ඉතාලියේ කොමෝ නගරයේ සිරි සිදුහත් දහම් පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය දා පැවැත්විණි. මිලානෝ නගරයේ ලංකාරාම විහාරස්ථානයේ වැඩවසන බඩල්කුඹුරේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ සහ මිලානෝ නගරයේ ධර්ම නිකේතනයේ විහාරාධිපති පොල්ගහතැන්නේ ශීලවිමල හිමියන්ගේ මේ උත්සවය ස
දහා වැඩම කළහ. කොමෝ නගරයේ නගරාධිපති තුමා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද එහි පැමිණ සිටියහ.
මව් රටින් පිටත ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් ආගමානුකූල දිවිපෙවතකට හැඩගැස්සවීමේ අරමුණින් 2012 වර්ෂයේ මාර්තු 04 වැනි දින මේ දහම්පාසල ආරම්භ කරන ලදී. එහි ආරම්භයේ සිට සංවිධායකවරු ලෙස ජසින්තු සිරිලාල්, චමීර ප්‍රියශාන්ත, ජසින්තු ශ්‍රී ලාල්, පුබුදු එරංග සමරසිංහ යන මිතුරන් පිරිස කටයුතු කරති.
මේ දහම් පාසලේ විශේෂත්වය වන්නේ රෙබ්බියෝ ප්‍රදේශයේ ක්‍රිස්තියානි පල්ලියකට අයත් ශාලාවක වීමයි. ජීස්ටෝ දෙල්ලාවල්ලේ පියතුමා මේ ශාලාව ලබා දිමට කටයුතු කර තිබේ. විවිධ ප්‍රසංගයේ නැටුම් ගැයුම් වැයුම් පුරුදු පුහුණු කරන ලද්දේ ඩී.එල්.ශ්‍රියානි මහත්මිය විසිනි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි සිටියත් බුදු දහමට හැඩ ගැසෙති
චමින්ද කුමාර Friday, 21 March 2014 06:11 AM
ගොඩක් සන්තෝස හිතෙනවා ලෝකේ කොහේ ගියත් තමන්ගේ කම තියාගෙන හොද ගුණ ධර්ම වලට දරුවන් යොමු කරන එක ගැන. (නදී)
පුබුදු රoග සමරසිoහ Friday, 21 March 2014 09:41 AM
ඉතාලිය වගේ අපිට නුපුූරුදු ගති පැවතුම් ඇති සංකීර්ණ රටක ඉතා දුෂ්කර කැපවිමකින් ජාතික හා අගමික හැගිමෙන් මේ දහම් පාසැල පවත්වාගන ගියත්, මේවායේ අගයක් නැති දෙමව්පියන් තමන්ගෙ දුවා දරුවො මේවට එවන්නේ නැහැ. හරිම කනගාටුයි.මම ඉතා කරුනිකව කෝමෝ නගරයෙ වෙසෙන දරුවො ඉන්න ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලිමක් කරනවා තමන්ගේ දුදරුවන් මෙම සිරි සිදුහත් දහම් පාසැල වෙත යොමු කරන්න!.(නදී)
සුනිල් විමලසුරිය Friday, 21 March 2014 05:05 PM
ෂා ලස්සන වැඩක්. ජය වේවා! (නදී)
ලකී Friday, 21 March 2014 06:42 PM
සුරංග ඇතුළු අනිත් යාළුවන් සියලු දෙදනාගේම හොඳ වැඩක් ජය වේවා (දිල්)