24 වන ඉල් මහා විරු සෑමරුම් කිහිපයක් ඉතාලියේ සුදානම් කොට ඈතෑයි ජනතා විමුක්ති පෙරමුණේ රෝම කමිටුව කියයි.
පසුගිය සතියේ රෝමයේදී විරු සෑමරුම පැවැත්විණි.
නාපොලි ෆිරෙන්සි හා කටානියා නගරවල විරු සෑමරුම් ලබන ඉරිදා පැවැත්විමට නියමිත.
24 වන ඉල් මහා විරු සෑමරුම් කිහිපයක් ඉතාලියේ සුදානම් කොට ඈතෑයි ජනතා විමුක්ති පෙරමුණේ රෝම කමිටුව කියයි.
පසුගිය සතියේ රෝමයේදී විරු සෑමරුම පැවැත්විණි.
නාපොලි ෆිරෙන්සි හා කටානියා නගරවල විරු සෑමරුම් ලබන ඉරිදා පැවැත්විමට නියමිත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දන්නේ නැති නිසි අහන්නේ .2000 මැතිවරණයේදී මහා ඉහලින් මනාප දී ජේ වී පි පාර්ලිමේන්තුවට ඇරියේ 1989 පෙරද පසුවද . අනේ අම්මෝ යලි උපදින්න නම් හේතු වාසනා වන්න එපෝඔඔඔඔ (ස)
ඉතාලිය නම් නැතිකරන්න එපා (නි)
තාමත් විලි ලජ්ජා නැහැනේ මේ අයට? (අ)
මෙයාල ටික තමයි අපේ ගමේ ට්‍රාන්ස්ෆොමරයත් කඩලා දැම්මේ. හොඳක් නම් වෙන්න එපා. (අ)
දොරවල් යටින් දාන 'මරණය සඳහන් කල' තුන්ඩු, ගල් කටස්, ගෝනි බිල්ලෝ, රෑට ඇවිල්ල නිරායුධ අහිංසකයන්ට තම දරු පවුල් ඉස්සරහ වෙඩි තියපු හැටි මේ අයට හීනෙන් වත් පෙන්නේ නැද්ද? (නදී).
ජේ.වී.පී සහෝදරයන්ට පේනවනේ ප්‍රතිචාර.හොද ප්‍රතිචාර හම්බවෙලා තියෙනවා. ලැජ්ජාවක් නැහැනේ අයට. (නදී)
ලංකාවේ දේශපාලනයේ යම් තුලිත බවක් ඇත්නම් එහි ගෞරවය හිමිවිය යුත්තේ ජේවීපියටයි. අවුරුදු දාහතක් එක දිගට එකම දිශාවකට රට ඇදගෙන යද්දී දැන් පවතින දිශාවට රට හැරවීමට අනුපාන සකස් කලේ ජේවීපියයි. මේ පවතින රටාව ජනතාවට එපාවෙන විට අනාගතයේ එය වෙනස් කරන්නේද ජේවීපියයි. ඒ නිසා ජේවීපිය අපේ රටට අත්‍යවශ්‍ය දේශපාලන සංවිධානයකි. (ස)
ධම්ම …ඔව් ඔව් …අහිංසක කොල්ලෝ ටිකක් රවටගෙන ආයෙත් පාරක් උත්සාහ කරලා බලන්න. අනාගතේ වෙනස් වෙයි. හැබැයි දැන් කොල්ලෝ නං ඕවට අහු වෙන්නේ නැහැ. (ස)
අද ජ වී පෙ ශක්තිමත් නැතත් ඔවුන් 2004, 2005 දී කල මැදිහත් වීම රටේ අනාගතයට තීරණාත්මක වුණා. අපේ ප්‍රණාමය. (ස)
යොහාන්,,,අර ඒ කාලේ මරපු අහිංසකයෝ ඔයාට මතක නැද්ද? (ස)
මා ජේවීපියට උඩගෙඩි දෙනවා නොවෙයි. මා කිව්වේ නමසිය හැත්තෑ ගණන්වල ඉඳලා මේ රටේ සිදුවුන දේශපාලන වෙනස්වීම් වලට ජේවීපිය බලපෑ හැටියි. මගේ අදහසට ජේවීපියත් එකඟ නොවෙන බව මා දන්නවා. (අ)
ඔබගේ මර්දනය, අපගේ පන්නරය. (නි)
සිරිලක් මවගේ තුරුලේ නිදහසේ ඉන්න...ආ විට දුටිමි හිස්නැති කද තැනින් තැන....ලක්මව් තුරුලේ වැළපුණු මව් පියන් ගැන.. සිත් පිත් ඇති අයට අමතක වෙද කෙලෙස??????????????(ස)
මොනවද මේගොල්ලන් සමරන්න යන්නේ ? කඩ වහලා,අවිනිති ඇදිරි නීති දැම්ම එකද, නැත්නම් අහිංසක මිනුසුන් අමු අමුවේ මරපු එකද?(ස)
ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත් දේශ පාලකයන් මරදමුවා.ජනාදිපති කෙනෙක්, ඇතුළු ඇමති වරු මර දැමුවා.බැංකු මංකොල්ල කැවා.රටේ ඉදිරි ගමනට බාදකරමින්, බලෙන් රටේ බලය අල්ල ගන්න උත්සහ ගත්තා.අහිංසක මහා ජනතාව බිතියට පත් කරමින්,ප්‍රජාතන්ත්‍ර වාදී අයතීන් උදාර ගත්තා.(අ)
