ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකික තුවාන් නසීර් මහතාට අයත් වෙළද සලක් කඩා වටිනා භාණ්ඩ සොරා ගැනීම පිළිබඳව තමා බෙහෙවින් කනගාටු වනබව රෝමයේ ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ මහතා පවසයි .
ලක් පාතාලයට සම්බන්ධ අපරාධ කරුවන් කීපදෙනා ව්‍යාපාරිකයන්ට මෙන්ම එහි ජීවත්වන සමස්ත ශ්‍රී ලංකිකයන්ටම අඩන්ටෙත්ටම් කරන්නේ
නම් ඔවුන්ට විරුද්ධව නොබියව ඉතාලි පොලිසියට පැමිණිලි කරන ලෙසත් ඉතාලි පොලිස් පරීක්ෂණ අනුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කිරීමට තමා පසුබට නොවන බවත් තානාපති පවසයි .ඉතාලියේ ජීවත්වන සමස්ත ශ්‍රී ලාංකිකයන් එකමුතුව ආරක්ෂාව තහවුරු කිරීම තම වගකීම බවද තානාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂේන්, බෙනෙට් කුරේ යනු නියම කුරේ කෙනෙක් ,කුරේලා කවදත් නියම මිනිස්සු අපි මොරටු කුරේලා ,ජයවේව!(දිල්)
බෙනට් කුරේ මහත්තයා මොනවගේ කෙනෙක්දෙ (අ)
ලාංකිකයින්ගේ හැටි නොදැනයි ඔය වැඩ කරන්නේ, අපේ ඇඟේ දුවන්නේ සිංහබාහු පරපුරේ ලේ (දී)
උප තානාපතිවරු කුරේ මහත්තයට වැඩ කරන්න දෙයිද? කකුලෙන් ඇදල තානාපතිකමට තට්ටු කරයිද? පරිස්සමින්. (අ)
ෂේන් , මම දන්නා තරමිනම් බෙනට් කුරේ කියන්නේ කියන දේ කරන මහත්තයෙක් අපි බලමු (අ)
ඉස්සර ලංකාවේ ඉස්කෝලේ යන කාලේ මෙතුමාගේ ඡන්ද පෝස්ටර් නාවල පුරාම අලවල තිබුන මතකයි...(අ)
ඉතාලි පොලිසියත් අපේ අයගේ සාක්කුවේ නම්??(අ)
කාගෙන්වත් අහන්න ඕනෙද ඉතාලි පොලිසියට කියන්න.පොලිසිය පරීක්ෂණ කරයි .දඬුවමුත් දෙයි .(අ)
කකුලෙන් අදින්න ඔතන කෙනෙක් ඉන්නවනම් එයා ඉතින් පන්දම් අල්ලල ඔතනට ආපු කෙනෙක්. එයාට ඔය වගේ වැඩ කරලා පුරුද්දක් තියෙනවා. (අ)
ශේන් ,බෙනට් කුරේ කියන්නේ අපි වගේම මනුස්සයෙක්.(නදී) .
අසිත පෙරේරාට වඩා , දාහක් හොඳ මිනිහෙක්.අසිත ඔක්කොම අවුල් කළා. (අ)