ෆිරෙන්සි නුවර පෑවති සංගිත ප්‍රසංගය අතරතුර ශ්‍රි ලාංකික දෙපිරිසක් අතර ඈති වු ගැටුම පිළිබදව ෆිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙනියේ නන්දසිරි හිමියෝ දැඩි කලකිරිමකට පත්ව සිටිති.
ඈත්තෙන්ම මෙම සිදුවිම අපිට(ලංකාවේ) ලොකු කළු පැල්ලමක්. රටකට ඈවිල්ලත් හෑදෙන්න බැරි ජාතියක්. මම මුන්ට කියන්නේ මෙච්චරයි.
උඔලා චණ්ඩින් නම් බොන්නේ නැතිව මෙහේ ( ෆිරෙන්සි) තියෙන ලොකු උද්‍යානයට වරෙල්ලා. ඇවිත් ඇති වෙනකම් ගහ ගනිල්ලා. අපිත් වට වෙලා බලා ඉන්නම්. තුවාල එන එවුන් රොහලට ගෙනියන්නම්. එහෙම නැතිව දුක්විදින මිනිස්සුන්ට නිදහසේ කලා ප්‍රසංගයක් රස විදින්න තියෙන තැනට ඇවිත් මේ අම්බරුවන් කරන විනාසයට මට නම් කියන්න වචන නැහැ.
ලබන පළමු වැනිදා අපේ පංසල මිලට ගැනීම සදහා මා පොලිසියේ ආරාක්ෂාව අරගත්තා. පොලිසියේ මහත්වරු මට කිව්වේ වැරදි කරන ඒකා පෙන්නන්න කියලා විතරයි. මම කියන්නේ වරෙල්ලා ඈවිත් තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නෑතිව ප්‍රසංගය බලපල්ලා.
නෑත්නම් මම ඔක්කොම ටික පොලිසියට කුදලලා දෙනවා. ඉතාලියේ තානාපති බෑනට් කුරේ මහතාගෙන් මෙම ගෑටුම පිලිබදව විමසු විට මෙසේ කීය. ඇත්තෙන්ම මම ලංකාදිප පත්තරෙන් තමයි මේම සිදුවිම දෑක්කේ. මට නම් කියන්න තියෙන්නේ ඔයගෑන කතා නොකර ඉන්න එක හොදයි කියලයි. ‘
ඉතාලියේ ප්‍රසිද්ධ සමාජසේවකයෙකු හා ව්‍යාපාරිකයෙක් වන මොදනා වසන්ත කිර්තිරත්න මහතා මෙසේ කියයි.
‘මම මෙවැනි කලා කලා කටයුතු වලට ගොඩක් උදව් කරන කෙනෙක්.
හෑබෑයි මම එහෙම කරන්නේ බදු වලින් වහන් වෙන්න නෙමෙයි. මෙහේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ගේ සතුට වෙනුවෙන්. නමුත් දෑන් මේ හරක් රෑලක් කරන විකාර වෑඩ නිසා මෙවෑනි දේට මුදල් දෙනවද කියලා දෙපාරක් හිතන්න වෙලා.
පත්තරේ බෑලුවත් ප්‍රවෘත්ති ඈහෑව්වත් දකින්න ලෑබෙනේ අපේ අයගේ වෑරදි. ශ්‍රි ලාංකිකයෙක් කියලා කියන්නත් මට ලෑජ්ජයි. ඒ තරම්ම අප පිරිහිලා. දියුණු රටකටවත් ඈවිත් හෑදෙන්න බෑරි හරකුන් ඉන්න රටක් කොහොමද ආඅසියාවේ ආශ්චාර්ය වෙන්නේ?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතාලි ගිය අය ලංකාවට ආවිට ඉන්නේ එයාලා ඉපදුනේ ලංකාවේ නෙමෙයි වගේ.ලංකාවට ආවිට මහන්සි වෙලා උපයාගත් දේවල් දවස් දෙක තුනකින් නැතිනාස්ති කරලා නැවත යන්නේ ණයකාරයෝ වෙලා (නි)
දැන් නම් මම ඉතාලියේ හිටියා කියලා කියන්නත් ලැජ්ජයි (නි)
අපේ පිටිගල දැන් හොඳ මිනිහෙක් වෙලා. දමන ප්‍රතිචාරත් ටිකත් වැදගත් (නි)
සදමාලි ගුණසේකර,මොකද මේ ජේ.වී.පි. එකට ඇගිල්ල දික්කරන්නේ? මෙතන තිබුනේ සංගීත සංදර්ශනයක් මිසක් දේශපාලන රැස්වීමක් නෙමෙයි. හැම දෙයකටම ජේ.වී.පි.එක ගාවා ගන්න එපා. අදාල නොවන දෙයකට කොහෙවත් තිබෙන පක්ෂයක් පළි නැහැ. (නි)
