දඹුල්ලේ නිවුන් දරුවන් දෙන්නාට කිරිපිටි මිලට ගැනීම සඳහා ඉතාලියේ මෝදනා නගරයේ ශ්‍රි ලාංකික ව්‍යාපාරික වසන්ත කීර්තිරත්න මහතා මසකට රුපියල් පන්දාහ බැගින් පරිත්‍යාග කිරීමට යයි.
මේ අතර කටුගස්තොට දමිතා නදිශානි මහත්මියගේ පවුලට උදව් කිරීමට ද ඔහු අදහස් කරයි. මට 2008දි නිවුන් දරුවන් හතරදෙනෙක් ලැබුණා. දෑන් ඒ මගේ පැටව් හතර දෙනා ලබන මාසේ ඉදලා පාසල් යනවා. ඊට වෑඩිමල් අවුරුදු 11 ක දියණියක්ද මට ඉන්නවා.මගේ මහත්තයාට ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. ඒයා තැන් තැන්වල රියැදුරු රැකියාව තමයි කරන්නේ. දුවලා හතර දෙනාව මට බස් එකේ පාසල් එක්ක යන්න අමාරුයි. අනේ ඒ පින්වන්ත මහත්තයාට කියලා අපිට උදව්වක් අරන් දෙන්න.
දුවලා පස් දෙනෙක් ලොකු උනාම එයාලා වෙනුවෙන් අපි යුතුකම් ඉටුකරන්න ඔනේ. අසරණ අපි කොහොමද එවාට මුහුණ දෙන්නේ.
ඒ උත්තමයට කියලා මගේ මහත්තයාට කරදරයක් නෑතිව රෑකියාව කරන්න පුලුවන් රටකට යන්න උදව්වක් අරගෙන දෙන්න. ඒක මගේ අහින්සක දරු පෑටව් වෙනුවෙන් කරන ලොකු පිනක්. දරුවන්ට පොත් පෑන්සල් ගන්න උදව් කරන්නෙත් හාමුදුරු නමක්. ඒ පිලිබදව වියාපාරික වසන්ත කිර්තිරත්න මහතා මෙසේ කියයි.
ඔවුන්ගේ දරුවන් හතර දෙනා පාසල් රැගෙන යන වෑන් රථයේ කුලිය මාස්පතා ගෙවන බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි ගිය ආත්මේ පින් කරලනේ ඔබ තුමාට ලැබිල තියෙන්නේ, තව තව පින් කරගන්න, බුදු සරණයි.(නදී)
මේ පුවත ගැන අහන කියවන ඕනෙම කෙනෙක් " අනේ හොඳයි උසස් පින්කමක්. නිවන් දකින්ට ඒ පිනම ඇති. ආදී වශයෙන් කියනවා. අපේ රටේ උපන් එම ධනපති වසන්ත කීර්තිරත්න මහත්මයා තමන්ගේ සත් ක්‍රියාව ලංකාවේ අනිත් ධනවත් උතුමන්ලත් ආදර්ශයට ගනීවි කියල ප්‍රාර්ථනා කරනවා ඇති. එහෙම පුවත් තව තව අහන්ට ලැබේවා කියා මම අධිෂ්ඨාන කරනවා.(නදී)
අපේ රටේ අනිත් දනවතුනුත් මේතුමා වගේ කෙනෙක්ගේ දුක තේරුම් ගන්න පුලුවන් උනානම් ගොඩක් ප්‍රශ්න විසදෙයි රට තුල. මහත්මා ගුණයෙන් පිරි ඔබට දීර්ග ආයුස පතමි.(නදී)
මගේ හද පිරි සුපැතුම්. ඔබතුමාට තෙරුවන් සරණයි.(දිල්)
ඔබට ,ගොඩක් පින් .ඔබට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරමි එක සිතින්.(නදී)
උසස් ක්‍රියාවක්. තෙරුවන් සරණයි! (නදී)
ඔන්න ආදර්ශයට ගන්න ඕනේ දේවල් ඔබතුමාට තව ලැබෙන්න ඕනේ.(නදී)
කරුණාවන්ත හදවතක් ඇති ඔබ තුමාට තෙරුවන් සරණින් දිගාසිරි ප්‍රාර්ථනා කරමි. (නදී)
වසන්ත කීර්තිරත්න මහතාට ගොඩක් පින්. දනවත් අයගේ ඇස් ඇරේවා.(නදී)
