ඉතාලියේ ධර්ම දූත මෙහෙවරට වැඩම කරන ශ්‍රී ලංකා භික්ෂූනට පූජක වීසා ලබා දිය හැකිදැයි සොයා බලන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
දැනට ඉතාලි ගොස් සිටින බොහෝ හිමිවරුන් ගෘහ සේවකයන් වශයෙන් වීසා ලබා ගෙන ඇති බවත්, එය භික්ෂූන් වහන්සේනමකට නොගැලපෙන බවත්, කතෝලික පූජකවරුන් සිය පදවියේ ගෞරවය රැකගෙන පූජක වීසා මත සීමාසහිත කාලයකට ඉතාලියට යන බවත් දැනගන්නට ඇත.
ගෘහ සේවකයන් ලෙස ධර්ම ප්‍රචාරයට යන භික්ෂූන් වහන්සේ ඉතාලියේ රැඳීසිටීමට හැකි වනුයේ හාම්පුතා වන ගෙහිමියාගේ හා ඉතාලි රජය වරින් වර ප්‍රකාශයට පත් කරන සහන අනුග්‍රහය මත පමණක් බවත් එහි සිටින ශ්‍රී ලාංකිකයෝ කියති.
පිළිගත් සංවිධානයකින් ධර්මදූත සේවයට යන බවට සහතිකයක් සමග ඉදිරිපත් කරන ලියැවිලි ගැන කොළඹ ඉතාලි තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා භික්ෂූන් හට පූජක වීසා ලබා දීමට උත්සාහ ගන්නා බව ද, මෙවැනි තත්ත්වයක් ඇති බව දැනගත්තේ ‘එසැණ‘ ඒ ගැන විමසූ විට බව ද අමුණුගම මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ධර්ම දූත මෙහෙවරකට ඉතාලියේ පූජකවරුන්ට එන්න මොනම විසා එකක්වත් දෙයිද කියන එකයි සැක. (නි)
කොහොමත් ලංකාවේ නිලධාරීන් ඔවා දන්නේ නැහැ. නීති රීති දන්නා නිලදාරීන් වෙන රටකින් හරි ගෙන්න ගන්න වෙනවා.(ස)
අර සේනා,මේ සේනා හදාගෙන මෙහෙ පාරවල් ගානේ මරාගන්න හදන අය එහෙ හොර විආ වලින් ආගම පතුරුවන්න යනවා. මේ කුහක වැඩේට ඉතාලි රජය ඉඩ දෙන එපා. මොකෝ මෙහෙ පල්ලි වහන්න කියා කෑගහනවා නම් එහෙ කොහොමද පන්සල් අරින්න හදන්නේ. (නි)
වැලේ වැල් නැති දුප්පත් රටක් වන අපේ රටට චිනයේ, ටිබෙට් වල ඉදන් හාමුදුරුවෝ ඇවිත් බුද්ධාගම රකින්න පන්සල් හදාගෙන දගලනවා. අපේ අය ලෝකේ 19 වැනි පොහොසත් රටට හොර වීසා හදාගෙන පනිනවා. (නි)
මේ ඉතාලි රජයේ අවධානය පිණිසයි. සංචාරක,හෝ ගෘහ විසා මගින් පැමිණි අන්‍ය ආගමිකයින් රෝමවරුන් සහ උතුම් ස්පාටවරුන් රවටා,සන්තෝසම් ලබාදෙමින් පන්සල් හදා අන්‍ය ආගම්කරණයට ලක්කෙරේ.(මම මේක කිවුවේ ලංකාවේ සාපේක්ෂතා වාදේට අනුව....) (නි)
ආ ඔය තියෙන්නේ.....මෙහාට කවුරුත් ඔය විදියට අවොත් කියන්නේ හරවාගන්න ආවා කියලා.මෙහෙන් එහෙට යනකොට කියන්නේ සත්‍ය අවබෝධ කරන්න යනවා කියලා. කොහොමද වැඩේ? අලුත්ම විසා එකක් හදුන්වා දෙන්න සත්‍යාවබෝධ කිරීමේ වීසා කියලා. (නි)
පිටිගල මිලානෝ, සත්‍ය සොයා ඉතාලියටමද යන්න ඕනෑ.ඉතාලි යාම වරදක් නොවේ.නමුත් මේ යන්නේ සත්‍ය සොයද මිල්ල සොයාද? මොකෝ සත්‍ය සොයා නම් ලෝක සිතියමේ සැප පිරුණු රටවල් හැර අන් දුක පිරුණු රටවල් වෙතයි යා යුත්තේ.. (නි)
හාමුදුරුවෝ යන්නෙම යුරෝපෙට ඇමරිකාවට. ඇයි ලෝක සිතියමේ වෙන රටවල් නැද්ද? අපි දන්නවා රහස.ගියාට කමක් නැහැ සිවුර නැතුව යන්න.පුළුවන් නම් යන්නකෝ අප්‍රිකාව පැත්තට.ලතින් ඇමරිකාව පැත්තට... දුක සොයා.... (නි)