අනේ හාමුදුරුවනේ ඔය කලබල කරන අයව ඔබවහන්සේගේ පන්සලට ගෙනල්ලා බන ටිකක් කියන්න .සංගීත ප්‍රසංග වලින් වෙන්නේ ගුටි කෙලි තමයි (අ)
අජිත් මහත්තයා, ඔය ප්‍රශ්නය ඇතිවෙන්න හේතුව මොකක්ද? (නි)
ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ භාෂාව ඔයිට වඩා ආගමානකුලව ලිහිල් බසින් පිළිතුරු දුන්නා නං ඔයිට වඩා වටිනවා. මේ ඉතාලිය පුරා සිටින ශ්‍රීලාංකිකයන් වසර 25 කට පෙරත් ඔහොම තමා. ස්වාමින් වහන්ස ධර්මයෙන් පිළිතුරු දෙන්න.(නදී)
ඉන්දු මෙල්බන් ඔබගේ මතයේ තමයි මමත් ඉන්නේ, :නමුත් "මෙතන තියෙන්නේ වෙනත් අරමුණක්" ඒ බව වැටහිලා තමයි ඉතාලියේ ඉන්න බුද්ධි මතුන් සමහර විට නිහඬ වෙලා ඉන්නේ. ඉතාලියේ ඉන්න අමනයින් කිහිප දෙනෙක් නිසා මුළු ඉතාලියේම ජිවත් වන ජනතාවට අපහාස කරනවා. හොරු, කුපාඩි, බේබද්දෝ, මෝඩයෝ වගේම "නරිත්" ලොව විසිරි පැතිරී සිටිනවනේ. ඉඳ හිට හුවක් තිබ්බ යයි කියා ඉතාලියේ ඉන්න ජනතාව කලබල වෙන එකක් නැහැ. හැබැයි මේ උන්මන්තකයින්ට කවදා හෝ මේවායේ බරපතල කම තේරෙයි. එදාට පෙරහැර ගිහින් ඉවරයි. මෙතන අදහස් දමල තියන බහුතරයකට ලංකාවේ ඉපදිලා පිටරටවලට ගොස් සිටිනවා කියල හැඟීමක් නැහැ. තමන් ජිවත් වෙන රටේ ලොකුව හා තමන්ගේ පම්පෝරිය කියා ගන්න දඟලනවා. සිංහල ජාතිය මේ මේ කොහාටද යන්නේ? හදවතට එකඟව කල්පනා කරලා බලන්න (නදී)
හරිම කණගාටුයි. මෙයට සංවිධාන කටයුතු බාර අය වගකිවයුතුයි නේද? (නි)
වෙන්නප්පුවෙ අයද දන්නෙ නැහැ (නි)
ඇත්තටම කියන්න ලැජ්ජයි. මම වැඩකරන්නේ සෞදි අරාබියාවේ. කියන්න කණගාටුයි. අනිත් රටවල අය නිහතමානියි. අපේ අය ගියතැන විනාශයි (නි)
සමහරු පිටරටක ගියත් හැසිරෙන්න දන්නේ නැහැ. රටේ නම්බුව තියාගෙන ජීවත් වෙන්න දන්නේ නැහැ. (නි)
ඉතාලියේ ඉන්නේ හොද වැදගත් ලාංකිකයින් පිරිසක්,ඇවිත් ඉන්න ජේවීපී කාරයෝ තමයි ඉතාලිය කන්නේ (අ)
අපේ තානාපතිතුමා මේ ගැන කෙලින්ම ක්‍රියාත්මක විය යුතුයි. මේ අය හදුනාගෙන ලංකාවේ නීතිය අනුව පියවරක් ගැනීම හොදයි නේද? (නි)
මට තේරිලා තිබුනේ ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ අනෙක් විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට වඩා ලංකාවට ආදරය කරන , ලංකාව වෙනුවෙන් යමක් කරන, රටේ නම තියාගෙන ඉන්න පිරිසක් කියලයි. සුළු පිරිසක් කරන නරක වැඩ නිසා මුළු රටේම නම කැත වෙනවා. කිරි කළේට ගොම බිංදුවක් දැම්මා වගේ. ඇයි මේ ?? (නි)
