ඉතාලියේ මිලානෝ නුවර බෞසාන් හි ජීවත් වන මේරි දීප්ත ප්‍රනාන්දු මහත්මිය, ඉතා දිළිඳු පවුල් සදහා නිවාස තනා දීමේ ව්‍යපෘතියක නිරත වෙමින් සිටින්නීය.
එහි පළමු නිවස අද කටුනේරිය ගල් පඳුරු ප්‍රදේශයේ ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට පිරිනැමුවාය.
ඇය විසින් නැහැවුණූ තවත් නව නිවසක් දෙමටපිටියේ අසරණ පවුලකට ඉදිරි සතියේදීත් භාර දීමට නියමිතය.
දඹුල්ලේ නිවුන් දරුවන්ගේ පවුලේ තොරතුරු සොයා බලා ඔවුන්ටද නිවසක් තනා දීමට, ඇය ඉදිරි දින කීපයේදි එහි යාමට සූදානමින් සිටින්නීය, ලබන වසර කටුනේරිය ප්‍රදේශයේදී තෝරාගත් තවත් අසරණ පවුලකට නව නිවසක් තනාදීමට ඇය සූදානමින් සිටින්නීය. ඊට අමතරව ඉගෙනීමට දක්‍ෂ පස් දෙනෙකුටද ඇය ශිෂත්ව ප්‍රධානය කරයි.
අකාලයේ මිය ගිය තම පුත් අසිත සුජාන් පීරීස් (22) නමින් ඇය මේ පින්කම කරන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ පුතාට නිවන් සුව අත්වේවා! (නදී)
එම තරුණයට නිවන් සුව ලැබේවා(දිල්)
විදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් මේ දේවල් කරනවා ඇසීමත් සතුටකි. වැඩි හරියක් ආත්මාර්ථකාමීන් අතර ඔබ විශාඛාවකි! ඔබ මෙහි සිටින අපටත් ආදර්ශයකි. (අ)
පින්වන්ත අම්ම කෙනෙක් (අ)
ගොඩක් හොඳ වැඩක්. අපිත් කැමති උදව් කරන්න... (ස)
සාධු!!! සාධු!!! සාධු!!! (අ)
දුන් දේ සුවදයි නොදුන් දේ ගදයි ඔබට මේ දේවල් කරන්න ශක්තිය දහිරිය ලබේවා බුදු සරණයි (දිල්)
මම දන්නා කියන 04 දෙනෙක් ඉන්නවා. 04 දෙනාම හැදුනේ අනාත නිවාසෙක. එයාලට ඉන්න ගෙයක් නැහැ. බෝඩිම්වලයි ඉන්නේ. ලොකු පිනක් එයාලට මේ වගේ ගෙයක් හදල දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම්. සම්පුර්ණ විස්තර මට දෙන්න පුළුවන්. (නදී)
මෙ පින් බලයෙන් ඔබට නිර්වාණය අවබෝධ වේවා! සාධු සිතින් අපද , සිත් පහදවා ගෙන ඔබ කළ කුසල් අනුමෝදන් වන්නෙමු.(දිල්)
ඔබ තුමියගේ පුතුට මොක්සුව ඔබටත් සෙතක් වේවා (දිල්)
ඔබ කරන්නේ පුතාට විතරක් නෙමෙයි ඔබටත් උපදින ආත්මයක් ගානේ ප්‍රතිඵල ලබා ගත හැකි පුණ්‍යකර්මයක්. (අ)
‘තෙරව සසර සයුරෙන් තොප නොල සා තිරව ලබන මොක් සිරි සැප සක සා තොරව පවින් නිතරම මුනි බණ සා කරන කුසල් වීරිය පසු නොබැ සා‘ (දිල්)
සතුටුයි මේ වගේ දේවල් අහන්නත්! නුඹ මේ කරගන්නේ සැබෑම පින් වැඩක්! නිරෝගිව දිගුකල් ජිවත්වේවා!(දිල්)
අසිත සුජාන් පීරීස් තරුණ මහතාට නිවන් සැප ලැබේවා! (නදී)
