කල්මුණේ තරුණයන් හය දෙනකු ඉතාලි හා ප්‍රංශයට යවන බව කියා රුපියල් 76 ලක්ෂයක් වංචා කළැයි කියන ව්‍යාපාරික ජෝඩුවක් රාජගිරියේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මුල් දවසේ ගුවන් තොටුපළටම රැගෙන ගොස් ව්‍යාජ හේතුවක් පෙන්වා ආපසු ඔවුන් හරවා යවන මෙම ජෝඩුව ඉන් පසු නොයෙක් බොරු කියමින් ඔවුන් මුලාවේ දමා ඇතැයි ද පොලිසිය කියයි.

දෙදෙනාම නිමි ඇදුම් කර්මාන්තයක් කරන බව ද පිරිමියා දේශීය වෛද්‍යවරයකු බව ද පොලිසිය සඳහන් කරයි.