තේවත්ත පුදබිමේ හැත්තෑ පස්වැනි ජයන්තියත්, ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ හැට අට වැනි ජයන්තියත් නිමිතිකරගෙන ඉතාලියේ ශ්‍රම සංක්‍රමනිකයෝ පෙබරවාරි අට වැනිදා උදෑසන වතිකානයේ ෆ්‍රැන්සිස් පාප්තුමා බැහැ දැකීමට සැරැසෙති.
වතිකානුව මේ බව තහවුරුකරතිබේ. මෙදින ශ්‍රි ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 10.30ට ශාන්ත පීතර බැසිලිකාවේදී දිව්‍ය පූජා මෙහෙයක් ද පැවැත්වීමට නියමිතය.
ඉතාලියේ වෙසෙන 15000ක පිරිසක් මීට සහභාගි වෙතියි බලාපොරොත්තුවේ.
ඉතාලියේ ශ්‍රමසංක්‍රමිකයන්ගේ ජාතික සම්බන්ධිකාරක නෙවිල් ජෝ පෙරේරා පියතුමා මේ හමුව සංවිධානය කරයි.
මෙම දේවමෙහෙයට සහභාගීවීම සඳහා ඇතුළු වීමේ අවසරපත් ඉතාලියේ කිතුනු සංඝය භාර පියතුමන්ලාගෙන් ලබා ගත හැකිබව ද නෙවිල් ජෝ පියතුමා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොවැලක්විය හැකි හේතුවක් මත මා හට මෙම ගමනට සහබාගි වීමට නොහැකි විය. නෙවිල් ජෝ හිමිනමටත් මිලානෝ කිතුනු සන්ගයේ මැල්කම් පෙරේරා පියතුමා සමග මෙය නියෝජනය කරනු ලබන මිලානෝ සැමටත් සුබ පතමි (අ)
තේවත්තේ පල්ලියේ ගහල තියනවා මුගලන් රජතුමා ලංකාවේ පළමු කිතුනු රජු කියලා ඒක ඇත්තද ?දැනගන්න ඇහුවේ. (නදී)
පහන් මතුකළ ප්‍රශ්නය හැමෝම වගේ මග හැර තියෙනවා. මේ කතාව පිටුපස තියෙන රහස භයානක කුමන්ත්‍රණයක්. (දී)
ඔබවහන්සේ කතෝලික ජනතාව වෙනුවෙන් කරන සේවය ඉතාමත් අනර්ඝයි. මේ සේවය නිරතුරුවම අපට ලබා දෙන්න ඔබට සියලුම දෙවි පිහිට ලැබේවා. (නදී)
ඉතාමත් හොඳ වැඩක් ..ජර්මනියේ සිට අගය කරමි.එය සංවිධානය කල හැමෝටම මගේ ප්‍රණාමය...(අ)
මෙය සංවිදානය කරමින් රෝමය කරා බස් රථ ගෙන යන බලපිටියේ හිටපු නාවික සෙබල රවී සොයිසා මහතාට ස්තුතියි.(නදී)
නාවික සෙබල රවී මහතා තම ධන පරිත්යාගෙන් මේ කරන සත් ක්‍රියාවට වයස් ගත මිලානෝ ආන්නි 60 කාන්තා වන්ගේ සුබ පැතුම් .(නදී)
බස් එකේ යන්න යූරෝ 40 ක් පමණයි ගන්නේ. මුදල් රවී මහතාට ලබාදී .ආසන ඉක්මනින් වෙන් කර ගන්න.(නදී)