තරුණ වයසෙන් ඉතාලියට පැමිණෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ තමන් හම්බ කරන හැම සතයක්ම වියදම් කොට විශාල මාළිගා වැනි ගෙවල් ගොඩ නගා ඒවා නඩත්තු කිරීමට හම්බ කරන සියල්ල වියදම් කිරීමට පුරුදු වී සිටින බැවින් යලි ශ්‍රී ලංකාවට පැමිණ විට කිසිවක් කර කියා ගත නොහැකිව අතරමන් වන බැවින් ඔවුන් අරපිරිමැස්මෙන් මුදල් කළමනාකරණය කිරීමට හුරු විය යුතු බව වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම ධිවර සත්ව නිෂ්පාදන හා සංවර්ධන වාරිමාර්ග ගොවිජන සංවර්ධන අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉතාලි සංචාරයකට පැමිණ කීවේය.
තමන් ඉතාලියට පැමිණි අරමුණ පැහැදිලි කරමින් ඒ මහතා එසැණට මෙසේද කීය
'මේ පාර මම ඉතාලියට ආවේ තවත් කාරණයකට. වයඹ පළාත් සභාවේ ගොවියන් සදහා කෘෂිකර්ම කටයුතු වලදීත් සත්ව නිෂ්පාදනයේදීත් නවීන තාක්ෂනය ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ඉතාලියේ කෘෂිකර්මය කෙරෙන විදිය බලන්නත් ආසයි. ඔවුන් කෘෂිකර්ම කටයුතු වලදී තාක්ෂණය උපරිම යොදා ගන්නවා. අපේ රටේ 25 දෙනෙක් වැඩකරන තැන්වල මෙහෙ වැඩකරන්නේ දෙන්නයි. ඒ තරමට නවීන තාක්ෂනය යොදාගන්නවා.
තලප්පාව බැදගෙන අමුඩේ ගහගෙන බුලත්විට කන අපේ කම තියෙන සාම්ප්‍රදායික ගොවියා ආරක්ෂා කරන ගමන් නවීන තාක්ෂණයත් ඔවුන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකික තරුණයෝ ලංකාවට ඇවිත් සත්ත්ව නිෂ්පාදනය හෝ කිරි ආශ්‍රිත කර්මාන්ත කර්මාන්තයක් කරන්න කැමති නම් ණය මුදල් වගේම දීර්ග කාලින බදු ක්‍රමය යටතේ එක් අයෙකුට රජයේ ඉඩම් වලින් අක්කර 25ක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.
ඉතාලියේ ඉන්න වයඹ පළාතේ නොවන අයෙකුට උවත් වයඹ පළාතට ඇවිත් එවැනි කර්මාන්තයකට යොමු වෙනවා නම් අපි ඒ පහසුකම් ලබා දෙනවා.
අපිට අවශ්‍ය කිරි වලින් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ සියයට 35යි. අනෙක් සියයට 65 ම ගේන්නේ පිටරටින්.
සත්ව නිෂ්පාදනය තුලත් කිරි ආශ්‍රිත කර්මාන්ත කරුවන්ට සියයට අටේ අඩු පොලි පදනමට ණය ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ 2016 වෙනකොට රට කිරි වලින් ස්වයන් පෝෂිත කරන්නයි.
වැඩිපුරම ඉතාලියේ ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ අය. ඒ අය එකතු වෙලා සනත් නිශාන්ත පදනම මිට අවුරුද්දකට පෙර පිහිටුවා ගත්තා. අපේ අරමුණ තමයි ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙලෙන විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා ඉගෙනීමට උදව් කිරීම.
පසුගිය වසරේ ළමයි 30 කට අපි උදව් කළා. තවත් විශ්වවිද්‍යාල ළමයි 15 කට පරිගණක ලබා දුන්නා. පාසැල් කිහිපයක දුප්පත් පාසල් දරු දැරියන්ට පාවහන් ලබා දීමද අපි විසින් ඉටු කළා.
මේ හැම එකකටම උදව් කරන්නේ ඉතාලියේ ඉන්න අම්මලා තාත්තලා. අපි කරන්නේ සම්බන්ධීකරණය විතරයි.
