හැත්තෑව දශකය ආරම්භයත් සමග ඉතාලියට ශ්‍රී ලාංකිකයෝ එන්නට වුහ.
එසේ මුල් අවදියේ කිසිදු හව් හරණක් නොමැතිව ඉතාලියට පැමිණි ඇතැම් ලාංකිකයින් ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉහලටම පැමිණ සිටිති.
තම ස්වෝත්සාහයෙන් ව්‍යාපාර කරගෙන යන සමාජ හිතකාමී ලාංකික ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් මිලානෝ අගෝස්තිනෝ සිටිති.
විදියේ වෙළදසැල් කිහිපයක හිමිකරුවකු වන කිට්චිල් තුවාන් නසීර් වසර 20කට පෙර හම්බන්තොට සිට ඉතාලියට පැමිණියේය.
මම ප්‍රථමයෙන් ඉතාලියට ඇවිත් කාපට් කඩේක වැඩ කළා. ඉන් පස්සේ ඇමරිකානු සමාගමකට අයත් ආයතනයක සේවය කළා.
නිව්යෝර්ක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවු අල් කයිඩා ප්‍රහාරයත් සමග ඔවුන් නැවත සිය රටට ගියා.
මම එතන අවංකවම සේවය කරපු නිසා ඔවුන් නවත ඇමරිකාවට යන්න ප්‍රථම මගෙන් ඇහැව්වා ඔබට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑද. මම එක පයින් කැමති වුණා. ඒ අනුව බැංකු ණයක් ගන්න එම සමාගම මට උදව් කළා. මම ප්‍රථමයෙන් පටන් ගත්ත ෆුඩ් ලෑන්ඩ් තමයි මේ තියෙන්නේ. තවත් විදි දෙකක ෆුඩ් ලෑන්ඩ් දෙකක් දැම්මා. මස් වර්ග ප්‍රධාන කරගත් කඩයක් තියෙනවා. මගේ ළඟ සිංහල අය දහ දෙනෙක් විතර වැඩ කරනවා. මම ඔවුන්ගේ පඩි සල්ලි වෙලාවට ගෙවනවා.
මම නිතරම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් එංගලන්තයට යනවා. එහෙදි මම දැක්ක දෙයක් තමයි ව්‍යාපාර එකමුතුව. මෙහෙදී මම ඒක දකින්නේ නැහැ. හොඳ ව්‍යාපාරිකයන් ටික එකතු වුනොත් අපිට ලංකාවේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න පුළුවන්.
මෙහෙදී මම බෝහෝ පරිස්සම් වෙන්නේ දෙශපාලන පක්ෂ ශාකා සමිති හදාගත්තු අයගෙන්. ඒ අය ගාවට වැඩිය ළංවෙන්න මම ටිකක් බයයි. මොකද එහෙම ළං වෙච්ච ව්‍යාපාරිකයකු නැත්තටම නැති වුණා.
පාතාල කප්පන් ගැනීම් පිළිබදව එසැණ කළ විමසුමට තුවාන් මහතා මෙසේ පැවසිය. මටත් ඔය තර්ජන තිබුණා.
සමහර වෙලාවට එන්නේ ඉල්ලීම් විදියට . මම සත පහක් දුන්නේ නැහැ. ඉතාලි පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු මම හොදට අඳුනනවා. මම දුක් මහන්සියෙන් සාධාරණව උපයන දේ තවත් කෙනෙකුට නිකං දෙන්නේ මොකටද?
තුවාන් මහතාගෙන් සමුගත් අප තවත් එවැනිම ව්‍යාපාරික සොයා ගියෙමු. පානදුරේ සුනිල් මැල්කම් සිල්වා මහතාට අයත් විශාල ‘ලකී සෙවන්‘ ආපන ශාලාවට අප ගොඩවන විටත් සිය ගණනක් ඉතාලි ජාතිකයෝද
ශ්‍රී ලාංකික ආහාර වල රස බලමින් සිටියහ. යුරෝපිය ඇදුමින් සැරසුණු සුනිල් මහතා තම කාර්ය මණ්ඩලය සමගින් ඉතා වෙහෙසකර කාර්යක නිරතවෙමින් සිටියද එසැණ සමග කතා බහට එක් විය.
මම ඉතාලියට ඇවිත් අවුරුදු 29යි. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 12දෙනෙක් ඉන්නවා. ඉතාලියට ආපු මට තමයි පවුලේ බර දරන්න සිද්ධ වුණේ.
