ඉතාලියේ මිලානෝ නුවර කේන්ද්‍ර කරගනිමින් සිදුවන ලක් පාතල ක්‍රියාකාරකම් පිළිබඳ විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගේ අවධානය යොමුව තිබේ.
ඔහු එසැණට පැවසුවේ විදෙස්ගත සාමකාමී ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් කරන තොරතුරු අනාවරණය කරන මාධ්‍යවේදීන්ට තර්ජන කරන හොර තක්කඩින් ගැන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සකච්ඡා කොට ඉතා ඉක්මණින් ඔවුන්ට විරුද්ධව සුදුසු පියවරක් ගන්නා බවයි.
ඉතාලි පොලිස් පරීක්ෂණ සඳහාද විදේශ අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය එක්ව සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව ඒ මහතා එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ අයගෙන් ඇහුවනම් හොයල දෙවි .මොකද මේගොල්ලෝ එයාගේ ගොලයෝනේ .(අ)
ඉතාලි වල පාතාලය මඩින්න පියවර ගන්න සැලසුම් කරනවා වගේ ,ලංකාවෙත් පාතාලය තුරන් කරන්න බලධාරින්ගේ ඇස් අරුනොත් නරකද? (නි)
මේක පළවෙනි දවසෙ දාපු වෙලාවෙත් අදාළ මැරයන්ගෙ නම් ගම් කට්ටිය හෙළි කළා. ඒත් තාම විමර්ශන විතරයිනේ, ප්‍රතිපලයක් නැහැනෙ (නි)
කරන්න පුලුවන් දේවල් කරලා බලමු එහෙනම් .... (නි)
මේ ප්‍රශ්නය සති දෙකක විතර ඉදන් සාකච්ඡා වෙනවා. නමුත් ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රිකව නිල වශයෙන් ඉතාලි රජයෙන් මේ වෙනතුරු මේ පාතාලයන් ගැන ක්‍රියා කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙහෙ පොලිසිය එක්ක ඒ සෙල්ලම් බැහැ. (නි)
පාතාලයෝ පුළුවන් නම් එන්නකෝ වෙනිසියා පැත්තට, අපි කවුද කියලා පෙන්නන්න. (නි)
හොරාගේ අම්මගේන පේන අහන්න යන්නේ. අපි හැමෝම දන්නවන් මෙයාලා ඉතාලි අවේ කොහොමද කියලා.(නදී)
පාතාලයට වැඩි ආයුෂ නැහැ (දී)
ආණ්ඩුවේ වගකිවුතු නිලධාරීන් සහ පොලිසියේ බුධි අංශය පුවත්පත් බලනෙම නැද්ද? මේවා ලෝකය හිනස්සන විහිලු කතා. උසාවියට අවශ්‍ය වරෙන්තුකරුවන් අල්ලන ආරක්ෂක ලේකම් අවශ්‍ය වෙන්නේ නැහැ. පොලිසියට පුලුවන් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තුකරු අත්අඩංගුවට අරගන්න ඉල්ලීමක් කරන්න. ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙන්නේ එම ක්‍රමයි. ඉතාලිය බොහොම කැමැත්තෙන් මේ ගොල්ලව භාර දෙවි ? අපරාද කාරයෝ දන්නවා එහෙම ඉල්ලීමක් ලංකාවේ ආණ්ඩුවෙන් එන්නේ නැති බව. එමනිසා මොවුන් නිදහසේ හැසිරෙනවා ව්‍යාපාර කරනවා. සමහරු ඉතාලියේ සිට ගෝලයන් හරහා ලංකාවේ කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරවනවා , මංකොල්ල ´සංවිධානය කරනවා . මෙය ඉතාම භයානක තත්වයක් මේවයේ ප්‍රතිපල අපිට තව අවුරුදු 5 විතර බලාගන්න පුලුවන්න්.(නදී)
ඒ කට්ටිය මෙහාට ගෙන්වාගන්න. අපේ පුරප්පාඩු ගොඩක් ඇති වුනා ලඟදි. (නි)