තිලක් ඩුබායි,ඔයාගේ අදහසෙන්ම පේනවා ඔයා නම් හොද උගතෙක් කියලා. ඔයා ඉතාලියේ රස්සාවල් ගැන දන්නේ ඔය ටික විතරද? තව තියෙනවා ඔයා නොදන්න රස්සාවල් ඉතාලියේ කරන ...... නිකන් හිතට එන අදහස් පල කරලා ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරන එපා. උගත් අය ඉන්න ඩුබායි වලත් ඔය දේ වෙනවා කියලා ඔය ජයා කියන්නේ .... තිලක් ලංකාවෙත් ඔය දේ වෙනවා අනිත් රටවලත් ඔය දේ වෙනවා ඕක උගත් නුගත්කම ප්‍රශ්නයක් නෙමෙයි ....ඒ අයගේ අශිලාචාරකමෙන් ඇති වෙන දෙයක් ....(නදී)
නැවත අදහස් එවන්න ඕන උනා මට. එකක් තමයි කවුද අදහසක් දාල තිබුනා මන් දැක්කා ගැහැණු වෙනුවෙන් රංඩු වෙන්නේ කෙල්ලෝ වෙනුවෙන් නෙවේ කියලා. අපේ ගැහැනුන් ටත් පිරිමින්ටත් පිස්සු කියා මන් හිතනවා. ආදරය කියන දේ, වයස් පරතරෙකින් තොරව ඉබේ ඇති වෙන දෙයක්. යම් ,යම් හේතුන් මතින් නැති වෙන්න පුළුවන් දෙයක් බව දන්නේ නැතිද? අනෙක, ඉතාලියේ ඉන්න, අපේ හැමෝම සිංහල අය දන්නවා ඇති නේ මේ විදිහේ ප්‍රශ්න ඇති වෙන්න හේතුවත් අපේම කට්ටිය දෙන ගිනි ගෙඩි නිසා කියා. ඉතින් එහෙම දැන දැන පස්සේ දන්නේ නැහැ වගේ රංඩු වෙනවා. මේ පිළිබඳව ලැජ්ජයි. අනන් මනං ලියන්නත් එපා අපේම කට්ටිය ගිනි ගෙඩි දීලා කොටවලා.(නදී) පස්සේ උනාට පස්සේ දන්නේ නැහැ වගේ රඟපානවා. ඉතාලියේ ඇත්ත තත්වේ මන් ලිවුවේ. එහෙම නෙවේ කියනවා නම් තනිකර බොරු. ඕවා විතරක් නෙවේ, මෙහෙ කෙනෙක්ට හිතා ගන්න බැරි විදිහේ දේවල් වෙන රටක්. පස්සේ අපේ කට්ටිය බුදු වෙලා වගේ කතා කරන්නේ. මන් බොරු නෙවේ කියන්නේ ඕන කෙනෙක්ට මාත් එක්ක තර්ක කරන්න ඕන නම් මෙන්න මගේ ෆෝන් අන්කේ. මට කතා කරන්න. 00393898390466 මන් කියන්නේ නැහැ මෙතන අදහස් දාපු අයත් එහෙමයි කියලා. නමුත් ඇත්ත තත්වේ ඉතාලියේ මොකද්ද කියලා මෙහෙ ඉන්න හැමෝම දන්නවා. ඉතාලියෙන් කෝල් කරනවා නම් ,3898390466.(නදී)
බුද්දි ,ඔය කෙන්යාව කියන රටේ ලංකාවේ අය ඉතාලියේ වගේම ඉන්නවද? එතකොට ඒ අය කරන රැකියාවන් මොනවගේ ඒවාද?අනේ නොදන්නාකමටයි අහන්නේ (නි)
ලංකාවේ නම මොවුන් කැතකරනවා (නි)
වැදගත් මිනිසුන් වගේම නූගතුන් කොටසකුත් ඉන්නවා (නි)
මෙහෙමත් මිනිසුන්! (නි)
තිලක්, ඔබ ලාංකිකයන්ගේ නුගත්කම විවේචනය කළාට කමක් නැහැ.නමුත් රැකියාවක් ගැන එහෙම කරන්න එපා.ලෝකයේ සමහර අහිංසක මිනිසුන්ට සමහරවිට ජීවිතය ගැටගහගන්න කරන්න පුළුවන් එකම දේ එය වෙන්න පුළුවන්.එය ඔවුන්ට මදිකමක් නෙමෙයි.ඒ දේ කරන්නේ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. (නි)
නුගත් මිනිසුන් කොටසක් නිසා වෙන දේවල් ? (නි)
අනේ මන්දා මේ මිනිස්සු? (නි)
ඉතාලියේ ඉඳලා එංගලන්තයට පැමිණිලා ඉන්න අයත් හැසිරෙන්නේ ඔය ආකාරයට තමා. ඒ අය මේ මානසිකත්වය ඇතිකරගන්නේ ඉතාලියට ආවාට පසුව නෙවෙයි. ලංකාවේ මේ මිනිස්සු හැදිලා තියෙන්නේ ඒ වගේ සමාජයක වෙන්න ඇති. (නි)