මම ලංකාවෙන් එනකොට මැහුම් පිළිබඳව හොද දැනීමක් තිබුණා. ඒ පිළිබඳව මම ඉතාලියෙදිත් පස්සේ එංගලන්තයට ගිහිනුත් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා.
මට ඕනෑ වුයේ මෙහෙ අපේ අය කරන සාම්ප්‍රදායික රැකියා රටාවෙන් මිදි වෙනත් දෙයක් කරන්නයි. බොහෝම දුක් මහන්සියෙන් උපයපු මුදල් ටිකක් එකතු කර මම මේ ආපන ශාලාවේම කොටසක පුංචියට වෙළද සලක් දැම්මා. බතික් වගේ අපෙ රටේ දේ තමයි එතන තිබුණේ. පස්සේ මේ ආයතනය කරන්න බැහැ කියල ඉතාලි අය මේක අතහැර දාන්න හැදුවා.
මම මේ ආයතනය මිලදී ගෙන වැඩි දියුණු කළා. අබලන් තැන් මම හොදට හැදුවා. දැන් මේ ආයතනයේ ලොකු ආපන ශාලාවට අමතරව උත්සව ශාලා දෙකක් තියෙනවා. ඉස්සර ලොකු ලාබයක් තිබුණා.
දැන් හරිම අමාරුවෙන් යන්නේ. මට තරග කරන්න වෙලා තියෙන්නේ චීන ආපන ශාලා හිමිකරුවන් සමගයි. 2011දි මම මේ ආයතනය පවත්වාගෙන යන්න පඩි නඩි ගෙවන්න යුරෝ එක්ලක්ෂ අනුදහසක් ලංකාවෙන් ගෙනාවා.2012දි අසු පන්දහසක් ගෙනාවා. මම කොළඹ තට්ටු හයක බිල්ඩිමක් හැදුවා රිය ගාලක්. එයින් මට මාසිකව රුපියල් ලක්ෂ දොළහක් එනවා. ඒ මුදලින් කොටසක් මෙහාට ගෙනැල්ලා තමයි දැන් මේ ආයතනය පවත්වාගෙන යන්නේ. කොහොම හරි ආර්ථිකය යතා තත්වයට ගෙන්න ඕනෑ. මම බොහෝ දෙනාට උදව් කර තියෙනවා.
තුන්සියයකට ආසන්න පිරිසක් ඉතාලියට ගෙනැවිත් තියෙනවා. අනන්ත අප්‍රමාණ රැකියා සොයා දීලා තියෙනවා. මගෙන් උදව් ගත්තු සමහර අපේ අය තමන්ගේ දු දරුවන්ගේ උපන්දින සාද වගේ දේවල් ගන්නේ වෙනත් ජාතීන්ට අයත් ආපන ශාලාවල. පසුගිය වසර කිහිපයේ හැම අවුරුද්දකටම ඇස් කණ්නාඩි 20000ක් ලංකාවට ගෙනිහින් නොමිලේ බෙදුවා. නමුත් දැන් මම එක නැවැත්තුවා.
මොකද රේගු නිලධාරීන්ගෙන් හරි කරදර වුණා. ඉතාලියේ මුල්ම පන්සල හදන්න මුල් වුණෙත් මම. යුරෝපයේ පළවැනි වෙසක් තොරණ ඉදි කිරීමට සම්පුර්ණ මුදල් දුන්නේ මම. මල් ආසන බුදු කුටිය මගේ මුදලින් තමයි නිම වුණේ. තුන් දහසකට හාර දහසකට දෙන දන්සල මගේ දායකත්වය කොතෙක්ද කියලා ඒ පන්සලේ හිටපු අය දන්නවා. ඇතිවුණු කලකිරීම මතම මම ඒ සියලු දෙයින් දුරස් වුණා. මොන බාධා ආවත් මගේ ව්‍යාපාර කටයුතු මම ඉදිරියට ගෙනියනවා.