ඔබ තුමා ඇත්තටම විශ්ෂඨතමයෙක්. මෙවැනි දෙයකට උපකාර කිරීම පමණක් ඇති ඔබට ජීවිතයේ නිදුක් නීරෝගී ආයුෂ ලැබෙන්න. ජේසු පිහිටයි.(නදී)
ලංකාදීපය මේ කරන සේවය කියලා නිමකරන්න බෑ. අර මැරුණ තුන්දෙනා ගැන දැනගත්තා නම් උදව් ගන්න තිබුනා.(නදී)
මෙතුමා මසකට ලක්ෂ පහක් වැනි මුදලක් වියදම් කරමින් දුගී, අසරණ, බෙහෙත් ගන්න බැරි, පවුලක මුදල් උපයන්නා මියගොස් තනි වූ ළමයින් ආදී විශාල පිරිසක් වෙනුවෙන් පිහිට වන දෙවි කෙනෙක්. ඔබ තුමාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී කම සහ දීර්ඝායුෂ ලැබේවා.(නදී)
ගිය පාර පළවුණු පුවත් දෙකෙන්ම වැරදිලා හරි මිලානෝ ලකී සෙවන් සුනිල් අයියටත් ලකුණු වැටුණා. ඔහුත් ලංකාවට ගොඩක් උදව් කරන කෙනෙක්.(නදී)
විදේශ ගතවී මුදල් පමණක් තර කරන ශ්‍රී ලාංකිකයන්ට මෙම මහතා ලොකු ආදර්ශයක්.(නදී)
'ආයුබෝවේවා මහා රජාණනි' කියන සිංදුවෙන් පිදිය යුත්තේ මෙම උතුම් මිනිසායි.(නදී)
මහත්මයානනි, ඔබගේ මහගු සේවය මම අගය කරමි. මෙම පරිත්‍යාගය ලොව සැම තැන වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට පරිත්‍යාගයක් වේවා! (නදී)
අපේ රටේ ධනවත්තුත් මේහෙම උනානම් (දිල්)
ඔබ කරන මේ උතුම් ක්‍රියාවට ගොඩක් පින්.(නදී)
කීර්තිරත්න මනුස්සයෙක් නොව මිහිපිට උපන් දෙවියෙක්. නමුත් මම සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිනවා එම මනුස්ස කමින් අයුතු ප්‍රයෝජන නම් ගන්න හදන්න එපා. මට හිතෙන හොදම දේ තමයි ඔහුගෙන් උදවු අරන් මෝදනා ආපු කට්ටිය ඔහුට කළගුණ සලකා ඔහු නමින් පදනමක් ආරම්භ කර එය ඉදිරියට ගෙන යාම ඔහුට කරන ඉතාම උතුම් කළගුණ සැලකීමයි.(නදී)
ඔබ ඇත්තටම, ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකිකයෙකි. අපේ රටේ දේශපාලකයින්ට මහත් ආදර්ශයකි. ඔබට ජය හා සතුට.(නදී)
ඔබතුමාට ගොඩක් පින්. වැඩි වැඩි වැඩියෙන්ම ලැබේවා. (නදී)
ඉතා හොඳ වැඩක්.(නදී)
ඔබේ උතුම් සත් ක්‍රියාව අගය කරමි.(නදී)
මේ වසන්ත මහත්තයට හැමෝටම උදව් කරන්න බැහැනේ. ඒ වගේම උදව් ඉල්ලන අයත් දැන ගන්න ඕනේ එයාගෙන් අසීමිතව උදව් බලාපොරොත්තු නොවෙන්න. එයා කරන්න පුළුවන් තරම දැනටමත් කරනවා. නරකද මෙයා දිහා බලල තවත් කවුරු හරි මෙයාගෙන් අදර්ස ගෙන වෙනත් අයට සොයා බලා උදව් කලොත්. එවිට රටත් නිකන්ම සංවර්දනය වෙනවා ටිකක් හිතා බලන්න.(නදී)
නන්දන පනගොඩගේ කටේ මසුරන් දාන්න වටිනවා දරන අදහසට.(නදී)
ඒකට එංගලන්තේ ඉන්න අය කාර් එක යාරයක් ඉස්සරහට ගියත් පැන්සේට ගණන් හදනවා.(නදී)