මේ, නිකම් තරුණ පරපුර විනාශ කරන්නේ නැතුව හිට්ටියොත් නරකද? ප්‍රයෝජනයක් ඇති වැඩක් කරනවා හලෝ. (නදී)
ඉතාලියේත් රතු කමිස කට්ටිය ඇවිල්ලා. මෝඩකමට බෙහෙත් නැහැ ඉතාලි ආවත් (නි)
ඩේවිඩ් කැමරන්ගේ යුධ අපරාධ චෝදනාවලයි මේ ඉහත දැක්වෙන චෝදනාවලයි ලොකු වෙනසක් නැහැ. ඩේවිඩ් කැමරන් ත්‍රස්තවාදීන්ගේ පැත්තේ මේ අය රජය පැත්තේ. මැදිහත්ව හිතා බලන්න තරම් කාටවත් ඉස්පාසුවක් නැති හැඩයි. (නි)
ඉතාලියෙත් පිස්සෝ ඉන්නවාද (අ)
අද, මහින්ද මහත්තය,ඔතෙන්ට ගේන්න කටයතු කලේ කව්ද කියල අමතක වෙලා හුගක් අයට. ඔය සිංහලයන්ගේ අමතක වීම ගැන ප්‍රභාකරනුත් කිව්වා.(නදී)
මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙන්න ඕනා කියලා. මේ අය නිසා ජනතාවට අවශ්‍ය වු විප්ලවය දියාරු වෙලා ගියා. මේ අයට ඕනෑ වුනේ ජනතවට විප්ලවයක් ගේනාවා කියලා රතු ඇදගෙන උජාරුවට සිටීමයි. මම හිතන්නේ අපේ රටට ගැලපෙන සමාජවාදී විප්ලවයක් තමයි ගේන්න ඕනේ. සීතල රුසියාව එය කළා නම් දොලොස් මහේ ඉර පායන අපේ රටට කරන්න බැරි ඇයි? (නදී)
විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, කීර්ති අබේවික්‍රම, හර්ෂ පණ්ඩිතරත්න ඇතුළු තම රාජකාරියට වාර්තා කල අහිංසක රජයේ සේවකයෝ, බස් රියදුරෝ, කොන්දොස්තර මහත්වරු, 'ගෝනි බිල්ලෝ' ලෙස පැමිණ ඔලුව වනා මරණය ලඟා කර දුන් අහිංසකයෝ, පෝස්ටර් අලවන්න හෝ තම ව්‍යාපාරයට සම්බන්ධ නොවී 'පාවාදෙන්නන්' ලෙස මරුම් කාපු අහිංසක විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ද 'පාන්සකුලයක්' දී හෝ සමරමු. (නදී)
යුද්ධ අපරාධ පරීක්ෂණ වලට දඬුවන් දෙන්න සුදුසුම කට්ටිය තමා මේ 1970 කාලේ හිටිය ජෙප්පෝ ටික. නියම විප්ලවය සීඅයිඒ කාරයින්ට පාවා දීපු මුන් නිසා දැයට සිදුවූ හානිය කිසිදාක ගොඩගත නොහැක. දැන් වීරයෝ වගේ කරපු වැඩ ගැන දෙසනවා. (ස)
මල මිනී මත දේසපාලන පැවැත්ම රදා ගන්න හදන මේ පක්ෂෙට ලංකාවෙ නම් ඉතින් ආයේ ගොඩ ඒමක් නැහැ.මිනී 60/70 දාහක් ගොඩ ගහපු කෝටි ගණනක් වටිනා මහජන දේපල ගිනි තියල විනාස කරපු දෙවතාවක්ම රට විසල නුවරක් කරපු මේ බංකලොත් දෙසපාලනය අද මල මිනියකට අඩන ඇඩිල්ල දැක්කහම අනේ අපොයි කියල හිතෙනවා.. (ස)
ජවිපෙ සැමරුම් ඉතාලියේ හරි ෂෝක්. (නි)
ඇති යන්තම් දැන් මේක ලංකාවේ නැත්තටම නැහැ නේද? (ස)
මෙයාල තමා රටේ තරුණ පරපුර නැති කරලා දැම්මේ.88-89 වසර වල මෙයාල කරපු දේවල් නිසා එවකට අපේ වයසේ සිටි බොහෝ දෙනෙක් තාම දුක් වෙනවා. (ස)
නුවන් .රුසියාව විනාශ වෙයි කියල මම බය උනා. ඒ ලෝකයට ආදරේ නිසා ජේ වී පි විනාශ වෙයි කියලා දුක් උනා රට වෙනුවෙන්. දැන් මම කැමතියි විනාශ වෙනවට මම රට ආදරේ නැති නිසා . නුවන් අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රතිචාර නිවරදි දේ කියල බලන්න පුළුවන් 1970 1977 1994 විශේෂයෙන් 2000 යන මැතිවරණයන්හිදී ප්‍රත්චාරයන් දැක්කුවේ නිවැරදි දිසාවටද . 2000 මැතිවරනේයේදී සැමටම ඉහලින් මනාප ලබා ජේ වී පි මන්ත්‍රීන් පාර්ලිමේන්තු ගියේ 1989 පසුව බව මෙහි ප්‍රත්චාර දක්වන අය දන්නේ නැති උනාට කලබල නොවන්න. ලෝකෙන් උතුම් රටේ උප දින අයගේ හැටි ඔහොම තමයි. (නදී)