ඉතාලී ශ්‍රී ලංකා මිත්‍ර සහයෝගීතා උත්සවය මිලානෝ නගරයේ පැවතියේය
ඉතාලියෙන් ශ්‍රී ලංකාවට පිරි නැමීමට යන රෝහල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා මිලානෝ ලොම්බාර්දියා පළාතේ උප සභාපති හා සෞඛ්‍ය ප්‍රධානී මාරියෝ මන්තොවානී මහතා සාකච්ඡා කළාය.
ඉතාලි මිලානෝ ශ්‍රී ලාංකිකයන් නීතී ගරුක සුහදශිලී ජනතාවක් බවත් ඔවුන්ට කළගුණ සැළැකීම වශයෙන් ෂමීන් පණ්ඩිත රත්න මහතාගේ ඉල්ලීමකට අනුව මේ රෝහල ඉදි කිරීමට මුදල් පරිත්‍යාග කරන බවමන්තොවානී මහතා කීවේය.
ඉතාලියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා ස්ක්වේරී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලුසියා රොන්සියුලි පදෙර්නෝ දුන්ඤානො නගරාධිපති මාර්කෝ අල්පරෝන,සන්දොනිතෝ මිලනේසෙ,නගර සභා උපදේශක මනෝලා ලසෙන්ති හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග මෙරිල් පෙරේරා මන්ත්‍රීවරයාද සහභාගී වුහ.
රූපවාහිනි මාධ්‍යයේ වැඩසටහන් මාධ්‍යවේදී ලුකා නොවෙල්ලී විසින් ශ්‍රී ලංකාවේ වටිනාකම එහි සුන්දරත්වය හා මානව ශිෂ්ටාචාරයේ අතීතය සදහා ශ්‍රී ලංකාවේ වැදගත්කම පිළිබිඹු කරන දර්ශන වැඩසටහනක් ඉදිරිපත් කළේය.
යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී මුණගැසුණු ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර තමන් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව ද ඔවුහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න මහා ඇමතිතුමා වැඩකට මුල පිරුවොත් ඒ දේ හරියටම කරලා තමා නතර වෙන්නේ. බස්නාහිර පළාතේ සියලුම ප්‍රාදේශීය සබා නගර සබා මන්ත්‍රීවරුන්ට යතුරුපැදි ගන්න පොලි රහිත ණයක් ගම්පහ බැංකු සංගමය මාර්ගයෙන් මුල පුරලා හොඳ වැඩක් කලා.අපේ සුබ පැතුම්. (ස)
ඉතාලියේ ඉතා ඇත අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයින් සිටියත් එම ජන කොට්ටාශයේ දියුණුවක් දකින්න ලැබුනේ 1990 න් පසු පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන්ගෙනි. ඊට පෙර සිටි ලාංකිකයින් නිශ්ශබ්ද ජීවිතයක් ගෙවූ අතර ලංකාව සමග එතරම් සම්බන්ධයක්ද පැවැත්වුයේ නැත. සංස්කෘතික වශයෙන් ඉතාලි ක්‍රමයට මුල්තැන දුන් මොවුන් කුමන ආගමක වුවත් කතෝලික පල්ලියකට යාම සිරිතක් කොට ගත්ත. ළමයින්ටත් සිංහල උගන්වන්න උනන්දුවක් දැක්වුයේද නැහැ. අලුත් සංක්‍රමණිකයන් ගැන නිතර වපර ඇහින් බැලු ඔවුන්, තමන් අලුත් අයට වඩා උසස් කොට සිතුවා. (නදී)
පිටිගල මිලානෝ මහත්මයත් එක්ක මමත් එකඟයි. (ස)
මිලානෝ වල ඉන්න ඔබ සැමට හොඳක්ම වේවා !!! (ස)
පිටිගල මිලානෝ වහාම මානසික වද්‍යවරයකු හමුවී බෙහෙත් ගන්න . ඔබගේ සියලුම ප්‍රතිචාර දුටු මා හට ඇතිවුයේ ඔබ ගෙන දුකකි . (ස)
ප්‍රසන්න මහතා දක්ෂයෙක්. මෙයට මුල් වුණ හැමෝටම පින්. (නි)
මිත්‍රවරුනි, ඔබ කරන්නේ ඉතාම ආදර්ශමත් ක්‍රියාවකි.ඔබෙන් බොහෝ අයට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්.ඔබ සැමටත්,ඔබ වැනි හොඳ හදවත් තිබෙන දරුවන් ලොවට දායාද කළ ඔබේ දෙමාපියන්ටත්,ගුරුවරුන්ටත් මේ පින් අත්වේවා!තුනුරුවන් සරණ සහ දෙවියන්ගේ පිහිට ඔබලාට ලැබේවා! (නි)
ඉතාලියේ ඉන්න ලාංකිකයන්ට දොස් කිව්වට, මොළේ තිබෙන කිහිප දෙනෙකුත් ඉන්නවා වාගේ. මෙයට මුල්වූ සියල්ලන්ට ස්තුතියි (නි)
වාසනා කරුණාරත්න, මට පෙනෙන විදියට ඔබ පළමුව ඇස් දොස්තර කෙනෙක් ළගට යන්න, ඇස් හොඳ නම් කරුණාකර මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. (නි)
අනේ පිටිගල, ඔයා නම් හොඳටම වැඩියි වගේ. ඔයගොල්ලෝ අද ඔතන ඉන්නේ ඉතාලියේ සිටි පරණ අයට පින්සිදු වෙන්න. පරණ අය බොහොම නම්බුකාර විදියටයි හිටියේ. ඉතාලියේ ඔක්කොම දන්නවා ඒ අය කිසිම වරදක්වත් කර නැති බව. (නි)
ලෝකයේ විසිරී සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට පණ්ඩිතරත්න මහතාගේ මෙම ක්‍රියාව මහත් ආඩම්බරයකි. මෙවන් විශාල රෝහලක් ලබා ගැනීමට ලොව සිටින කිසිදු ශ්‍රී ලාංකිකයකු මෙතෙක් සමත් වී නැත බව මගේ හැගීමයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගෙන විවිධ රටවලට සංක්‍රමණය වූ ලාංකිකයින් බහුතරයක් කටයුතු කරන්නේ ආත්මාර්ථකාමී හැගීමෙනි. එවන් අයට පණ්ඩිතරත්න මහතා ආදර්ශයකි. පණ්ඩිතරත්න මහතාණනි, මේ අතරම ලංකාව ගැන පලවෙන බොරු ප්‍රචාර වලට විරුද්ධව හඩක් නගන්න මෙය අවස්තාවක් කර ගන්න. මම ඔබට සුභ පතමි.(නදී)