පසුගිය දිනක ඉතාලියේ සිසිලි දූපතේ ටවර්මීනා නගරයේ මන්දීරයක ආරක්ෂක වශයෙන් සේවය කළ හතලිස්හැවිරිදි ශ්‍රී ලාංකිකයකු රෝමයේ ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු සේවයකළ මන්දිරයේ තිබූ සේප්පුව කැපුම්ලාම්පුවක් අධාරයෙන් කපා එහිතිබූ මුදල් සහ වටිනාදේ සොරාගෙන දොහා නගරය හරහා ලංකාවට පැනයාමට තැත්කිරීම නිසාවෙනි.
වංශවත් පවුලකට අයත්වන සේවායෝජකයා පදිංචිවී සිට ඇත්තේ රෝම නගරයේය. දුරකථනය පිළිතුරු නොදෙන්නේ මන්දැයි සොයා බැලූසේවායෝජකයාට දැනගතහැකිවූයේ තම සේප්පුවේ ඇති වටිනා දේ සමග ලාංකිකයා පැනගොස් ඇති බවය.පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව ලාංකිකයා රෝමයේ ෆියුමිචීනෝ ගුවන්තොටේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තමා මේ දේ කළේ ලංකාවේ තමා ණය වී ඇති නිසා බවයි. තම පවුලට මරණ තර්ජන ඇති බවත් ඔහු කියා ඇත. ලාංකිකයාගේ සේවායෝජකයාට දුරකථන ඇමතුමක් දුන් ඔහු සිද්ධිය ගැන පාපෝච්චාරනය කර ඇති අතර සියදිවි නසා ගන්නා බවට පවසා ඇතකෙසේ නමුත් ඔහු වසර තුනක්, දහයක් අතර කාලයකට බන්ධනාගාර ගතවේ යයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රුත් ඉක්මනට පොහොසත් වෙන්න කැමතියි. ඒ හොරකම් කරලා නෙමෙයි. හොරකම් කරලා අහුවුණහම මොකද වෙන්නේ කියලත් දැනගන්න ඕනෑ. තමාගේ නමටත් රටේ නමටත් හොඳක් නෙමෙයි වෙන්නේ. දඬුවම් ලැබෙනකොටයි ඒක තේරෙන්නේ. (නි)
මීට වඩා හොඳ උණුසුම් ප්‍රවෘත්තියක්. ලැට්වියාවේ (යුරෝපා සංගමයේ අලුත්ම සාමාජිකයා) අගමැති ඉල්ලා අස්වෙලා මැක්සිමා සුපෙර් මාර්කෙට් එකේ වහල කඩා වැටිලා 56 ක් මැරිලා/දේපල හානි එක්ක. ලංකාව පාලනය කරන හොරුන්ට හොඳ අභියෝගයක්. ඒවා හොයලා දාන්න.(නදී)
ණයවෙලා ඉතාලියට යන්න හදන අපේ අයට මෙවැනි ඉරණම්වලට ගොදුරු නොවී දෙවරක් සිතා යන ගමන හොද සුදානමකින් යන්න (දිල්)
වෙන්නප්පුවේ (නදී)
මෝඩ වැඩකාරයෙක්, දැන් ඉතින් ණයට පෙර කරුමය ගෙවන්නකෝ. (ස)
වෙන්නප්පුවේ විතරක් නෙමේ ලංකාවේ හැම තැනම කට්ටිය මේවගේ වැඩ කරනවා ඉතාලියේ. මෙහෙ කුඩු කාරයෝ වැඩි පුරම ඉන්නේ කොයි පළාත් වලද? වැඩි පුරම මෙහෙ කන්නේ කොලඹට අසන්න පළාත් වල අය සහ කොලඹ අය. වෙන්නප්පුවේ නම යනවා. (නදී) මම මොරටුවේ
ලංකාවේ ද ? ගිය තැන පහරලා එන්නේ ? සුලු පිරිසක් අවංකව තමන්ගේ රජකාරිය කරලා තව කෙනකුට එන්න පලුවන් වීදීහට වැඩ කරනවා !(නදී)
මධු සිහිනෙන් මල් මල් මාලා.. පළදින්නේ රන් රැස් දහරා... හද කුටියේ දොරගුළු හැර ගෙන එනු පාවි. නිදි දෑසේ රග දෙන මිහිරාවී. නෙත් මානේ නැහැ මනමාළී.(නදී)
වැඩ කරන තැනින් හොරකන් කොරන්නේ නැතිව දුක කියල කීයක් හරි ඉල්ලා ගන්න නේ තිබුනේ !(නදී)
අපේ ලංකාවේ නම කනවා. අනිත් අයටත් පිට රට රසසාවක් කරන්ඩ දෙන්නේ නැහැ මේ අය.(නදී)
මොන සක්කිලි වැඩ කලත් ශ්‍රී ලාංකිකයෙකුට යුරෝපයේ හොරා යන නම කිබුනේ නැහැ. ඔවුන් ලාංකිකයන්ව විශ්වාස කළා. නමුත් ඉතාලිය කන මේ අය නිසා දැන් ලාංකිකයනුත් හොර ලයිස්තුවට වැටෙනවා. වෙන්නප්පුවේ බැරිනම් මොන තුත්තුකුඩුවේ උනත් කමක් නැහැ ඔය මිනිසුන්ගේ සනුහරේ කෙනකුටවත් නැවත විදේශ ගත වෙන්න බැරි විදියට දඩුවමක් දුන්නොත් හොඳයි. (නදී).
