ඉතාලියේ කොමෝ නගරයේ සිරි සිදුහත් දහම් පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය දා පැවැත්විණි. මිලානෝ නගරයේ ලංකාරාම විහාරස්ථානයේ වැඩවසන බඩල්කුඹුරේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ සහ මිලානෝ නගරයේ ධර්ම නිකේතනයේ විහාරාධිපති පොල්ගහතැන්නේ ශීලවිමල හිමියන්ගේ මේ උත්සවය ස
දහා වැඩම කළහ. කොමෝ නගරයේ නගරාධිපති තුමා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද එහි පැමිණ සිටියහ.
මව් රටින් පිටත ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් ආගමානුකූල දිවිපෙවතකට හැඩගැස්සවීමේ අරමුණින් 2012 වර්ෂයේ මාර්තු 04 වැනි දින මේ දහම්පාසල ආරම්භ කරන ලදී. එහි ආරම්භයේ සිට සංවිධායකවරු ලෙස ජසින්තු සිරිලාල්, චමීර ප්‍රියශාන්ත, ජසින්තු ශ්‍රී ලාල්, පුබුදු එරංග සමරසිංහ යන මිතුරන් පිරිස කටයුතු කරති.
මේ දහම් පාසලේ විශේෂත්වය වන්නේ රෙබ්බියෝ ප්‍රදේශයේ ක්‍රිස්තියානි පල්ලියකට අයත් ශාලාවක වීමයි. ජීස්ටෝ දෙල්ලාවල්ලේ පියතුමා මේ ශාලාව ලබා දිමට කටයුතු කර තිබේ. විවිධ ප්‍රසංගයේ නැටුම් ගැයුම් වැයුම් පුරුදු පුහුණු කරන ලද්දේ ඩී.එල්.ශ්‍රියානි මහත්මිය විසිනි.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සන්තෝස හිතෙනවා ලෝකේ කොහේ ගියත් තමන්ගේ කම තියාගෙන හොද ගුණ ධර්ම වලට දරුවන් යොමු කරන එක ගැන. (නදී)
ඉතාලිය වගේ අපිට නුපුූරුදු ගති පැවතුම් ඇති සංකීර්ණ රටක ඉතා දුෂ්කර කැපවිමකින් ජාතික හා අගමික හැගිමෙන් මේ දහම් පාසැල පවත්වාගන ගියත්, මේවායේ අගයක් නැති දෙමව්පියන් තමන්ගෙ දුවා දරුවො මේවට එවන්නේ නැහැ. හරිම කනගාටුයි.මම ඉතා කරුනිකව කෝමෝ නගරයෙ වෙසෙන දරුවො ඉන්න ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලිමක් කරනවා තමන්ගේ දුදරුවන් මෙම සිරි සිදුහත් දහම් පාසැල වෙත යොමු කරන්න!.(නදී)
ෂා ලස්සන වැඩක්. ජය වේවා! (නදී)
සුරංග ඇතුළු අනිත් යාළුවන් සියලු දෙදනාගේම හොඳ වැඩක් ජය වේවා (දිල්)