ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවරදි 24 වැනිදා උදෑසන පැවැත්වෙන උත්ඝෝෂණය සදහා ඉතාලියේ නොයෙක් නගර නියෝජනය කරමින් බස් රථ 42 කින් ශ්‍රි ලාංකිකයෝ එහි යෑමට සුදානමින් සිටිති.
සංවිධායකයින් පවසුයේ තවත් බොහෝ පිරිසක් රට වෙනුවෙන් මේ උද්ඝෝණයට සහභාගි විම සදහා ජිනිවා නුවරට යෑමට සිටියත් බස් රථ සදහා ප්‍රතිපාදන නොමැති කමින් අකමැත්තෙන් හෝ ඔවුන් රැගෙන යාමට නොහැකි වී ඇති බවයි.
මිලානෝ නගරයෙන් බස් රථ 20ක් ,රෝමයෙන් 7ක් ,වෙරෝනා නගරයෙන් 5ක් ,නාපොලි නගරයෙන් 3ක් ,මෝදනා නගරයෙන් 2ක්, පාදෝවා, ෆිරෙන්සි, බොලොඥ්ඥා, මොන්සා,කෝමෝ නගරවලින් බසය බැගින් ජිනිවා නුවර වෙත යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ මිලනෝ, ඒත් ලංකාදීපෙන් දකිනකල් ඔය කියන සෙල්ලන් දන්නේ නැහැනේ. දියුනු රටකට ඇවිත් පරන පව් පස්සේ දුවනවා.(නදී)
ගියාට මොකද රටේ නම කැත කරන්න එපා සහෝදරවරුනි.(නදී)
ක්‍රිෂාන්ත ඔබ තුමාගේ කතාව එතරම් හොද නැත. අපේ මව් බිම වෙනුවෙන් කරන සැම හොද දෙයක්ම අපි අගේ කලයුතුයි.(නදී)
නන්දන ඔය විදිහට කියල තියෙන්නේ , එහෙනම් අපේ රට රැකපු සෙබළු සේරමත් කැම්පස් ගිහින්ද අපට රට රැකල දුන්නේ ,ලාංකිකයෝ විදිහට දැන්වත් හිතන්න.(නදී)
ගෝ ශ්‍රී ලංකා ගෝ, සැමට අපේ සුබ පැතුම්.(නදී)
විචාර බුද්ධියක් ඇති නන්දන පනාගොඩ වගේ මිනිසුන් තව තවත් බිහිවේවා! අපේ මිනිසුන්ට එහෙම එකක් තිබුනා නම් මේ වගේ දේවල් එච්චර දුර දිග නොයන්න ඉඩ තිබුනා! අපේ රටට ලොකුම හානිය සිද්ධ වෙන්නේ `බොරු ජාති ආල` සෝඩා බෝතල් කාරයින්ගෙන්.(නදී)
ඔන්න මිනිස්සු .ලංකාව ගැන කැක්කුමක් තියනවා .ජයෙන් ජය වේවා... (ත)
මාර්තු 18 9.00 ට ඉතාලි රායි ස්ටෝරියා රුපවාහිනී වැඩ සටහනින් අපේ ලංකාව සහ පාලනය හෙළා දකින වැඩ සටහනක් විකාශනය වුණා. බොරු වැඩ නොකර ඒක ගැන සොයා බලන්න.
අපේ රටට වින කරන අයට විරුද්දව සියලු ශ්‍රී ලාංකිකයෝ ඒකරාශි වෙන්න ඕනෑ. මේ වෙලාවේ මගේ සුබ පැතුම් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට. (ත)
ඔය යෝජනාවේ රතුපස්වල වගේ සිද්දි ගැනත් තියන බව මතක තිය ගන්න. (නදී)
මේ අයට පිස්සු නේද? (නදී)
ඔය ජිනීවා වල සිදුවෙන්නේ මොනවද කියල හරියට දැනුමක් ඇතිවද ඔය කට්ටිය යන්නේ .මතක තියාගන්න රටට විරුද්දව ජිනීවා වල කිසිවක් සිදුවෙන්නේ නැහැ. පාලකයින් ජාත්‍යන්තරයට දීපු පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිවයි එතන කටයුතු සිදු වෙන්නේ. රටට එරෙහිව නම් ,රට වෙනුවෙන් ආරක්ෂක අංශ වල හිටපු අය හැටියට අපිත් යනවා.(නදී)
කිසිම තේරුමක් නැති වැඩක් , තවත් අපේ රට ගැන මහා රටවල් කලකිරෙන වැඩ මේවා. (නදී)
ඔය නිකන් නේ බස් වලින් අරන් යන්නේ. ගිහින් ජිනිවා බලල එන්ඩ.(නදී)
මම සුභ පතනවා ඉතාලියේ ඉන්න අපේ මව් බිමේ අයට .(නදී)
ඔය බස් වලට සල්ලි ආවේ කොහෙන්ද කියල හැමෝම දන්නවා.(ත)
මම නම් මේ දේවල් අනුමත කරන්නේ නැහැ. (අ)
මේ ජිනීවා යන්න හදන පිරිස පත්තරයක් වත් කියවන්නේ නැද්ද? මොකටද යන්නේ? මොනාද වෙලා තියෙන්නේ? අපේ රටට කියල තියෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් මානව හිමිකම් උල්ලංගනය වීම ගැන පරීක්ෂණ පවත්වන්න කියාය. ඉතින් අයි අපි මේකට විරුද්ධ වන්නේ? (ත)
ලංකාවට වඩා හොදට සංවිධානය කරලා තියෙනවා වගේ (දී)
ඇත්තටම අපේ උපහාරය (දී)
මගේ සුබපැතුම්, ඔබ සැමට ජයවේවා ! (නදී)
තවත් බස් 3ක් විතර උතුරු ඉතාලියේ ව්‍යාපාරික එකමුතුවෙන් අරන් දෙනවා. මදි උන බස් වෙනුවෙන් මහා ලොකුවට කෑගහන අර සංගමයේ කට්ටිය එක බස් එකක්වත් අරන් දුන්නද. ඒ අය නිකන්නේ ජිනිව යන්නේ. අනේ මේ අය සටන් පවතින කාලේ කොහෙද හිටියේ. ලොරෙතෝ වල අපි එල්ටිටි එකත් එක්ක ගහගද්දී මේ අය අපිට දොස් කිව්වා රටම කනවා කියලා.(නදී)
කැමට,බිමට බස් වලට ලංකාවෙන් සල්ලි. කට්ටිය පොඩි ජොලියක් දානවා වගේ.(නදී)
බස් වලට මුදල් ගෙවන්නේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්. ඒ කියන්නේ ඒ මුදල් ශ්‍රී ලංකාවේ මහජන මුදල්. අන්තිමට මත් වතුර සහ බත් පැකට් එකක් වෙයිද? (නදී)