විශේෂ ස්තුතිය, චින්තන චන්දන කුමාර මහතාට.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැණික් නම් කොහේ තිබුනත් දිදුලනවා. සැමට ජය! (නදී)
ඔබ දැඩි කලකිරීමෙන් කථා කරන බව පේනවා. ඔබගේ ධෛර්යය නිසා මේ තත්වයට ආවා පිණට දහමට හිත තියනවා. ඒත් ඇයි කමපා වෙලා අශ්ඨ ලොක ධර්මයත් හොදින් තේරුමි ගන්න. උපේක්ෂාවෙන් සියල්ල දෙස බලන්න. ධර්මයත් හොදින් අවබෝධ කර ගන්න.(නදී)
මිලානෝ වල සිංහල ව්‍යාපාරිකයින් ගැන කතා කරන විට 'සෙරන්ඩිබ්' ශ්‍රී ලංකික ආපන ශාලාව හිමි රංග පෙරේරා මහතා ගැන කතා නොකරම බැරිය. මිලානෝ ශ්‍රී ලංකික ප්‍රජාව වෙනුවෙන් එදා සිටම විශාල සේවයක් කරන කෙනෙකි ඔහු. පන්සල් කීපයකම දන්සල් වලට පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ට ඔහු තම ආපන ශාලාවෙන් නොමසුරුව ආහාර පාන පූජා කර ඇත. මිලානෝ වල පන්සල් වල සෑම කටයුත්තකදීම ඔහු විශාල ලෙස මුදල් පරිත්‍යාග කරන, තම ආත්මාර්ථය පසෙකලා පරාර්ථයම සලකා ක්‍රියා කරන ආදර්ශමත් සමාජ සේවකයෙකි. (නදී)
ශේනික් මිලානෝ, ඔයා දවල් හීන දැකලද? ද්‍රවිඩ ආපන ශාලාවක් හිමි හින්දු භක්තික කුමාර් මහතා ඔය ඔබ කියන කෙනාට වඩා පන්සල් වලට ආධාර කර තිබෙනවා. ඔබ කියන කෙනා විශාල ව්‍යාපාරිකයෙක් තමයි නමුත් පන්සලකට තියා ලංකාවේ කිසිම කටයුත්තකට සහබාගි නොවන කෙනෙක්. නිකන් බොරු ලියන්න එපා. (නදී)
සීතා අක්කා, 'උපාසක…සක…රා බෝතල් දෙක…දෙක' කියා හෝ 'උපාසක බළලුන් මීයන් දෙන්න දෙන්න අල්ලන' කතාව අසා තිබෙනවාද? ඔබ නම් මේ කුමන ගණයට වැටෙනවාදැයි මම නොදනිමි. (නදී)
ශේනික්, ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක් බව ඇත්තකි. නමුත් ඔබ ලියා ඇති දේ සමග මම එකඟ නැත.(නදී)
ලිපිය පටන් ගන්නේ සල්ලි කාරයෝ විදියට් හැබැයි ඉවර කරන්නේ ලංකාවේ සල්ලි වලත් නැතිකරන විදියට,ලංකාවෙන් සල්ලි පිටට යනව, මේ සල්ලි කාරයෝද එතකොට? (අ)
සියලු පින් අතේ වැඩ වලින් ඉවත් වන්නේ මොකටද? පිනට දීලා මොකුත් බලාපොරොත්තු නොවේ නම් හරිනේ.(නදී)
තරහාගන්න කාරි නැහැ මෙහෙම කිව්වට. පරණ විත්‍රපටියක් වගේ.(නදී)
මෙහි අදහස් පළකර තිබෙන ව්‍යාපාරික මහතුන් දෙපලටම සුබ පතනවා මම තව තවත් ඉදිරියට යන්න කියලා. ඔබගේ උත්සාහයට හා අවංක කැප කිරීම අගය කරන්න ඕනා. ඔබට අද යමක් ලැබෙන්නේ ඔබේ හිත පිනට බර නිසයි. ඔබේ ආරම්භය පුංචියට දුෂ්කරව පටන් ගත් නිසයි මේ තරම් දුරක් එන්න ලැබුනේ. අපේ සමාජයේ බොහොමයක් දෙනෙක් කලගුණ අමතක කරනවා. ඒක නිසා පසුතැවෙන්න යන්න එපා. ඔබ කල හොද ඔබ පසු පසින් එනවා. ධර්මානුකුලව හිතන්න.(නදී)
