"ඉතාලියේ නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇතිවන අවරත හිරිහැර දිනෙන් දින ම වර්ධනය වන බව දක්නට ලැබෙනවා. ඉතාලි ජාතික ඇතැම් නොසංඩාල තුරුණු කල්ලි විසින් හුදු විනෝදය පිණිස හුදකලා ව හමුවන ශ්‍රී ලාංකිකයනට පහරදෙනවා,මංකොල්ලකනු ලබනවා ,සොරකම්කරනු ලබනවා. එම කල්ලිවලට ඇති බිය නිසා කිසිවකු විසින් හෝ පොලිසියට පැමිණිලි කිරිමට ඉදිරිපත් වන්නේ නැහැ .මේ අනදරය සඳහා කඩිනම් පියවරක් ගතයුතු ව තිබෙනවා ." නපොලියේ ශ්‍රී ලංකා ගරු කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ මහතා එසේ ප්‍රකාශ කෙළේ ය .
ඒ මහතා එසේ සඳහන් කෙළේ "ලංකාදීප එසැණ පුවත් "වෙනුවෙන් කෙරුණු වෙසෙසි කරුණු පහදුවක දී ය. එම කරුණු පහදුව නපොලියේ සල්වතොර්රෝසාහි පිහිටි ශ්‍රීලංකා කොන්සල්කාර්යාලයේ දී ඉකුත් දා සිදුකෙරුණි .සිය ලේකම් චන්ද්‍රසිරි නානායක්කාර ,කාර්යමණ්ඩලයේ ශාන්ත ජයවික්‍රම යන මහත්වරුද කරුණු පහදුවට එක් වූහ .
ගරු කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ මහතා මෙ සේ ද ප්‍රකාශ කෙළේ ය ."මේ අනදරය දිගු කලක සිට ම සිදුවන්නක් .
එත් මෑතක සිට එම තත්ත්වයේ දැඩි ප්‍රවර්ධනයක් දක්නට ලැබෙනවා. සනිතා ප්‍රදේශය ,රෝම පාර හෙවත් ටෝලේඩෝ පාර ප්‍රදේශය ,කවෝර් ප්‍රාදේශීය ,මස්සීනි චතුරශ්‍ර ප්‍රදේශය ඈ තැන්වලිනුය් මේ අභාග්‍ය සිදුවීම් වැඩිපුර වාර්තා වන්නේ. එම කල්ලිවලට ඇති බිය නිසා කිසිවකු විසින් හෝ ආරක්ෂක අංශවලට පැමිණිලිකිරිමට ඉදිරිපත් වන්නේ නැහැ ."
"මේ ගැටළුවට ගතයුතු පියවර ගැන සාකච්ඡා කරනු පිණිස නාපොලි නඟරාධිපතිවරයා මුණගැසී පිළියම් සෙවීම අප විසින් සිදුකරනු ලැබුණා . නාපොලි කම්පානියා නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් මහතාණන් හමුවී කරුණු පහදුවක් අප විසින් සිදුකරනු ලැබුණා .එම හමුව සඳහා නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික
නියෝජිත පිරිසක් ද සහභාගී වුණා . කරුණු පහදුවේ මුලික අරමුණ වූයේ ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ අරක්ෂාවයි .දෙවන කරුණ වූ යේ ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ සංස්කෘතික උලෙළු සඳහා පරිශ්‍ර පහසුකම් සහ ශාලා පහසුකම් නගරසභාවේ අනුග්‍රහයෙන් පහසු ගෙවීම් ඇතිව සපයාගැනීම ය."
" මේ දෙපස් හමුවට නාපොලි නාගරික මන්ත්‍රී ෆ්‍රන්චෙස්කෝ වෙර්නෙත්ති මහතා ද එක්වුණා . ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක් නොව සියලු ම සුළු ජනවර්ග සඳහා උපරිම ආරක්ෂාවක් සලසා දෙනු පිණිස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටීමට ද අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යවරයාණන් දනුම්වත්කර නිසි පියවර අයැදීමට ද නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් මහතා එකඟ වුණා .එ පමණක් ද නොව ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ සංස්කෘතික උලෙළු සඳහා පරිශ්‍ර පහසුකම් සහ ශාලා පහසුකම් නගර සභාවේ අනුග්‍රහයෙන් පහසු ගෙවීම් ඇතිව ලබාදීමට ද ගිවිසියා . නඟරාධිපති හමුවේ නියෝජිත පිරිසට නපොලියේ නවජේසු පුදබිම් දෙව් මැඳුරේ ඇන්තනි වීරසිංහ පියතුමන් ද චන්ද්‍රසිරි නානායක්කාර ,ශාන්ත ජයවික්‍රම ,නිශාන්ත සෙනරත් ,රාජා ප්‍රනාන්දු ,සුරේනි කළුගමගේ යන මහත්මමහත්මීහු ද සහභාගී වූහ .