ලංකාවේ නම කන්න එපා. (නි)
ඉතාලියෙත් වලි යනවද. ? මෙහෙත් ඔය ටිකම තමා. ඔහේ මොනාටද දන්නේ නැහැ ගහගන්නේ මරාගන්නේ. මෙහෙනම් සංගීත වල වලි යන්නේ ගෑනුන්ට. කීපදෙනෙක් බීගෙන කරන නොහොබිනා වැඩ නිසා අන්තිමට පොලිසි ගිහින් ලංකාවට යන්න තමා වෙන්නේ හිස් අතින්ම. කවදා හැදේවිද මන්දා. (නදී)
සමාවෙන්න හාමුදුරුවනේ, අපිත් ජීවත් වෙන්නේ මේ ෆිරෙන්සේ නගරයේ තමයි (නි)
කට්ටියට මතකද? මිට ටික කලකට කලින් රග්බි මැච් එකකදී විනිසුරුවරයෙකුට පහර දීපු එක ගැන, ඒකටත් අපිනම් කියන්නේ මධාවී කම කියල තමයි. මේ ඉතාලි මැරයෝ ටිකයි ඒ අයයි අතර කිසි වෙනසක් නැහැ. කොහේ හිටියත් ජන්ම ගතිය අරින්න බැහැනේ නේද? ඒවා ගැන ඇහෙද්දී නම් මෙතන සිංහ නාදේ පාන අය බලු කුක්කෝ ටික වගේ නැට්ට බඩයට ගහගෙන දිව එලියට ගෙන හිටියට වචන පිටවෙන්නේ නැතිව ඇති මගේ හිතේ. (නදී)
මොහොමඩ් ෆාරුක්, අනේ ෆාරුක් දන්නා දෙයක් කතා කරන්න. මම ඉතාලියට ඇවිල්ලා අවුරුදු 19 ක් වෙනවා. ඔයා ඔය කියන විදියට බුලත් කකා පාරේ කෙළ ගසන ඉන්දියන් බිඩි බොන අය නම් මෙහෙ අපි දැකලා නැහැ.බුලත් කන්න බුලත් මෙහෙ නැහැ.ඉන්දියන් බිඩිත් මෙහෙ නැහැ.මෙහෙ ලාබෙට හොද සිගරැට් තියෙනවා. ඔයාගේ හිතට එන ඔයා හිතන අදහස් දාන්න එපා.ලියන්න දෙයක් නැත්නම් නොලියා ඉන්න (නි).
ඩුබායි තිලක්, අපි මුකුත් කියන්නේ නෑ.....කියවන්න අමිලගේ අදහස....ඔය කියන්නේ අමිල උගත් රස්සාවල් කරන උගත්තු ඉන්න ඩුබායිවල තත්වය....විදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගහන්න එපා.. චන්දිමා ..ඔයා හරි ..ඔයාගේ අදහසම තමයි මමත් කියන්නේ කොහෙද උගත් කියන තිලක්ට නුගත් අපි කියන දේවල් තේරෙන්නේ නැහැනේ.(නදී)
හාමුදුරුවන්ට දණ නමා වැඳ වැටෙමි. මොකද ඔබවහන්සේ තේරෙන භාෂාවෙන්ම කියලා තියෙනවා (නි)
ගමත් කාලා, රටත් කාලා, ලොවත් කාලා.... (නි)
එතකොට ස්වාමින් වහන්සේලා අයත් වෙන්නේ කුමන ඝණයකටද? මම දන්නේ නැති නිසායි අහන්නේ. (නි)
ලෝකේ කොහෙත් උගත් නුගත් අය ඉන්නවා. ඉතාලියට අපහාස කරනවට මම කැමති නෑ. ලංකාවේ උගත් අය ඕනේ තරම් ඉතාලියේ ඉන්නවා. ප්‍රශ්නේ බේබදු කම තමයි. අප්පෝ මැද පෙරදිග හොද රටවල්ද ?, ඉතාලියට එන්න බැරි උනාම තමයි ඔහොම අපහාස කරන්නේ.(නදී)
ලංකාවෙන් ඉතාලියට යද්දී සුදුසුකම් බලලා ගිය අයට වඩා මුහුදින් ගිය අය වැඩි නිසා වෙන්න ඇති මෙහෙම වෙන්නේ (නි)
ඔය වගේ වැඩ කරන කට්ටියක් මිලානො වලත් හිටියා. ඔවුන්ට නම් හොද පාඩමක් ඉගෙනගන්න ලැබුණා (නි)
අපේ හාමුදුරුවනේ, කතාව නම් මසුරන් (නි)
ඇත්තටම අර කතාවක් තියෙන්නේ බලු වලිගය උණ පුරුකේ දමලාවත් ඇද අරින්න බැහැ කියලා.අපේ මේ ගොඩක් අය ඉතාලි විතරක් නෙමෙයි ලෝකයේ මොන රටෙත් ඔහොමයි.ටික දෙනෙක් කරන මෙවැනි වැඩ නිසා අනිත් හොද අයටත් ලැජ්ජයි. (නි)
