධාරණ අන්දමකටද?
එතකොට මෙයා දින්නේ සාධාරණ මැතිවරණයකින් නෙමෙයිද?
රාජ්‍ය දේපළ මංකොල්ලකෑමෙන් හරි මැතිවරණයකට වැඩියෙන් වියදම් කළොත් එම පක්ෂය ජය ලබයි. මංකොල්ලකරුවන්ට දඬුවම් නැති රටක මොන සාධාරණ මැතිවරණද? ඕනෑම අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි නිෂ්චිත මුදල් ප්‍රමාණයක් තීරණය නොකර සාධාරණ මැතිවරණ ගැන කතා කිරීම ඇත්තටම විහිළුවකි.
දෙපැත්තම කෑවා...
නිර්පාක්ෂික වන්නේ කොහොමද? ඔබතුමා SLFP සභාපතිනේ. කොහොමත් ඔබතුම නම් දිනුවා. මොකද කොළඹ 7න් කෝටි 80 ක ගෙයක් ලැබුණානේ. සදාකාලයටම ඉන්න. නිර්පාක්ෂික වෙන්නේ දිනපු පැත්තට හේත්තු වෙන්නත් පුළුවන් නිසා නේද?
ඔබ ඔබටම ලකුණු ගන්න හොඳේ...