මම නම් හිතන්නේ ලංකාවේ විදෙස් අමාත්‍යංශයට විදේශිකයන් ගැන දැනුම අඩු බවයි. ඒකනේ කිසිම විකල්පයක් එකම විදෙස් තානාපති කෙනෙක් හරහාවත් ජිනීවා ප්‍රශ්නයේදී එන්නේ නැත්තේ. දැන් ඔය ඉතාලිය කියන්නේ මාෆියා රජ දහන. අපේ තක්කඩි ටික ලංකාවේ දී අල්ලගන්න බැරිව දැන් ඉතාලියේදී ඔය මිනිස්සුන්ව කීයටවත් අල්ලන්න ලුළුවන් වෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ (නි)
ප්‍රභාකරන් මුලින් කලේ ඉන්දියාවෙන් හොර බඩු ගෙන්වීම වැනි සුළු අපරාධ. ඔහු වරෙන්තු තිබෙන විට ඉන්දියාවට පැන්නා. එල්.ටී.ටී එක මුලින් පොඩි මාෆියා සංවිධානයක්. බලන්න ඔවුන් රටට කල විනාශය. ඔහු ඒවා කලේ දැනට අවුරුදු 35 විතර උඩදී , දැන් තාක්ෂනය දියුනුයි. ඒ දවස් වල ප්‍රභාකරන් මර්දනය කළ නම් මෙපමණ විනාශයක් නැහැ. මේ පාතාලයෝ ඉදිරියට ලංකාවේ ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන්න පුළුවන්.(නදී)
කෝ ඉතින් තවම අරයව අල්ලගන්න බැරිවෙලා නේ. ඕවා නිකන් කයිවාරු විතරයි.(නදී)
ලැසි ඔයාගේ කතාව හරි. නමුත් මෙහෙ හිරගෙවල් හරියට හෝටල් වගේ. මේවා මෙයාලට හොද වැඩියි. මලයාසියා හිරේට තමා මෙයාලව අරින්නේ ඕනෑ (නි)
ඉතාලි වල සිටින බොහෝ දෙනෙකු ගැන සොයන්න වෙනවා. (නි)
ඉතාලි ඉන්න පාතාලයෝ අල්ලන්න කලින් උන්ට උදවු කරන ඇත්තෝ අල්ලලා ඉන්න.(ස)
ඇයි එහෙට එස් ටී එෆ් යවන්න බැරි? (ත)
අපි සිටින තුරු පාතාලයන්ට නටන්න දෙන්නේ නැහැ (ත)
වැලිකඩ සුදානම්.(නදී)
මම නම් හිතන්නේ මෙච්චර වෙලා ගන්නවා පරක්කු වැඩියි කියලා. මෙහෙම අපරාදකරුවෙක් අත් අඩංගුවට ගන්න හරි ලේසියි. දැන් මේ විෂය සති 2ක් ඉදන් සාකච්ඡා කරනවා. නමුත් කිසි ප්‍රගතියක් නැහැ. මේ සදහා විය යුත්තේ මෙයයි. මුලින්ම ශ්‍රීලංකා විදේශ කටයුතු අංශය ඉතාලියේ විදේශ කටයුතු අංශයෙන් සහ අභ්‍යයන්තර කටයුතු අංශයෙන් නදුන් සහ අනෙකුත් කට්ටිය අත් අඩංගුවට ගැනීමට අවසර ගත යුතුයි. පසුව ලංකාවේ ආරක්ෂක අංශයේ හතර දෙනෙක් විතර මිලාන් යවා ඉතාලි පොලිසියේ සහයෙන් මොවුන් අල්ලා ශ්‍රීලංකාවට ගෙන ආ හැක. මගේ අදහස නම් මේ අපරාධකාරයෝ ලංකාවේ සිර ගෙවල් වල නොතැබිය යුතුය. එය මොවුන්ට විශාල සහනයක් වන නිසයි. එනිසා මේ අපරාධ කාරයෝ ඉතාලියේ සිරගෙවල් වල දැමිය යුතුයි. ඒසදහා ඉතාලියේ උසාවි වල සහයත් ගත යුතුයි. නමුත් එය එතරම් ලේසි දෙයක් නොවෙයි. එනිසා අපි හොද සැලසුමක් ඇතිව මෙය කලයුතුයි.(නදී)
ඉතාලි ගියාය කියලා වැඩි වෙනසක් නැහැ අපේ කට්ටිය (දී)
ඉතාලියේත් පාතාල තියෙනවාද (දී)
අමුණුගම මහත්තයෝ ලංකාවේ නිලධාරීන් සමග සාකච්ඡා අවශ්‍ය නැහැ කියලයි මම නම් කියන්නේ. ඔබතුමා තානාපති මට්ටමින් ඉතාලි ආරක්ශක අංශයට මේ ගැන පැමිණිලි කරන්න (නි)
පාතාලයට කොහොමටවත් ආයුශ එපා
ඒක හොදයි
ලංකාවේ නම නැති කරනවා (දී)
මේවා නැති කරන්න ඕනේ
හරි හරි බලමුකෝ වැඩත් කතාව වගේමද කියලා. (නි)
කරුණාකර ඉතාලියේ සිටින සියලුම පාතාලයන් සහ ඔවුන්ගේ හෙන්චය්යන්ගේ විස්තර හැකි පමණ මේ පිටුවට ලියන්න. (ත)
ලංකාවේ නම විනාශ කරනවා
අපි මෙයා එක්කයි කවදත්...(නදී)