මමත් දන්නා කිහිප දෙනෙක් ඉන්නවා ඉතාලි රට නිසා ජිවත් වෙන (දී)
මිලානෝ වල ප්‍රථම පන්සල ආරම්භ කලේ 'පිටිගල මිලානෝ' මහතාගේ ඥාති සහෝදරයෙක් වන ලන්ඩනයේ වැඩ සිටින ගරුතර 'සුමනසිරි' හාමුදුරුවොයි. ඉතාලියේ ප්‍රථම පන්සලද මෙයයි. මිලානෝහි ප්‍රථම සිංහල කඩය රන්ජිත් පිටිගල අයියා ආරම්භ කර අපට තවත් අඩු පන්සලක් යයි කියා ඔහුගේ වියදමින් තම ඥාති හිමි නම ලන්ඩනයේ සිට වැඩම කරනු ලැබුවා. ඉන්පසු ඔහු සිංහල ආපන ශාලාවක් ද ආරම්භ කළා. (දී)
සුනිල් මහතාට වැරදීමක් වෙලා. ඉතාලියේ පලවෙනි බෞද්ධ පන්සල ගොඩ නැගුවේ රෝමයේ 1996 දී.(නදී)
ඉතාලියේ පුරවැසි කම ගන්නේ කොහොමද කියලා දන්නා කවුරුහරි කෙනෙක් කියන්නකෝ (දී)
සුනිල් මහතා ගැන මමත් දන්නවා. පසුගිය නොවැම්බර් මස අපි මිලානෝ වල ආදාර කටයුත්තක් වෙනුවෙන් සංවිදානය කල සංගීත ප්‍රසංගයටත් සුනිල් මහතා අපිට උදව් කලා. මේ දෙපලටම මම සුබ පතනවා.(නදී)
සුනිල් මැල්කම් මහතා මිලානෝ වලට ආඩම්බරයක්. නසීර් මහතා මිලානෝ වලට හොද ශක්තියක්. දෙන්නටම පින්.(නදී)
පිටිගල මිලානෝ කෝ දැන්? ඔහුගේ කට කවුරු හරි වැහුවාද? (නදී)
අපි කොයි තරම් උපකාර කලත් බලාගෙන ඉන්නේ වැටෙන වෙලාව සහ වට්ටන ක්‍රම සුනිල් ඔබට වගේම කාටත් ඔයටික තමා.(නදී)
ජයවේවා ලංකාවේ මේ අද්දැකීම තියෙන විශාල පිරිසක් ඉන්නවා (දී)
මේ හැම දේකම තාර බර ඇරලා තමයි ගන්න වෙන්නේ. කල කිරීම ඉදිරියට යන අයෙකුගේ ගතියක් නොවෙයි. දැන් දෙන්නේ ආපසු යමක් ලබා ගන්න නොවෙයි. ඔබ දෙදෙනාට ජය! (නදී)
සුබ පතනවා..!! (දී)
මේ කතාව ඇත්ත අපේ ප්‍රදේශයේ ඉන්නවා පවුලක් ඒ කට්ටියට අපේ පැත්තේ කියන්නේ ඉතාලි ගෙදර කියලා (දී)
ඉතාලියේ වෙහෙර විහාර තැනීමට උරදුන් සියලුම ශ්‍රිලාංකිකයින්ට තෙරුවන් සරණයි (දී)
මටත් මිනිසුන්ට උදව් කර එපා වෙලා තියෙන්නේ. ඒත් හිත හදාන උදව් කරනවා හැකි ලෙස. ඒ මිනිසුන්ට සල්ලි නැති නම් වෙන යමක් යැව්වම ඒක ගන්නේ අපිව ඉඹලා. ඉන්පසු සතියකින් කතා කලාම එයාලට ඒකත් කරදරයක් වගේ. අපි ලංකාවේ නැති නිසා එයාල අපිව ගණන් ගන්නේ නැහැ. අවශ්‍යතාවයක් උනොත් සතියකට කලින් ඉඳල පුදුම ලෙන්ගතුකමකින් ආදරෙන් කතා කර වැඩේ කරගෙන ආපසු පරණ තාලෙන්මයි. (නදී)
අවන්කකමට දිගුකාලින ජය තිබෙනවා එය නිසකයි, වන්කකමේ ජය කෙටිකාලිනයි මායාවක් විතර බව අපි වටහාගත යුතුයි (දී)