මේ හොර වීසා හදාගෙන යන්නේ මිල්ල සොයාද,ආගම පතුරවන්නද,අන්‍යාගමිකරණය කරන්නද,සල්ලි හොයාගනද,එහෙමත් නැතිනම් "සත්‍යාවබෝධ කරවන්නද" දන්නා කෙනෙක් කියා දෙන්න කොයි වචනේද හරි කියලා. (නි)
ඉතාලි පූජක වීසා භික්ෂුන්ට දී ශාසනය නැතිවෙනවා පමණක් නොව අනාගතයේ ලක්දිව ජෙරුසලමක් කිරීමට මග පෑදීමක් වියහැකියි (නි)
නිසාර්, මෙතැනදී කොහොමද මුදලින් හා බලහත්කාරයෙන් ආගම පැතිරවීමක් වෙන්නේ. ඒ රටේ තියෙන පන්සලකට මේ රටේ හාමුදුරුවරු වැඩම කළාට බලහත්කාරයෙන් පල්ලි කරලා පන්සල් හදල නැහැ, ඔයාලගේ කට්ටිය මෙහෙ කරනවා වගේ. (නි)
ඔන්න බලන්න මුදලටයි, බලහත්කාරයෙනුයි ආගම් පතුරවන හැටි. මේවා කතාකරනකොට අපි ජාති වාදී කියනවා. (නි)
මොකටද ඔය අය මෙහෙ එන්නේ. එයාලට වීසා දෙන්න එපා. ලංකාරාමයට වෙලා තියෙන දේ දන්නවද? ඉඩම බෙදා ගන්න බෞද්ධයෝ පොරකනවා.මේක කතෝලික රටක් කියලා අමතක වෙලා (නි)
සමහර ස්වාමින් වහන්සේලා මෙහෙ ඈවිත් බිස්නස් කරනකොට කොහොමද තනතුරේ ගෞරවය රැකෙන්නෙ.සමහර පන්සල් මේ වෙනකොට දෙකට බෙදිලා වෙන වෙනම පන්සල් හදාගෙන මරාගන්නවා. සමහර පන්සල් වල පාතාල නායකයො තමා ප්‍රධාන දායකයො. (නි)
වීසා ගැන කතා කරන්න පෙර , ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ආපසු යාවිද කියා විමසා බැලුවොත් හොඳයි නේද? (නි)
රොමේ පැත්තේ හිමි නමක් ප්‍රංශයේ දේශපාලන රැකවරණ ඉල්ලා නොලැබුන විට යම් සංවිදානයක් මාර්ගයෙන් හොර විසා එකක් ගහ ගත්තා කියන්නේ ඇත්තද? (නි)
හාමුදුරුවරු දැන් චණ්ඩි වෙලා තියෙන හැටි දැක්කහම අපිට කණගාටුවත් ඇතිවෙන්නේ (නි)
එතකොට ධර්ම දුත කියලා ගිහිල්ල තිබෙන්නේ නීති විරෝධී වීසා වලින්ද? (නි)
හාමුදුරුවරුත් හොර වැඩ කරලා තියෙනවා එහෙනම්? (නි)
ඉතාලියේ නීතයාණුකූලව ආගමික ආයතන වලට වීසා ලබා ගත හැකියි. ඒක බෞද්ධ කතෝලික කියලා වෙනසක් වෙන්නේ නැහැ. (නි)
මේ ගැන ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය සමඟ එක්වී වැඩ කටයුත්තක් ඇරඹිය යුතු වෙනවා. එම සේවයට වැඩම කරන ස්වාමින් වහන්සේ අයත් මහනායක ස්වාමින් වහන්සේගෙන් ලිපියක් සමඟ අයදුම් කර පූජ්‍ය පක්ශයට අයත් වීසාවක් ලබාගත හැකියැයි සිතනවා. සාමාන්‍යයෙන් මෙම වීසාවක් ලැබෙන්නේ වසර 2 කටයි. ඊට පසු අළුත් කළ යුතුයි. කතෝලික පූජකවරු සිටින්නේ වසර කිහිපයකට පමණයි, ඊට පසු අළුත් කෙනෙක් ඒ තැනට එනවා. මේ විදිහට මහනායක හිමිවරුත් සම්බන්ධ කර වැඩපිළිවෙළක් සාදා ස්වාමින්වහන්සේලා ඉතාලියට වැඩම කෙරෙව්වොත් හොඳයි. (නි)
දැන් හෝ දැනගත්තා නම් එය නිවැරදි කිරීමට කටයුතු කරන්න (නි)
පූජක කියන නමත් වැරදියි. පූජක කියන්නේ දෙවියන්ට පූජා පැවැත්වීමට අතරමැදියෙක් වෙන කෙනා. හාමුදුරුවන් එසේ නොවේ . තමන්ගේ ගුණ නිසා පූජාවලට සුදුසු වෙන කෙනා කියන අරුතෙන්, හාමුදුරුවන්ට යෙදෙන්නේ පූජ්‍ය නම් වදන වේ. (නි)
