IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතාලි පොලිසිය ලංකිකයකුට දිවි දෙයි

ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි පී.එස්. ප්‍රර්ථනා ප්‍රනාන්දු (29) මොන්තොර්සෝ විලක ගිළෙමින් සිටිය දී ඉතාලි පොලිස් නිලධරයකු විසින් බේරා ගන්නා ලදී. හොඳටම වතුර පෙවී සිටි ප්‍රනාන්දුට පිහිනන්නට බැරි බවත් බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටියදී ඔහු විලට වැටී ඇති බවත් ඔහු වහාම හෙලිකොප්ටරයකින් පෙන්කියරා රෝහලට රැගෙන ගිය බවත් කියති.



අදහස් (0)

ඉතාලි පොලිසිය ලංකිකයකුට දිවි දෙයි

චන්දන Tuesday, 03 July 2012 12:03 PM

කැකිරාවෙ කෙල්ලන්ගෙ කොදු ඇට කැඩුවෙත් ඔය අයි පීල තමයි..

:       0       0

සිසිර විජේවර්ධන Tuesday, 03 July 2012 01:11 PM

කරන්න දෙයක් නැහැ ආචාර්යතුමා. පිටරට ගිහිං ඉන්න ගොඩක් අයට ලොකු ඒ රටවල තියෙන දේ පමණයි.. අපේ දෙයක් අගේ කරන්නෙ නැහැ. අපේ පොලිසිය 100% හොදයි කියනවා නෙමෙයි.. නමුත් අපේ පොලිසියෙත් නීතිගරැක ගොඩක් අය ඉන්නවා..

:       0       0

අමරා ඉරන්ගනී Monday, 02 July 2012 08:33 PM

විපතේදී පිහිටවීමට ජාති භේදයක් නැත .උතුම් නිලධාරීන් හට අපගේ ප්‍රණාමය

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 02 July 2012 07:58 PM

විදේශික පොලිස් නිලධාරියෙකු කරන ලද සේවය ඇගයීමත්,ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන් කොපමණ හොඳ කළත් හැමදාම ඔවුන් අතින් සිදුවූ සුළු අතපසුවීම් මහ ලොකුවට ඉස්සරහට දාගෙන මදිපුංචිකම් කිරීම මිස කරන සේවයට ඇගයීම් කවදාවත් හිමිවෙන්නේම නැත.නමුත් කොපමණ කට්ටක් කාගෙන වුවද තමන් කරන සේවය මධ්‍යස්ථව සාමාන්‍ය මහ ජනතාවට ඉටු කිරීම පොලිසියේ කාර්යභාරයයි.මම සමස්ත ශ්‍රි ලාංකික මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොලිසිය කියන්නේ ඔයාලගේ මිත්‍රයින්,නෑදෑයන්, සහෝදරයින් සහෝදරියන් කියලා හිතලා ක්‍රියාකරන්න කියලයි.නමුත් මේ රටේ සමහර අය නම් හිතන්නේම පොලිසිය ඒ අයගේ හතුරෝ තරහකාරයෝ කියලමයි.ඒත් ඔයාලට යම්කිසි කරදරයක් සිදුවුනාම මුලින්ම පිහිටට ඉන්නෙත් පොලිසියම බව මතක තියා ගන්න.මෙලෝ හරක් නැතුව අම්ම මෝ නැතුව පොලිසියට බනිනවා.එත් බලන්න ඕන යම්තම් ගෑනියි මිනිහයි රණ්ඩු වුනාම කෙලින්ම ගෑනි හරි මිනිහා හරි නවතින්නේ පොලිසියේ.මම මේ කියන්න උත්සාහ කලේ කොපමණ බැන්නත් අපේ රටේ සාමාන්‍ය මහ ජනතාවට පොලිසියෙන් තොර ලෝකයක් නැතිබව පෙන්නන්නයි.ඒ නිසා කරුණාකර අපේ නිලධාරියෙක් අතින් වන සේවයද ඇගයුමට ලක් කරන්න කියලා මම ඔබලාගෙන් දයාබරව සෙනෙහසින් කාරුණිකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි !!!

:       0       0

මල්කි Tuesday, 03 July 2012 01:18 PM

ඉන්දියන් පොලිසියට වඩා ලංකාවෙ පොලිසිය ටිකක් හොදයි.. මම ඉන්නෙ ඊශ්‍රායලයේ.. මෙහෙ නීතිය කාටත් එකයි.. ලංකාවෙ පොලිසියටත් මේ රටවල් ආදර්ශයක් වේවා..!!