නාපොලි කම්පානියා නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් ශ්‍රී ලංකා කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ ,නාපොලි නාගරික මන්ත්‍රී ෆ්‍රන්චෙස්කෝ වෙර්නෙත්ති මහතා නවජේසු පුදබිම් දෙව් මැඳුරේ ඇන්තනි වීරසිංහ පියතුමන් ද චන්ද්‍රසිරි නානායක්කාර ,ශාන්ත ජයවික්‍රම ,නිශාන්ත සෙනරත් ,රාජා ප්‍රනාන්දු ,සුරේනි කළුගමගේ යන මහත්ම මහත්මීහු
ශ්‍රී ලංකා කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ මහතා
ශ්‍රී ලංකා කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ .සිය ලේකම් චන්ද්‍රසිරි නානායක්කාර ,කාර්යමණ්ඩලයේ ශාන්ත ජයවික්‍රම යන මහත්වරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලියද්දිත් ඉතාලි බාසාව කලවම් වෙලාද මන්දා (අ)
පටලගන්න එපා ,,,,,, ඉතාලියේ ඉන්න බහුතරයක් හොද මිනිස්සු ,,,,,මේකට හේතුව දිනෙන් දින සිදුවට යුරෝපයේ ආර්ථික කඩ වැටීම ,,,, (ම)
ඇතැම් ඉතාලි කාරයන් ඔහොමමයි කිසි හැදියාවක් නෑ (අ)
මේ අදහස් දාන අය ඉතාලිය ගැන මෙලෝ දෙයක් හොයලා බලලා දාන අයද? බහුතරයක් ද්වේශසහගතව ඉතාලිය දකින්නේ. සම්පුර්ණ වැරදි මතයක්. ලෝකයේ ඉතාලිය තරම් අසරණ මිනිසුන්ට උදවුකරන ජාතියක් කොහෙවත් දකින්න නැහැ. සුළුතර දාමරික කොටස් කොයි ලොවෙත් ඉන්නවා. (නි)
කෝ අපේ ඉතාලි යාලුවා, පැරිසිය ගැන දන්නා ...? හිනා හිනා වෙන්න හිනා (නි)
අවිර, ඉතාලිකාරයන් ඔක්කොම වෙන්නේ කොහොමද? දැන් එතකොට ඔය කට්ටිය එක්ක ඉන්නේ ඇමරිකන්කාරයෝද? ඉතාලි ගොඩක් මිනිස්සු බහුතරයක් හරිම සුහදශීලි ජාතියක් ... (නි)
ලංකාවෙන් පැනලා ඉතාලියේ හැංගිලා ඉන්න සහ හිටපු මැරයින්ට බැරිද මේකට සුදුසු පියවරක් ගන්න (නි)
මේ තත්වය ඇතිවුනේ විමල් ඉතාලි ගිහින් දේශන පැවැත්වුවට පසු කියා සමහරු කියනවා. (බ)
ඉතාලි ජාතිකයෝ ම්ලේච්ඡයන් ලෙස හඳුන්වනවාට මම විරුද්ධ වෙමි. ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල ක්‍රමයට රැකියා කිරීමට සහ වාසය කිරීමට යුරෝපේ ඉඩදුන් එකම රට ඉතාලියයි. ඉතාලියේ ආර්ථිකය දැන් වැටිලා. එම නිසා අඩු අාදායම්ලාභී ඉතාලි ජාතිකයෝ එහි ජිවත්වන විදේශිකයන්ට පහරදීමට පෙළඹිලා. ඉතාලි භාෂාව හොඳට කතාකරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේදී ඉතාලියේදී උපයන මුදලට වැඩි මුදලක් සංචාරක ව්‍යාපාරයේ හොයාගන්න පුළුවන් (නි)
මට නම් ඉතාලිය කියන්නේ යුරෝපයේ තිබෙන එපාමකරපු රට (නි)
අසංක මොනවා කියනවාද කියලා මට තේරෙන්නේ නැහැ (නි)
අපි බලමුකෝ ලාංකිකයන්ට උදවු කරයිද කියලා (නි)
මෙවන් ලිපි මඟින් අප දැනුවත්කරන ලංකාදීපයට තුති! (නි)
අචිර, ඉතාලිකාරයෝ කිසි හැදියාවක් නැත්නම් පුදුම උගත්කමක් තියෙන ලෝකෙටම ආඩම්බර වෙන්න පුළුවන් හැදියාවක් තිබෙන සිංහලයෝ මොකටද ඉතාලියට ගියේ? තමන්ගේ ශ්‍රීමත් මවුබිමේම ඉන්න තිබුණනේ යහමින් වැජඹෙමින් (නි)
පිටිගල මිලානෝ කෝ? නැද්ද දාන්නේ අදහසක්? (නි)
අසංක, තමුන්ගේ උගත්කම සිංහල භාෂා දැනුම මහජනතාවට පෙන්වන්න එපා. ලජ්ජා නැද්ද? (නි)
එහෙ ඉන්න සමහරු ඉතාලි මැරයන්ගෙන් ගුටිකකා මේ පිටුවට විත් අනෙක් උදවියට අපහාස කරනවා. ලැජ්ජයි. (නි)
ඉතා හොඳ ලිපියක්. මෙවන් ලිපි අපි ආශාවෙන් බලනවා (නි)
ඔය පිටිගලට දෙකක් අනින්න එයා ඉතාලියේ නැද්ද දන්නෙ නැහැ මේ දවස් වල? (නි)
ලංකාවේ විදේශ ඇමතිට ලංකාවේ ඉන්න ඉතාලි තනාතිපතිව විදේශ අමාත්‍යංශ කාර්යාලට ගෙන්වලා මේ පහරදීම් පිළිබඳව කරුණු රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් අහන්න පුළුවන්. ආ මම දවල් හීනෙන් ඇහැරුනා... (නි)
දැන් දැන් ආයෙත් නැගිටින අපේ පාතාලේ කට්ටියවත් අල්ලලා ඉතාලි පටවමුද? (නි)
මේ ලිපියේ බස් වැහැරුම මට සිහිකරන්නේ යටත් විජිත යුගයේ ආණ්ඩුකාර උතුමාණන් ගැන ලියවුන ප්‍රශස්ති.(ම)