හාමුදුරුවන් ඉතාලි ගිහින් කරන දේවල් සොයා බලා වීසා දෙනවා නම් යහපත්. (නි)
ඒක හොදයි (නි)
ගිහින් කරන්නේ ගෘහ සේවයද? ධර්ම දූත සේවයද?(නදී)
භික්ෂූන් වහන්සේලට පූජක වීසා ලබා දෙනවා කිව්වොත් සමහරවිට ගොඩක් තරුණයොත් මහන දම් පුරන්න බැරි නැහැ (නි)
අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. නැත්නම් අපේ හාමුදුරුවරු කවම කවදාවත් ලංකාවට වැඩම කරන්නේ නැහැ (නි)
සමහර මිනිස්සුන්ගේ බොරු පුරාජේරු.(ස)
මොන වීසා හැදුවත් සමහරුන්ගේ හොර වැඩ නම් නවත්වන්න බැරිවෙයි (නි)
එකට නියම නිදසුන ගම්මදගම පියදාසෙ.(නදී)
සුද්දන්ව නිවනට දක්කාගෙන යන්න දඟලන අපේ හාමුදුරුවරු මුලින්ම ලංකාවේ ජීවත්වෙන දුප්පතුන්ගේ සසර දුක නිවාගන්න වැඩ පිළිවෙලක් සකස් කළොත් තමයි හොඳ. (නි)
මට නම් මේ ඉතාලියේ හොද යහපත් හාමුදුරුවරු ඉන්නේ 2 ,3 දෙනයි. (නි)
ඒ වැඩේ නම් ඇත්තටම ගැලපෙන්නේ නැහැ තමයි (දී)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ... (නි)
අනේ අපේ ස්වාමින් වහන්සේලා එතකොට ඒ අයගේ ධර්මේ ප්‍රචාරය කරන්න යන්නේ ගෙවල්වල වැඩ කරලද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ ... (නි)
මෙහෙ ඉන්න හාමුදුරුවන්ගෙන් 3 දෙනෙකුට විතරයි පුජක විසා තියෙන්නේ. අනිත් ඔක්කොටම තියෙන්නේ ගෘහසේවා වීසා තමයි. ඒ වගේම කතෝලික පුජකවරුන්ට යුරෝ450ක් දීමනාවක් දෙනවා මාසෙකට. ඒකත් හාමුදුරුවන්ට හම්බුවෙන්නේ නැහැ. පුලුවන් නම් ඒකත් හදලා දෙන්න (නි)
ඉතාම හොද දෙයක්. අවුරුදු දෙකකට සීමා කළා නම් කාලය ගොඩක් වටිනවා. එතකොට ඔය ජොබ් කරන හාමුදුරුවන්ට තමා ප්‍රශ්නේ. කොහම වුණත් ඉක්මනින්ම මේ දේ කළොත් පින්. (නි)
අපේ සමහර හාමුදුරුවරු ඉතාලි ඇවිත් කරන්නේ ගෘහසේවක වැඩ තමයි. මොකද සමහර හාමුදුරුවරු සිවුර ගලවා මෙහෙ ගෘහ වැඩට අදින කෝට් එක ඇදගෙන සුපර් මාර්කට් වල ඉන්නවා දැකපු අය ඉන්නවා. හුගක් හාමුරුවරු මෙහෙ එන්නේ ධර්මය දේශනා කරන්න නෙමෙයි, සැප ගන්න බලාගෙන.
යුරෝපා සංගමේ රටවල් සියල්ල පිළිගන්න පොදු එකගතා ගිවිසුමක් මගින් මේ ගැටලුවට පිළියම් යොදන්නේ නම් හොඳයි. මොකද යුරෝපා සංගමේ රටවල සිටින බොහෝ හිමිවරුන් මේ ගැටලුවට මුහුණ පා සිටිති. (නි)
'විටෙක මා තල ඇටයකින් දවස ගෙව්වෙමි, කෘෂ වූ ශරීරයේ සිරස පිරිමැද්ද විට වියලි හම් කැබලි සහ කෙස් අතට ගැලවුණි, අඩ පනව වීදි අයිනේ වැතිර තිබුණු මගේ ශරීරයට සෙම් සොටු සහ මුත්‍ර වලින් සංග්‍රහ ලැබිණ. නමුත් මේ කිසිවකින් නොසැලී මා සත්‍ය සොයා ඉදිරියටම ගියෙමි'. ඒ නිසා වීසා වර්ගය කුමක් වුවත් ලාබාපෙක්ෂාවෙන් හා මාන්නයෙන් තොරව යන ගමන යන්න. (නි)
මොන සල්ලිද මෙහෙ ඉන්න ය මාසෙට යූරෝ 1500 පන්නල හොයනවා. (ස)
අනේ හාමුදුරුවනේ, කොන්ගෝ රටට වැඩම කර ඔවුන්ට ධර්මය පසක් කර දෙන්න. මෙලොව අපාගාත වී ඇති ඔවුන්ව නිවන් මාර්ගයට යොමු කරන්න. එවිට සසර ඔවුන්ට දිගු වන්නේ නැති වෙයි. (නි)