:       0       0

ෆෙලිසියෝ Tuesday, 03 July 2012 02:09 PM

ඉතිලි පොලිසියෙ ඉන්නෙ නියම මහත්වරැ. නියම මිනිස් අයිතිවාසිකම රකිනව.. අපේ අය හෑල්ලු කරනවා නෙමේ.. නමුත් එයයි ඇත්ත.. ඒකට හේතුව අපේ පාලකයෝ නීතිය ගනන් ගන්නෙ නැති කම..

:       0       0

නලින් Monday, 02 July 2012 08:31 PM

මේක ලංකාවේ පොලිසියට හොද ආදර්ශයක්

:       0       0

ජයන්ත – ඉබ්බාගමුව Monday, 02 July 2012 08:56 PM

මතකද මුහුදේ ගිලිලා මැරෙනකල් ගැහුවා .

:       0       0

ජයනාත් Monday, 02 July 2012 09:36 PM

මුහුදේ ගිල්වා මැරෙනකම් ගැහුවා....

:       0       0

ක්ලෑරන්ස්,ඉතාලිය. Monday, 02 July 2012 09:02 PM

මොනවත් ඕනෙ නෑහෑ,ආචාර්ය තුමගේ නොනාව පොඩ්ඩක් පොලිසියට ඈරලා බලන්නකො පොලිසියෙ ඉන්නෙ මොනවාගෙ අයද කියලා. පොලිසියෙ ඉන්නෙ ඉතා හොද ටික දෙනෙක් විතරයි.

:       0       0

ලාල් ගලබඩ Monday, 02 July 2012 10:15 PM

ලාල් ගලබඩ ඉතාලියේ සිට... හිතවතුනි , ඉතාලි පොලිසිය කියන්නේ, ඉතාලියේ සියලුම රාජ්‍ය ආයතන වලින් ප්‍රමුක තැන තියෙන ආයතනයකි.ඔවුන්ගේ සේවය පළමුවත්,දෙවනුවත්,තෙවනුවත්,මහජනයාටය.රටේ ජනාධිපති ටත් ,පාර්ලිමේන්තුවටත් වඩා ඉහල විස්වාසයක් ඇති ආයතනයක් බව ගෞරවයෙන් මතක් කරමු.මේ බව ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් තුමාටද මා මීට පෙර දන්වා ද ඇත.අවාසනාවකට අපේ රටේ එවැනි ආයතනයක් නොමැති එක කණගාටුවකට කරුණකි.

:       0       0

පිලිපිනෝ Monday, 02 July 2012 10:18 PM

ප්‍රර්ථනා හෙලිකොප්ටෙරෙනුත් ගියා එහෙනම් ඉතාලියේදී ? නියමයි ..මොකක් උනත් ඒ පොලිස් නිලධරයන්ට අපගේ ප්‍රණාමය .!!

:       0       0

ලාල් ගලබඩ Monday, 02 July 2012 09:45 PM

ලාල් ගලබඩ ඉතාලියේ සිට... හිතවතුනි , ඉතාලියේ මේ දිනවල ඉතා අදික රස්නයක් තිබෙන බැවින්,හුගක් අය වැව් අශ්‍රිතව ඉන්නට පෙලබෙන බැවින්,අධික රස්මියෙන් මිදීමට,ජලය නෑමට යනවිට වඩාත් ප්‍රවේසම් කාරී වන්න.ඇල්කොහොල් අදික රස්මිය ඇති දිනවලදී මාරයාට අතවනන හිතවතෙකි."ප්‍රවේසම් වන්න" රැවුලත් බේරාගෙන කැදත් බොන්න ,ස්තුතියි.

:       0       0

ජනු Monday, 02 July 2012 10:48 PM

අනේ ආචාර්ය තුමෝ....ඔබ කවදාවත් ඉතාලියට ඇවිත් තියනවද ....ඉතාලි පොලිසිය කියන්නේ නිතිය සාදාරණය අකුරටම රකින කාගෙවත් බලපෑම් වලට යටත් නොවන ආයතනයක්. ස්වදේශිකයටත් විදේශිකයටත් ,පොහොසතාටත් දුප්පතාටත් නිතිය නිතියමයි.ඒ අය පගාවට වැරදී කරුවන් නිදහස් කරන්නේද නැත. අප රටේ පොලිසිය ගැන නම් හැමදාම ඇහෙන්නේ වැරදිමය.මෙහි ඇති අනෙකුත් අදහස් දිහා බැලුවහම එය වඩාත් පැහැදිලි වේ. ඔබ හැමදාම කියන්නේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" කථාය.

:       0       0

ගෝපාල් Monday, 02 July 2012 11:23 PM

අනේ සාදු මෙහෙම වෙලා මදි.......

:       0       0

සෙනුරී Tuesday, 03 July 2012 12:04 AM

ශ්‍රී ලාංකික පොලිස් සේවය ඇගයීමට ලක් කරන්න???ආචාර්යතුමා මෙලෝ හසරක් නැතුව පොලිසියට ප්‍රතිචාර දෙන්න යන්නේ.