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි. මෙවන් දේ කරන අයගේ අත පය ගලවා දැමිය යුතුයි.(නදී)
කණගාටුයි කියනවා හැර වෙන මොනවා කියන්නද? (නි)
මිලානෝ අරයා වගේ දෙන්නකෝ කොන්ත්‍රාත් එකක්. (නදී)
විදේශ කටයුතු අමාත්‍යඅංශයෙන් මෙවැනි දේ ගැන තද බල තීරණ ගත යුතුයි . (නදී)
අපේ හාමුදුරුවන්ගේ කතාව බොහොම හරි (නි)
අපේ අය ගිය තැන ඉවරයි (නි)
මම ඉන්නේ නිව් යෝර්ක්. කියන්න සතුටුයි පසුගිය අවුරුදු 8 කිසිම ප්‍රසංගයක මෙහෙම දේවල් වෙලා නැහැ. ස්තුතියි ලංකාවේ නම කැත කරන්නේ නැතුව ඉන්න එකට අපේ ශ්‍රී ලාංකිකයෝ (නදී)
මේ නිසා ලාංකිකයන්ට විසා දෙන එක නවත්වන්න ඉඩ තියනවා. කව්ද කැමති වෙන්නේ කරදර ගන්න (නදී)
හාමුදරුවෝ නම් මරු.යකාගේ හැටියටලු විමානේ .මේ කතාවත් ආගම් බේදයට අර කට්ටිය ගනීවිද දන්නේ නැ.ප්‍රවේසමෙන්.(නදී)
තිලක් ඩුබය් ඔයා ඩුබායිවල ඔෆිස් එකකද වැඩ කරන්නේ.රස්සාවට නම් ගරහන්න එපා.මට පෙන්නේ ඔයා අවංක මෝඩයෙක්. (අ)
මෙවැනි සිදුවීම් මිනිස්කම නැති මිනිසුන් සිටින සැම තැනකම බහුලයි. එම නිසා හාමුදුරුවනේ ලංකාදීප පත්‍රයට ලියන අදහස මීට වැඩි අවවාදාත්මකව සහ අනුශාසනත්මකව ඉදිරිපත් කලා නම් මීට වඩා සුදුසු යයි සිතමි. (නදී)
කුමාරි, ඔයා හරි. මොනවා කරන්නද ඉතින්? මම ඉතාලි ආවේ 95 දී. එතකොට නම් මේ වගේ තත්ත්වයක් තිබුනේ නැහැ.තමන් දැන ගන්න ඕනෑ යාලුවන්ව හරියටම තෝරාගෙන ආශ්‍රය කරන්න. එතකොට ඔය ප්‍රශ්න හුගාක් ඇති වෙනවා අඩුයි.බොන අය නිසා තමයි ඔය වගේ දේවල් ඉතාලියේ හුගාක්ම ඇති වෙන්නේ (නි)
කතා කරන්න එපා ජේ වී පි කාරයෝ ගැන උන් තමා ගිය තැන ගම කන්නේ . ලංකාවත් කාල පිට රට ගියත් එහෙත් කනවා . කනවා නෙමේ ලෙවකනවා බඩගොස්තරයට (අ)
ශීලාචාරකමට හැසිරෙන්න බැරිද මේ මිනිස්සුන්ට? (නි)
ජයා., ඔබ තිලක්ට දී ඇති අවවාදය ගොඩක් හොදයි...!! (අ)
ජයා."ලෝකයේ සමහර අහිංසක මිනිසුන්ට සමහරවිට ජීවිතය ගැටගහගන්න කරන්න පුළුවන් එකම දේ එය වෙන්න පුළුවන්.එය ඔවුන්ට මදිකමක් නෙමෙයි.ඒ දේ කරන්නේ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්".ජයා මට සමාවෙන්න. (අ)
බෝට්ටු කාරයෝ නිසා ඕස්ට්‍රේලියාවට වෙන්නෙත් ඕකම තමයි ළඟදීම ..(නදී)
නුගත්කමයි, මෝඩකමයි එකට මුසු වෙලා සල්ලිත් ලැබෙන කොට මිනිස්සු පිස්සෝ වෙනවා. රටට වෙලා තියෙන දේ පේන්නේ නැද්ද? (නදී)