රටේ නාස්ති කරන හා වංචා කරන සල්ලි ජනතාව අතරට යනවා නම් මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ? ඒ ගැනත් හිතන්න. ජනගහනය වැඩි කරන්න කියන අතර අනිත් ජාති වල මිනිස්සු වගේ සිංහලයනුත් තමන්ගේ ළමයි හදාගන්න අත දෙන්න ඕනේ. (නදී)
මෙයාව මම පුද්ගලිකවම දන්නවා. කෝටි, ප්‍රකෝටිපතියෙක්. හරි ශෝක් නිරහංකාර මහත්තයා.(නදී)
කිරිවල විෂ ගැන හිතලා ඒ වෙනුවට ගන්න පුළුවන් දේ ගැන වෙද මහත්වරුන්ට කියාදෙන්න පුළුවන් නේද? (නදී)
තව තව ලැබෙන්න ඕනේ පිටරට ඉන්න ඔබ වැනි අයට මිසක් මුදල් පමණක් තර කරන ආත්මාර්ථකාමීන්ට නොවේ.(නදී)
මුදල්, ධන ධාන්‍ය සහ පින් සිත පහල වී කොපමණ දුන්නත් අයෙත් තව ලැබෙන්නේ සසරේ කෙලවර සිටින පින්වන්තයන්ටයි. (අ)
ඔබ තුමන් ට නිදුක් නිරූගි සුවය සතුට සමාදානය සහ ජයම වේවා ......... (අ)
සුපිරි වැඩක් ! කිරි බොන්න සල්ලි දෙනවට වඩා මට හිතෙන්නේ මොනවා හරි වැඩක් කරන්න උදවු කරන්න පලුවන්නම් හොන්දයි කියල.මම මේ ඒවගේ වැඩකට විස්තර හොයන ගමන් හිටියේ.ඊට කලින්ම මේ මහත්තය උදවු කරලා. ගොඩක් පින් ! (අ)
මෙතුමා වගේ ගුණවතුන් අද ඉන්න බව ඇසීමත් එක්තරා වාසනාවක්, ඔබතුමාට මෙවන් පින් කිරීමට තවත් සිත් දේවා (අ)
ඔබ මිලානෝ අපිට ලොකු ශක්තියක්. ඔබට ජයෙන් ජය! (නදී)
දෙමළින් කියමනක් තිබෙනවා. කෝවිල් දහසක් බඳිනවට වඩා ගොඩක් පින් ලැබෙනවා එක ළමයෙක්ට ඉස්කෝලේ යන්න උදව් කලානම් කියලා. මෙම මහත්තයට පින් ලැබෙන්න මහා විශ්නු ආශීර්වාදය ලැබේවා! (නදී)
මට හිතෙන්නේ ඔබ පාරමී භුමියේ ඉන්නේ. ඔබට බුදුසරණයි.(නදී)
ඔබට පින් සිදු වේවා! විදේශ වල සිටින ශ්‍රී ලංකාවේ මහතුන් මේ උතුම් මිනිසාගෙන් යමක් දැන් වත් ඉගෙන ගත යුතුය. පිට රට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ තරම අපි හොඳ හැටි දකින නිසා තමයි මෙහෙම වත් කියන්නේ.(නදී)
ඔබ දිනෙන් දින දියුණු වේවා! (නදී)
මතු බුදු වැඩ හිටින කාලයේ ඔබ තුමා මෙම බිරිඳ සහ දරුවන් සමග ඉපිද බුදුන්ට දානය දී මහා පින්කම් රැසක් කර නිවන් යාමට මේ පින් හේතු වාසනා වේවා! (නදී)
රටේ දනස්කන්දය සැම දෙනා අතර සමසේ බෙදී නොයා කොටසක් අතර පමණක් දෝලනය වන විට දුප්පතුන් වැඩිවෙනවා. මේ ක්‍රමය දිගටම පැවතියහොත් ඉදිරියේදී රටේම ඉන්න පවුල් වලට උදව් කරන්න සිද්ද වේවි.(නදී)
නන්දන පනාගොඩ මිලානෝ මහතාගේ කියමන මම අගේ කොට සලකනවා. (නදී)
"සත් ගුණවත්" නමට ඉදිරියෙන් තිබිය යුත්තේ මෙවන් උතුමන්ටයි.ඔබට වැඩි වැඩියෙන්ම ලැබේවායි පතමි. (දිල්)
මේ ආකාරයට ජාතීන් එකමුතු කරන්න සංවිධානය වෙමු.(දිල්)