:       0       0

නයන බන්ඩාර Tuesday, 03 July 2012 12:13 AM

ලාල් ඔබ හරි

:       0       0

ප්‍රේමසිරි Tuesday, 03 July 2012 01:00 AM

ජාති, ආගම්, කුල නොබලා මනුස්සකම ලෝකයට පෙන්වාදුන් පොලිස් නිලධාරියාට ගරු කරමු....

:       0       0

අමිල Tuesday, 03 July 2012 03:27 PM

ආචාර්යතුමා ළගදි මොනවා හරි කාල තියෙනව..යන්නෙ කොහෙද මල්ලෙ පොල්..

:       0       0

හෙන් Tuesday, 03 July 2012 02:39 AM

ලාල් කිවුවේ ඇත්ත

:       0       0

ප්‍රීනා Tuesday, 03 July 2012 07:37 AM

හොදම දේ තමයි අරාබි කාරයෝ වගේ නාන්නේ නැතුව සුවද විලවුන් විතරක් ගාලා ඉන්න එක

:       0       0

අතපත්තු Tuesday, 03 July 2012 04:23 PM

ඉතාලි පොලිසිය ලෝකෙ තෙියන හොදම පොලිස් ආයතනවලින් එකක්. ඉතාලියෙ ඉන්න ඕනම කෙනෙක් ඒ ගැන දන්නවා.. නීතිය කාටත් එකයි. සමාන්‍ය ජනතාවටත් කතා කරන්නෙ බො‍හොම වැදගත් විදිහට..

:       0       0

මහව ධම්මසාර තෙර Wednesday, 04 July 2012 09:12 PM

කිසි කතාවක් නෑ, තව අවුරුදු සියයක් ආයු වැඩි වුනා , මරුවාගෙන් බේරිලා ගොඩ එන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? පෙර ආත්මේ ලොකු පින්කමක් කරලා ඇති.. මොනවා උනත් ප්‍රවේසමෙන්, ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා ..

:       0       0

ජයමාල් Tuesday, 03 July 2012 08:24 AM

ලංකාවේ පොලිසිය කවදාවත් හොද තත්ත්වයකට ගන්න බෑ

:       0       0

සුබද්‍ර Tuesday, 03 July 2012 08:28 AM

ලෝකේ දියුණු රටවල පොලිසිය පගාවට වැඩකරන්නේ නැහැ. බලු වැඩ කරන්නෙත් නැහැ . ආචාරියතුමා හැමදාම ඔයා අනාගන්නව බලු වැඩකරන පොලිසිය අපේ සහෝදරයෝ වෙන්නේ කොමද ? ඔබත් හොරකම් කරන පගාව ගන්න කෙනෙකු නේද ?

:       0       0

නිශාන් Tuesday, 03 July 2012 04:40 PM

p polite = ආචාරශීලී o obediently = කීකරැ L loyalty = පක්ෂපාත i intelligence = බුද්ධිමත් c critical = තීක්ෂ්ණ E educated = උගත් හොයල බලන්න මේ දේවල් වලින් කොච්චර ප්‍රතිශතයක් අපේ පොලිසියට තියෙනවාද කියලා..

:       0       0

ජනක Tuesday, 03 July 2012 10:07 AM

උගත් කමට රස්සාව අරන් දේශපාලනයට වැඩ කරනවා...ලංකාවේ පොලීසියයි ඉන්දියාවේ පොලීසියයි දෙකම එකයි...

:       0       0

පරීක්ෂක Tuesday, 03 July 2012 05:27 PM

මම පොලිස් නිලධාරියෙක්.. පළමුවෙන්ම කියන්න ඕන මගේ ආචාරය මැරණු නිලධාරියට, එත් ලංකාවෙ අපේ අයගෙ අදහස් දැක්කම ඒගොල්ලන්ගෙ දැනුම ඉතා අඩු පිරිසක් බවයි පේන්නෙ.. පොලිසියෙ පැවැත්ම පෙන්නුම් කරන්නෙ සමස්ථ ශ්‍රී ලාංකික සමාජයේ තියෙන පිරිහීම..

:       0       0

හැඩිගල්ල Wednesday, 04 July 2012 08:59 AM

ලංකාවේ ඉන්න හුග දෙනෙක් කෘතගුණ නොදන්න අය නිසා ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ පොලිසිය කරපු හොද දේවල් ගැන මතකයක් නෑ

:       0       0

sltk2004 Tuesday, 03 July 2012 11:57 AM

ආචාර්යතුමා, ඔබතුමා ලංකාවේ පොලිසියකට ගිහින් තියෙනවද, අඩු ගානේ පැමිනිල්ලක පිටපතක් ගන්නවත් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site