සදමාලී ගුණසේකර ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වෙන්නේ දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් මිසක් 5% අදි සුඛෝපභෝගී ජීවිත ගත කරන අය වෙනුවෙන් නොවෙයි. ලගදී කොළඹ තිබුණු අති දැවැන්ත උද්ඝෝෂණය ලංකාවේ කිසිම මාධ්‍යකින් ෆොටෝ සහිතව විස්තර දැමීමෙන් වැළකී සිටියා. ලංකාවේ සත්‍ය දකින්න අද අපිට අන්තර්ජාලයේ සැරිසරන්න සිද්ද වෙලා. ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්නත් මට ලෑජ්ජයි. (නදී)
ඔයා දන්නෙම නැ.ඔයා බබා . (අ)
‘ඉතාලියත් කාලා ’. ඉතාලි එනවද හරි හමන් උගත් කමක් තියෙන කෙනෙක්. සුපර් මාර්කට් සුද්ද කරන්න, කානු සුද්ද කරන්න, අස්පයෝ නාවන්න බල්ලෝ නාවන්න,ගෙවල් සුද්ද කරන්න උගත් කමක් ඕනෑ කරන්නේ නැහැනේ.(නදී)
බුලත් කකා පාරේ කෙල ගසන ඉන්දියන් බීඩි කියන ඒවා සිගරට් වෙනුවට බොන සෙරෙප්පු නැතුවත් පාරේ යන . කොටසක් ඉතාලියේ සමහර පැතිවල ඉන්නේ . මොවුන් එන්නේ කොහෙන්ද කියා කවුරුත් දන්නවා . මුහුදු කරයෙන් . (නදී)
කෝ අර ජවිපෙට මඩ ගහන අය. මේ සිද්දියට එක ජෙවිපිකාරයෙක් සම්බන්ද වෙලා තියෙනවද? උන් වැඩක් කෙරුවොත් තමයි වලියක් නැතුව අවසන්වන්නේ. (නදී)
නුගත්,මැර,ගංජා ,කුඩු කාරයෝ හොද රටවල් වලට යන්න වාසනාව තිබුනට තැන තියාගෙන ජීවත් වෙන්න දන් නෑ. පොලිසිය ට කියලා ඔය ඔක්කොම කුදලලා ලංකාවට පටවන්න අපේ හාමුදුරුවනේ ! (නදී)
ඉතාලියේ විතරක් නෙවෙයි ලංකාවෙත් ඔහොම වෙනවා. කෙනෙකුට කරදරයක් නැතුව ප්‍රසන්ගේ බැලුවානම් හරිනේ. නච්ච ගීත වාදිත ශික්ෂා පදය තේරුම් කරලා දෙන්න. හාමුදුරු නමක් බුදු බන කියන්නේ නැතුව සංගීත බලන්න එන්න කියන එකනම් ගැලපෙන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ.(නදී)
චමත් ඉතාලිය නිකන් බොරු නැතුව ඉන්නවා .මෝහමෙඩ් කියපු කතාව සම්පුර්ණ ඇත්ත. බීඩි ගහපු උන් බුලත් කාපු ඒවා ලංකාවෙන් එන අයට කියා ගෙන්වා ගන්නේ. මම අනන්තවත් දැකලා තියෙනවා බුලත් කාල ඉතාලියේ පාරේ කෙල ගහන ලංකාවේ අය . බීඩි බොන උන් සේහෙන්න ඉන්නවා . ධීවරයන් ගේ ජිවිත තමා. චමත් ඉතාලිය මොකෝ කඩේ යන්නේ. (ස)
බණ කියලා වැඩක් නැහැ හාමුදුරුවනේ. තේරෙන භාෂාවෙන් සලකන්න ඕනේ හැම තැනම දැන් කකුලෙන් අදිනවා.(නදී)
නොදන්න නිසා අහන්නෙ. කියන්නකො දන්න කෙනෙක් ඔය ගිය අය කරන රැකියාව මොකක් ද කියලා ඉතාලියෙ. (නදී)
අනේ හාමුදුරුවනේ කතාව 100 ට 200 හරියට හරි. මේවා අද වෙන දේවල් නොවේ. ඉතාලියේ හැම නගරයක්ම ගත්තොත් එක හා සමානයි. අපිටම කියන්න ලැජ්ජයි මහත්මා ගතිගුණ තියන වැදගත් කමට හැසිරෙන අය ඕනෑ තරම් ඉන්නවා. නමුත් වැඩිපුර ඉන්නේ අහිකුන්ඨකයෝ. සංගීත සංදර්ශනයක් බලන්න ගියත් අවුරුදු උත්සවයක් බලන්න ගියත් බීලා වෙරි වෙලා ගහගෙන ඉවර වෙන්නේ. මේ ජාතිය කවදාවත් හදන්නත් බැහැ හැදෙන්නෙත් නැහැ.(නදී)
ඒකනේ ඔය අය කිසිම රටකට වද්දගන්නේ නැත්තේ. දැන් තේරෙනවනේ බෝට්ටුකරයන්ට මොකද අකමැති කියලා. (නදී)..
