ඉතාලියේ දුරබැහැර නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට එහි රෝම අගනුවර ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයයෙන් සලසන සේවා සිමාසහිත වී ඇතැයි ද ජුලි අගෝස්තු මාසවල දි හී‍්‍ර ලංකාවට යෑමට සිටින අයගේ ලියැවිලි සකසා ගැනීම ප‍්‍රශ්නයක් වී ඇතැයි ද දැනගන්නට ඇත. කාර්ය මණ්ඩලය හිඟයක් මීට බලපාතියි ශ්‍රී ලාංකිකයෝ කියති. තානාපති අසිත පෙරේරා මහතාගෙන් මේ ගැන විමැසිමට ගත් උත්සාහය අසාර්ථක විය. නියෝජ්‍ය තානාපති අරුණ රණරාජා මහත්මියගෙන් ඇසුවිට පිළිතුරුදීම ප‍්‍රතික්‍ෂේප කළාය, කොන්සියුලර් නිලධරයාගෙන් තොරතුරු ගන්නැයි ඇය කීවාය. එම නිලධාරියා ද දුරකථනයට සම්බන්ධ කැර ගත නොහැකිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට විදේශ විනිමය, විදේශ විනිමය...ඒවා ගෙන එන්නන්ට සලකන්නේ මෙහෙමද.අඩුම තරමින් තානාපති සේවයේ ඉන්න කාර්යය මණ්ඩලයවත් වැඩි කරන්න බැරිද? එක පැත්තකින් බැලුවහොත් මෙම කාලයේදී( යුරෝපයේ මෙම කාලය කව්රුත් නිවාඩු යන කාලයයි) කාර්ය මණ්ඩලයේ ඉන්න අයත් මේ කාලයේදී නිවාඩු යනවා නම් ඒ බව කල් වෙලා ඇතිව දැනුම් දෙන්න පුළුවනි තානාපති කාර්යාලයේ කරනුලබන දැන්වීමක් මගින්. එවිට සේවය ලබා ගන්නට එන අයට පුළුවනි පෙර සුදානමක් වෙන්න. තව දුරටත් මේ ප්‍රශ්නය දිහා බැලුවිට පෙනෙන දෙයක් වන්නේ, අපේ අයත් තානාපති කාර්යාලයට යන්නේ අන්තිම මොහොතේ බව. එහෙම ගියවිටදී, නිවාඩු යන සේවක පිරිසත් දිහා බැලුවිට කොහොමද එම කාර්යාලයේ ඉන්න අඩු සේවක පිරිසකගෙන් වැඩි සේවයක් බලාපොරොත්තු වන්නේ; මේ මට පෙනෙන පැත්තයි. අනේ මන්දා මම වැරදිද කියලා.
මගේ සමහර යාලුවෝ ලංකාවට ඇවිත් නැවත ගිය විට රස්සා නැහැ
තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ වැරදි නේද?
ඒ ගැන කතා කරන්න එපා වැඩිය.සුදු වෑන් ආවොත් එහෙම...
රූපසිජංහ හරි.ඒත් කල් වෙලා ඇතිව සුදානමක් වෙන්න.අපේ අය තානාපති කාර්යාලයට යන්නේ අන්තිම මොහොතේ.තානාපති කාර්යාල වැඩ කරන්නෙ නිදිමතින්.රස්සාව ආරක්ෂ කරගන්ට තමන් දැන ගන්න ඕනි.ඒකට තානාපති කාර්යාලයට කරන්න දෙයක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ.
අපේ තානාපති කාර්යාලයේ ඇත්ත විස්තරේ දන්නේ එතනට යන එන අපේ ශ්‍රී ලාංකිකයොම තමයි ඉතිං
ශ්‍රී ලංකා ඉතාලි තානාපති කාර්යාලය වසර ගණනාවක සිටම මේ තත්වයේම තමා තිබුනේ. අදත් එම තත් වයේම තමා ......වැඩක් කරන්න ගියහම තියන අමාරුව .....අද මම මේ ලිව්වේ මම දවසක් මිලානෝ ඉදල එම්බසියට ගිය දවසක මම ම දැක්ක දෙයක් නිසා
සමන් සුදු වෑන් ආවත් කරන්න දෙයක් නැහැ මේ ග්‍රීසියේ ඉන්න අපිත් අසරණ වෙලා දැන්. මොකද අපේ කොන්සිල් කාර්යාලයත් වහල.අපිත් ඉතාලියේ තානාපති කාර්යාලයේ පිහිට පතමිනුයි ඉන්නේ. ඔයාලට ඔහොම නම් ඉතින් දැන් අපට කාගේ පිහිටක්ද? වගකිවයුත්ත්ටන්ගේ අවධානය යොමුවේවා අපට.