කුමාරි අනේ ඔයාගේ සයිප්‍රස් ගැන නම් කියන්න එපා.ඔහේ ඉන්නේ ශ්‍රී ලංකාවේ කෙල්ලෝ කරන දේවල් ඇහුවොත් එයාලගේ පවුලෙ අය එල්ලිලා මැරෙයි. (ස)
කියන්න කනගාටුයි යාලුවනෙ.මිට දින කිපයකට කලින් මම අදුරන ඉතාලි ජාතික කාන්තාවක් කතා කරලා එයාගෙ යාලුවගෙ බබාලා බලා ගන්න කෙනෙක් හොයලා ඉල්ලුවා.පැය දෙකකට විතර පස්සෙ කතා කරල කිවුවා ලංකාවෙ කෙනෙක් බබාලා බලා ගත්තා.ඇති උන ප්‍රශ්න නිසා තවත් ලංකාවෙ කෙනෙක් එපා කිවුවා.එක මනුස්සයෙකුගෙ හරක් වැඩ නිසා මෙහෙ ඉන්න අහිංසක කිදෙනෙකුට රස්සාවක් හොයාගන්න අමාරුද (ස)
ලංකාවේ එවුන් මොන රටකට ගියත් ඉක්මනට හම්බ කරන්න හදන අයනේ. (ස)
දැන් දිනපතාම දකින්නේ ඉතාලියේ වැඩ කාරයන්ගේ ක්‍රියාකාරකම්. මොකද මේ ඉතාලි වල ඉන්න අපේ ලාංකිකයන්ට වෙලා තියෙන්නේ ? (ස)
මම හැමදාම කියන්නේ මේක තමා. ඉතාලියේ බහුතරය නුගත් හොරු. ලංකාවේ බුලත් විකුනපු මාළු විකුනපු අල්ලපු උන් ටික තමා මේවා කරන්නේ. මම පළාත සඳහන් කරන්නේ නේ .. කවුරුත් දන්නා නිසා (ස)
මේවා දැක්කම පාරෙ බැහැල යන්න හිතෙන්නේ නෑ. පිටරටවල ඉන්න ලංකාවේ මිනිස්සු අපේ රටෙ නම ආරක්ෂා කරන්න ඕනා. තමන් කරන කියන දේ නිසා රටේ මෙන්ම තමන්ගේ ද නම්බුව ආරක්ෂා වෙන්නේ.මේ සියල්ලටම මුල් වෙන්නේ මුදල්. එම නිසා මුදල් ගනුදෙනුවල දී අපි නිතරම විශ්වාසය තහවුරු වන ලෙස වැඩ කටයුතු කිරීමෙන් ප්‍රශ්න අවම කරගත හැකි වේ. මම නම් මුදල් ගනුදෙනුවේ දි සම්පූර්ණ විනිවිද භාවය තහවුරු වෙන ලෙසයි ගනුදෙනුව කරනු ලබන්නේ. මිලානෝ නගරයේ සමාජ සේවකයෙකු ලෙස මා නිතරම ගනුදෙනු ඒ අවස්ථාවේම ඉවර කර දැමීම නිසා සමාජිය ප්‍රශ්න අවම කරගෙන ඇත.විශේෂයෙන්ම ස්වීස්ටර්ලන්ත උද්ඝෝෂනවලට සංවිධානය කිරිම ගැන මුලු ඉතාලියම දන්නවා මා මුදල් පාලනය කල ආකාරය. (ස)
හේෂාන් මානවඩු ඉතාලිය කතාව සහතික ඇත්ත. (නදී)
මේවා දැන් අමුතුවෙන් අහන්න තියන පුවත් නෙමේ, ලංකාවේ නම් ඉතින් හොරෙක්ම තමා, කාපු පතේ පහරන අය තමයි වැඩිපුරම ඉන්නේ. මතකනේ පිටරටවලින් සුනාමියට ආධාර කියල ලංකාවට එවූ මුදල් හොරා කාපු හැටි. ඒ විතරක්ද? තමන්ගේම ජාතික උරුමය රඳවා තිබෙන කෞතුකාගාරයත් කොල්ල කාපු ජාතියක් නේ.ලොව කොහේ හිටියත් හොරා හොරාම තමයි. රටක ජාතියකට ගිය කල? හරියට මහපාරේදී බල්ලෙක් තව බල්ලෙකුව මුන ගැසුණා වගේ! රවනව, බුරනවා, ගොරෝනවා. කතාවේදී නම්, ඔක්කොම පින්වත්තු, සැදැහැවත්තු. (නදී)
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරා විය වෙතටයි. ඔබ සිහිකර කර ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි..... (ස)
ජීවක වෙන්න ඕන දේ වෙලා ඉවරයි. නිකම් ලකුණු දාගන්න බණ නොකියා ඉන්න. (ස)
ඉහත රොෂාන් ජයමාන්න මහතාගේ අදහස හොඳින් කියවන්න. (නි)