අවුරුදු 20 කට අධික කාලයක් ඉතාලියේ ජිවත් වන මම දන්නවා . මෙහි සිටිනා බහුතරය මෙම රටත් කාල ලංකාවත් කන බව. ඉන්න තැනක් නැතුව කාමරේ තියන් හිටියට මගේ සල්ලිත් හොරකම් කරලා . මටත් ගහල ගිය ලාංකිකයන් ඉන්නේ මේ ඉතාලි වල. දැන් නම් පාරේ කුණු කනවා දැක්කත් උදව් කරන්නේ නැහැ.(නදී)
මම සහ මාගේ දෙමව්පියන් දැන් ඉතාලියේ ජිවත් වන්නේ ඉතාම කල කිරුණු සිතකින්. නිවාඩුවකට වෙන රටකට ගියාම කියන්න ලැජ්ජයි අප ඉන්නේ ඉතාලියේ කියලා. ඒ තරමට මේ රටේ සිටිනා බහුතර ලාංකිකයන් පිරිහිලා . ඇති වන්නේ හරිම දුකක්.(නදී)
මම හිතන්නේ ලංකාවේ සිටින නුගත්ම සහ පහත් වැඩ කරනා ලාංකිකයින් ඉන්නේ සහ සිටින්නේ ඉතාලිය කියායි. දිනපතා කියවන පුවත් වලින් දකින්නේ මෙම රටේම සිටිනා ලාංකියන් කරනා පහත් වැඩමයි (නි)
මමත් ලෝකේ වටේ කරක් ගහන කෙනෙක් තමා. හැබැයි ඉතාලියේ තරම් මිනිසුන් ගහ මරා ගන්න අපිළිවෙලට සිටින වෙන කිසි රටක් මම දැකලා නැත. හැම රටේම ප්‍රශ්න තියනවා තමයි. බලන්න නෙදෙර්ලන්තය,බෙල්ජියම ලුෂංබර්ග්, ජර්මනිය,එංගලන්තය,කෙන්යාව,මේ රට වල සමගිය බොහොම ඉහළයි.(නදී)
නාපොලියේ නම් හැම සංදර්ශනයකම වගේ අපේ අය හැසිරෙන්නේ ඔය විදිහටයි.ඔන්න සදාචාරයට අනුව හැදුනු අයගේ වැඩ.... (නි)
මමත් ඉන්නේ ඉතාලියේ. මට හිතෙන්නේත්,මොන රටේ කොතනක හිටියත් අනවශ්‍ය ප්‍රශ්න වලට මුල,ඇත්තටම නූගත්කම. අපේ මොන දේටත් මුල ප්‍රශ්න තේරුම් ගැනීමක් හරියට, නොවීමයි.මං හිතනවා මිනිසුන්ට, රූපවාහිනියෙන් හරි නිතර නිතර සාමාන්‍ය ජීවිතයේ ජිවත් විය යුතු ආකාරය පැහැදිලි කළොත්, ටිකක් ප්‍රශ්නයට පිළිතුරක් ලැබේවි කියා (නි)
කරුණාකර නැවත නුඹලාගේ රටට යන්න (නි)
ලංකාවේ නම් කුරුදු පොලු වලින් තමයි දෙන්නේ. එහෙ මොනවද දන්නේ නැහැ පාවිච්චි කරේ?(නදී)
ඉතාලියට යන්නේ හොරෙන්. බහුතරයකට උසස් අධයාපනය ලැබීමේ අයතිය අහිමි වී ඇති නිසා සුදුසුකම් ගැන කතා කර ඵලක් නැත. මුදල් දීලාවත් එම අධ්‍යාපනය තහනම්. අඩු අදායම්, අඩු පහසුකම් සහ නුගත් කම පහත් සමාජ හැසිරීමකට මුල වේ. ලංකාවේ සිංහලයෝ අරක්කු වලට ඇබ්බැහි වී ඇත. මේවා ගෙන්වන්නේ බෙදාහරින්නේ දේශපාලකයෝය.(නදී)