නන්දන පනාගොඩ ඔබගේ ප්‍රකාශය හරිම සත්‍යක් ස්තූතියි.(දිල්)
දේශපාලකයෝ නම් යාලු කරගන්න එපා.(දිල්)
ඔබට සියලු දෙව් රැකවරණ ලැබේවා.(දිල්)
ඔබ පිටරට සිටින අපි වාගේ මහත් ආදර්ශයකි. සුවපත් වේවා! නිවන් දකිත්වා!(දිල්)
නන්දන පනාගොඩ මිලානෝ, ඔබගේ ප්‍රකාශය සම්පූර්ණ සතයක් ලෙස මමද එකහෙලා එකඟ වෙනවා.(දිල්)
ඔබට දිව්‍ය සැප ලැබීමට වරම් ලැබේවා! (නදී)
ඔබ කරන ලද මෙවැනි පුන්‍යක් ක්‍රියා නිසා ඔබට නිරෝගී සුව සහ දිර්ගායුෂ ලැබේවා! තවත් දියුණුව ලැබේවා! (නදී)
තෙරුවන් සරණින්,දෙවි රැකවරණින්,සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබට ශක්තිය,ධෛර්ය ලැබේවා.ඔබට සහ ඔබගේ පවුලේ සැමට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි. (අ)
මෙතුමා ගැන අවංකව මා සතුටු වෙනවා. මෙතුමා මම හොදින් දන්නවා. උසස් මිනිස් ගුණපිරි අවංක මිනිසෙක්. බොහෝ අයට උදව් කරණවා නමුත් ප්‍රසිද්ධිය බලාපොරොත්තු නෑ. මෝදෙනා සියලු පොදු කටයුතුවලට මෙතුමා මහා ශක්තියක්..(නදී)
බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වමින් ලියා තිබුන මේ මහත්මය "මිහි පිට දෙවියෙක්" කියල. ඒ කතාව මමත් එක හෙලාම අනුමත කරනවා. නමුත් මට අදහා ගන්න බැරි මේ වනතුරු මේ පවුලට හාල් ඇටයකින උදව් නොකළ "මිහිපිට නැති" දෙවිවරුන්ගේ පිහිට කීර්තිරත්න මහතා ට අරන් දෙන්න උත්සාහ කරන මිනිසුනුත් අප අතර ඉන්න එකයි.(නදී)
බලාගෙන යනකොට ආණ්ඩු හෝ තානාපති සේවය ඉටු නොකරන දැවැන්ත කාර්යභාරයක් ලංකාදීප පුවත් පත ඉටු කරනවා. ඒ විශිෂ්ට මාධ්‍යය ආයතනය විසින් ලාංකිකයින්ට හඳුන්වා දුන් ඉතාලියේ දානපති මහත්මයත් ඉටුකරනවා. කවුරු කවුරුත් මේක ආදර්ශයකට ගන්නවා හොඳයි.(නදී)
ඔබට තෙරුවන් සරණයි. තව තවත් සමාජයට සේවය කිරීමට ඔබට ශක්තිය ලැබේවා! (නදී)
ඔබට තෙරුවන් සරණයි.(නදී)
අපෙ රටේ බිලියන් කාරයෝ හිටියත් මේ වගේ වැඩ කරන්නේ කීයෙන් කීදෙනාද? අගය කල යුතු රට ගිය ශ්‍රී ලාංන්කිකයෙක්. ඔබට තව තවත් ආදයම් ලැබෙන්න ඕනෑ.(නදී)
සිඩ්නි සමන් මහතාත් කරන්නේත් ඔය ටිකම නේද? (නදී)
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඔබ දෙන ආදර්ශයට ගොඩක් පින්.(නදී)
ඉතාමත් හොද වැඩක් ඔබට තව තවත් මෙවැනි පින් කටයුතු කිරීමට ලැබේවා (ත)
ආයුබෝවේවා වසන්ත මහත්මයානනි.(නදී)
අනේ අපිටත් උදව් කරන්න.
අනේ අපිටත් උදව් කරන්න. දුව 3 වසරේ... පුතා පෙරපාසලේ... ඒත් බඩු ගන්න නැති නිසා ගෙවන්න සල්ලි නැහැ.. පුළුවන් විදීයට මං කියලා දෙනවා.