මේ අදහස් දාන අය මොකද ඔය තරම් වෙන්නප්පුවෙ අය එක්ක තරහ. ලංකාවෙ කිව්වම වෙන්නප්පුවෙ අය විතරද ඉතාලියේ ඉන්නෙ. (ස)
හේෂාන් මානවඩු ඉතාලිය, ඔබෙගේ රැකියාවත් අර කියපු වර්ගයේම බව පැහැදිලියි. ඉතාලියට පසු කාලයේ බෝට්ටු වලින් ගොඩ බැස්සේ ලංකාවේ කුමන පළාතක අයද කියල අපි නම් දන්නවා. ඒ අය ලංකාවේ ජිවත් උන පළාත අනුව ඉතාලිය දුටුවම ඔරොත්තු දෙන්න නැතිව ඇති. මුලින්ම ඉතාලියට ගිය මිනිසුන් ජිවත් වෙන ප්‍රදේශ විතරක් නොවේ මිනිසුන්ගේ ආකල්පත් සංවර්ධනය වී ඇති බවයි අපට නම් වැටහෙන්නේ. සමහර නුගත්තු දැන් ඉතාලියේ හූනියම් සහ ගුරුකණුත් කරනවා කියලයි අපට නම් දැන ගන්න තිබෙන්නේ. ජන්මෙන් ගෙන දේවල් අත්හරින්න බැහැනේ ලෝකේ කොහෙට ගියත්.අනේ! ඉතාලිය වගේ සුන්දර රටකට ගිය කලක්!! (ස)
කට්ටිය අදහස් දාලා තියෙන්නේ ලංකාවේ නෙමේ වගේ. (ස)
මේ අය සිංහල ජාතියේම නම කැත කරන අතර තවත් පිරිසක් මෙහෙ ඉදගෙන බුස්ධාගම නැති කරනවා. අනේ අපේ රට.(නදී)
සේතන් මතුරට, මෙහෙ කෙල්ලෝ විතරක් නෙමේ ගැහැණු වගේම පිරිමිත් කරන අවලම් වැඩ නිසා අවුරුදු 2කට කලින් වගේ එක්දරු පියෙක් එල්ලිලා මරුනා.(නදී)
කවදා හැදෙයිද මන්දා ..? නුගත්කම තමයි මේ සියල්ලටම මුල. උගත් මිනිසා නිතර අගයන්නේ තම දහදිය වගුරලා උපයන රුපියල සහ තම දරු පව්ලේ හෙට දවසයි.එවන් මිනිසුන්ට ලස්සන අනාගතයක් ලැබෙනවා, දේවාශිර්වාදය සමගින් ...!!!! (නි)
ඔහොම ගියොත් ලංකාවේ අයට විස දෙන එකත් නවතී...ජොබ් හොයා ගන්න එකත් ලෙහෙසි වෙන්නේ නැහැ....කීප දෙනෙක් ඉක්මනටම පොහොසත් වෙන්න යන නිසා. අයියෝ...යුරෝ...(දිල්)
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර! (නි)
ඔන්න අපේ තවත් වීර ක්‍රියාවක් (නි)
ලංකාවත් කාලා ඉතාලියත් කනවා. (නි)
දැන් ආර්ථික අර්බුදය දියුණුයි කියන රටවල් වලටත් දැනිලා.විදේශිකයන්ටත් දැන් මේ රටවල කිසිම ස්ථිර බවක් නැහැ.ධනපති ක්‍රමයම දැන් අර්බුදයකට ගිහින්.මේ අර්බුදයට විසදුමක් ගැන හොයන්න උත්සාහ කරන්නේ නැත්තේ මොකද? (නි)
සමහරු වෙන්නප්පුවට හරියට ඊර්ෂ්‍යා කරනවා නේද?වෙන්නප්පුවේ ඉන්නේ නියම මිනිස්සු.අනිත් පළාත් වල වගේ නෙමෙයි.හොදට කාලා බීලා සතුටින් ඉන්න මිනිස්සු (නි)
මුන් ගම කනවා!! (ස)
මේ කුමාරි කියල මට පිළිතුරු දුනේ අරයගේ නෝනද? (නදී)
ඔය වගේම සිදුවීමක් සයිප්‍රස් වලත් වුනා.ලංකාවේ කෙල්ල ගෙදර අය රට ගිය වෙලාවේ එයාගේ ලංකාවේ කොල්ල එක්ක එකතු වෙලා සේප්පුව කඩලා.කොල්ල බඩු බාගයක් අරන් පැන්න ලංකාවට.කෙල්ල පනින්න කලින් පොලිසියට අහුවුනා.දැන් මෙහෙ හිරේ.අපොයි මගේ ලංකා මැනිගේ නම. (ස)
කපටි ආරක්ෂකයා. (ස)
අපේ කට්ටියට කොහේ ගියත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ.. (ස)