නිමල්, රැකියාව මොක වුනත් අපිට මොකෝ අනේ , (නදී)
ඉතාලියේ විතරක් නෙමෙයි මේ ඩුබායි වලත් ඔය දේම සිද්ද වෙනවා. හැම ප්‍රසන්ගයකදීම වගේ ගුටි ගහගෙන මරාගෙන පොලිසි ගිහින් තමයි නතර වෙන්නේ. ලංකාවේ කට්ටිය හරිම චන්ඩිනේ. හැම එක්කෙනාගේම ලොකු කතා තියෙන්නේ. ඒත් ගහගන්නේ ගෑනු හින්දා කෙල්ලෝ හින්දා නෙමෙයි. ඒ ගෑනුන්ට ලංකාවේ ලොකු ළමයි පවා ඉන්නවා. ලංකාවේ ගහැනුන්ටත් පිස්සු පිරිමින්ටත් පිස්සු. මොලේ නැහැ. හැදියාවක් නැහැ. අනික ඉතාලි ගිය කට්ටිය නම් රට ගිහින්නේ සල්ලි දැක්කේ. ඒ උනාට ඉන්නේ නිකන් පරම්පරා ගාණක ඉදන් සල්ලිකාරයෝ වගේ. අනේ මෙහමත් ෂෝ කාරයෝ තමයි ඉතාලියේ ඉන්නේ.(නදී)
අපේ අයට වෙලා තියෙන්නේ ඕක තමයි බී ගත්තට පස්සේ චන්ඩි වෙනවා. ඊට පස්සේ වෙන්නේ අපේ රටට ලොකු කැළලක් වෙනවා. අපි ඉන්න රටෙත් සංගීත ප්‍රසංගයක් පැවැතුවොත් ඔය ප්‍රශ්නය වෙනවමයි.(නදී)
දැන් සමහරුන්ට සහ මේවා බලා අදහස් දාන අයට සතුටින් නින්ද යනවා ඇති නේද? (නි)
ඔය ප්‍රසන්ගේ බලන්න මාත් ගියා,මට ගහන්න ආපු අයට මමත් කන පැලෙන්න දුන්නා. වෙන මොනා කරන්නද? (නදී)
ඉතාලියේ එහෙම වුණත් ඕස්ට්‍රේලියාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
අපි සරමෙන් මුහුණ වසා ගත් සිංහලයින් වී ඇත.(නදී)
කොහොමද මේවා වෙන්නේ? (නි)
හැබයි මේ ප්‍රශ්නය තියෙන්නේ ඉතාලි ඉන්න ලංකා අය අතර පමණි.(දිල්)
නුගත්, මෝඩ, අහංකාර මිනිස්සු. ඒකයි මෙහෙම කරන්නේ (නි)
අපේ බෙනට් මහත්තයෝ, ජංගම තානාපති කාර්යාලයත් එක්ක ජංගම උසාවියකුයි , එල්ලුන්ගහකුයි අරන් යන්න. (අ)
නැවත සංදර්ශනයක් කරනවානම් දකුණු කොරි යාවේ සංදර්ශන පවත්වන විදිය අහල දැනගන්න . (අ)
ඕස්ට්‍රේලියාවෙත් ඔය ටිකම තමයි තව ටික දවසකින් වෙන්නේ.බෝට්ටු කාරයෝ හැසිරෙන හැටි කියලා වැඩක් නැහැ. බොරු නම් ඇවිල්ලා බලන්න. අපිට මෙහෙ රැකියාවකටවත් ඉල්ලන්න විදියක් නැහැ. ලංකාවෙන් කිවුවහම ලෝකේ ගන්නම දෙයක් නැති රටෙන් අාවා කියලා හිතන්නේ (නි)
ලංකාවේ ඉන්න නුගත්, අසීලාචාර, පාතාලෙට සම්බන්ද කම් තියන අයට යන්න පුළුවන් ලෝකයේ තියෙන එකම රට ඉතාලිය පමණි. ඒක තමයි ඉතාලියේ විතරක් ඒ විදියට ඉන්නවනේ . ඒ අය තමයි මෙ දේවල් කරන්නේ. (අ)