ඔබ තුමාට ශක්තිය දහිරිය ලැබේවා! (නදී)
ඔබේ හදවතට දැනෙන සතුටම ඇති ඔබට තවත් පින් කරන්නට වාසනාව ලැබේවා! (නදී)
ඉතාලියේ ඉන්න දකුනේ මිනිස්සුන්ට ඕවා කරන්න වෙලාවක් නම් නැහැ. හිතේ නම් තියෙනවා.(නදී)
හරිම සතුටුයි අහන්න. මමත් පුළුවන් තරම් අපේ අයට උදව් කරනවා. මේ තරම් කරන්න පිනක් නැහැ තාම.(නදී)
මේරි නෝනගේ ක්‍රියාව පසසන අතර එම පුතු සාමදානයේ සැතපේවා! (නදී)
සතුටුයි මේ වගේ දේවල් අහන්නත්. නුඹ මේ කරගන්නේ සැබෑම පින් වැඩක්.(නදී)
හොද ආදර්ශයක්!! ඔබ තුමියගේ පුතුට මොක්සුව ඔබටත් සෙතක් වේවා (අ)
සතුටුයි මේ වගේ දේවල් අහන්නත්. නුඹ මේ කරගන්නේ සැබෑම පින් වැඩක්.(නදී)
මේවා ජාති ජාති පින් ලැබෙන වැඩ. අම්මේ ඔබගේ පුතාටත් අමා මහ නිවන් සුව ලැබේවා. (ස)
සාමයේ නත්තලේ යහපත් ක්‍රියාවක්. මේරි දීප්ති ප්‍රනාන්දු මවුනි ඔබගේ අසිත සුජාන් පිරිස් පුතුට මොක්සුව අත්වේවා! ඔබටද ජේසු පිහිටයි. (නදී)
මේ වගේ පුවත් වලට වෙන්නප්පුවෙද කියලා අහන අය කෝ? (නදී)
ලෙස්ලි මහතා ඔබ හරි, මෙවැනි පින් අතේ වැඩ කරන සියළුම උදවියට තව තවත් ශක්තිය ලැබේවා. (ස)
සහතික ඇත්ත ලෙස්ලි අයියේ.(නදී)
බොහොම හොද පිනක්, යන කොට ගෙනියන්නේ හොද විතරයි. කව්රුත් මෙය අවවාදයකට, ආදර්ශයකට ගන්න. නෝනා අපි ඔබට ආශිර්වාද කරමු.(නදී)
ඒක නම් සහතික ඇත්ත ලෙස්ලි අයියේ.(නදී)
ඔබට පින් ලැබේවා. (අ)
හිසට සෙවණක් සාදා දීම දරුවට වගේම මවටත් පිනක් (අ)
ඔබේ මියගිය පුතුට මොක්සුව පතන අතර ඔබට වැඩි වැඩියෙන් ලැබී දිගුකලක් මෙම සේවය කෙරීමට දීර්ගයුස පතමු (අ)
හරිම වටිනා පිනක්..,අකාලයේ මිය ගිය පුතා වෙනුවෙන් කරන්න තියන ලොකුම පින ඔබතුමිය කරන්නේ....,මේ පින් බලයෙන් මිය ගිය පුතාට නිවන් සම්පත් ප්‍රර්ථනා!....., කරන අතර ඔබතුමියට තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා! (අ)
ශ්‍රී ලංකික අපට ඔබ තුමිය,මහත් වාසනාවක්, අපේ රටේ අසීමිත දනය සොයන ධානපතියන්ට හොදම ආදර්ශයක්, තවත් මිලානෝ වල විමල් නමින් හදුන්වන මහතෙක් නිහඩව, පසුගිය අවුරුදු කීපය තුල,පවුලේ දු පුතුන් සමගින් ශ්‍රී ලංකික අසරණ වුන රෝගී ළමුන්ට මහත් උපකාර කරමින්සිටි,ශ්‍රී ලංකික අප වෙනුවෙන් ඔබලා කරන මේ උපකාර වලට, ඔබ දෙපලට ජය හා සතුට සමගින් නිදුක් නිරෝගී සුවය ලැබේවා !(අ)
මත්තේ අකළ් මරණින් පුතු ගැලවීම.. වත්තේ ගෙවල් සාදා පිං කරදීම.. ඇත්තේ උදව් කර හැකි සැම අයුරින්ම.. නැත්තේ මෙවැනි මව් තුමෝ දැක සැබවින්ම (අ)