වසන්ත ඔබගේ අදහස ද්වේශ සහගතයි. සුනිල් අයියා කොල්ලුපිටියේ මෙම අධි සුකොපභෝගී, පොලොව යට ඇති රථ ගාලට පවා විදුලි සෝපාන යොදවා දැනට රුපියල් බිලියනයක් පමණ වටිනා ගොඩනැගිල්ල හැදුවේ ඉතාලියෙන් ලංකාවට යවන ලද මුදල් වලිනුයි. මෙම මුළු ගොඩනැගිල්ලම ඔහු කුලියට දී තිබෙන්නේද විදේශ සමාගම් වලටයි. ඔබ ඊර්ෂ්‍යාවෙන් හෝ මුලාවෙන් තොරව සිතා බලන්න ඔහු ලංකාව තුලට කොපමණ විශාල මුදල් ප්‍රමාණයක් විදේශ වලින් ලබා දෙනවාද කියා. (නදී)
මිනිස්සුන්ගේ පින පලදෙන්න තැනක් නොතැනක් නැහැ (දී)
මට මතකයි පසුගිය අවුරුදු කිහිපය තුල විසා නැතුව ඉතාලියේ ඉන්න මිනිස්සුන්ට පුරවැසි කම දුන්නා (දී)
සලීම්, ඔබට මතකද සුනිල් අයියා ආපන ශාලාව පටන් ගත්ත දිනවල එක්තරා සිංහල බේබදු 'පණ්ඩිතයෝ' ටිකක් එහි ගොස් විශාල හානියක් කර සුනිල් අයියාට සහ ඔහුගේ මස්සිනාටද හොඳටම පහර දී චන්ඩින් වුන හැටි? අද ඒ අය කොතනද? මහා දවල් මත් වීගෙන පර දිගේ ඇවිදිනවා.(නදී)
ප්‍රථම වරට මිලානෝ නගරයේ සිංහල ආපන ශාලාවක් විවෘත කළ එකම සිංහලයා සුනිල් මැල්කම් සිල්වා මහත්මයයි. එය ශ්‍රී ලාංකිකයෙකු හැටියට අපට ආඩම්බරයක්. එතුමාගේ දියුනුවත් සමග අපේ කියා පන්සලක් පිහිටුවා ගැනීමට අවස්ථාව උදාවීය. ප්‍රථම ව බෞද්ධ සංගමයක් පිහිටුවා වැඩ කටයුතු ආරම්ඹ කළේ එම ආපන ශාලාව තුලදී. විහාරස්ථානයකට අවශ්‍ය සියලු දේ ලබාදුන් එතුමා විහාරස්ථානයේ කරඬුව පවා පරිත්‍යාග කළා. එදා ඔබ කළ සේවය සදා අප මතකයේ ඇත. (නදී)
නන්දලාල්, ඔබ සිටින නගරයේ නගර සහාවට හෝ ආසන්නම ප්‍රධාන නගරයේ 'ස්වදේශීය අමාත්‍යංශ පරිපාලන අධිකාරිය' (ප්රිෆෙත්තුරා) කාර්යාලයට ගොස් අවශ්‍ය තොරතුරු සහ අයදුම් පත්‍ර ලබා ගන්න. විවිධ පුද්ගලයින් තම තරාතිරම අනුව විවිධ අවශ්‍යතා සපුරාලිය යුතු බැවින් ඔබට අදාළ විස්තර පමණක් ලබා ගන්න.(නදී)
සිංහල ආපන ශාලාව කියල ලියන කොටම ලියන කෙනා වන සිතා අක්කගේ ගේ ජාතිවාදය පේනවා. ශ්‍රී ලංකා ආපන ශාලාවක් කියල මින් පස්සේ ලීවොත් ඒක තමා සුනිල් මහතාට කරන ලොකුම ගෞරවය.(නදී)
මනුස්සයෙක්ගේ ජිවිතයේ සාර්ථකත්වය තියෙන්නේ ඒ මනුස්සයා විදිනා දුක් මතයි (දී)
සුනිල් නම් හොඳ මනුස්සයෙක් ,පන්සල් පටන් ගන්න ගොඩක් උදව් කරලා තියනවා(දිල්)
කව්රුත් හදුනන නිහඩ මොදෙනා අනුරුද්ධ බණ්ඩාර මහතා පසුගිය කාලයේ අපි වෙනුවෙන් අපි , මොදෙනා ,මිලානෝ සංවිදානය කල සංගීත ප්‍රසංගයටත් අපිට උදව් කලා. සිංහල අපට ආඩම්බරයක් ඔබ. මම සුබ පතනවා.(නදී)