මාසෙකට යුරෝ 20ක් ඒ කියන්නේ රුපියල් 3500 ක් අපි විශ්ව විද්‍යාල දරුවෙක්ට ලබා දෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නානායක්කාර හා ද සිල්වාගේ අදහසට මමත් එකඟයි. මම දන්නා කෙනෙක් ඉතාලියේ සිට ලංකාවට ගිහින් ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කළා. ඒ සඳහා දේශපාලකයෙකුට ලක්ෂ 50ක් ගෙවන්න සිදුවුණා. අවශ්‍ය කෙනෙකුට ඒ තොරතුරු මම දෙන්නම් (නි)
මුළු ලෝකයේම කොහේ ගියත්, ඉතාලි, අරාබි සහ ජර්මන් සල්ලි හම්බ කරන්න පුළුවන් වගේම ඉතිරි කරන්නත් පුළුවන්. (නි)
රට සල්ලි වලට මෙහෙ වටිනාකමක් නැත. (නි)
මම හරි කැමැතියි. මගේ් බලාපොරොත්තුවත් ඒකම තමයි(නදී)
හොද උත්සහයක්. දැන් ඉතාලියෙ පවතින තත්වය අනුව යමක් ඉතිරි කරන්න හරිම අමාරුයි. ලංකාවට ඇවිත් යමක් කරන්න තමයි උත්සහ කල යුත්තෙ. ඒකට රජයෙන් අනුග්‍රහයක් ලැබෙනවා නම් ඒක හරි වටිනවා.(නදී)
මේ අදහස හොඳයි මම ලංකාවේ කිරි නිෂ්පාදනය සදහා මුදල් යොදවන්න කැමතියි. ඒ සඳහා ලංකාවෙන් සම්බන්ද කර ගන්න පුලුවන් කෙනෙක්ව ලියා එවන්න.(නදී)
රට ඉන්න මිනිස්සුන්ට ලංකාවේ කරන්න පුළුවන් එකම දෙය ගෙවල් හැදීම පමණි. මුදල් ආයෝජනය කර සංචාරක ව්‍යාපාරය වැනි දෙයක් කරන්න , හෝටලයක් හදන්න වැනි දෙයක් කරන්න හරිම අමාරුයි. , දෙසපලකයෝ පසුපස යන්නේ නැතුව මෙවැනි ව්‍යාපාර වලට බලපත්‍ර ලබාගන්න බැහැ. එවැනි වැඩවලට පිටරට ජිවත් වන මිනිස්සුන්ට කාලයක් නැහැ. . කෙටියෙන් කියනවනම් පිටරට ජිවත්වන අපේ ශ්‍රමිකයන් හම්බකරන මුදල් ලංකාවේ ආයෝජනය කරන්න දිරිගන්වන්න සාර්ථක සරල වැඩපිළිවෙලක් අපේ රටේ නැහැ. බී.ඹ්.අයි වැනි ක්‍රම තිබේ. නමුත් එවැනි කොටි ගණනක වයාපෘතියක් කරන්න අපේ ශ්‍රමිකයන් ළඟ මුදල් නැත. කරන්න පුළුවන් හොඳම දෙය අතේ ඇති මුදලින් ලස්සන ගෙයක් හදා ගැනීමය්. අපි ලංකාවේ ව්‍යාපාර කරන්න ගිහින් අමාරුවේ වැටුනොත් ඔය කිසිවෙක් අපට උදව් නොකරති.(නදී)
පිටරට ගිය උදවියට බැන බැන ඉන්නවාට වඩා ඔවුන්ගේ ආදායම් යහපත් ආයෝජන වලට යොදවන්න මග පෙන්නනවා නම් ඉතා වැදගත්. බහුතරයක් පිටරට යන්නේ, ලංකාව දාලා යන්න කැමැත්තකින් නෙවෙයි. ජීවත් වෙන්න සල්ලි හොයාගන්න. තමන්ට අවශ්‍ය වැදගත් මානුෂික අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ලංකාවේ ඊට අවස්ථා තිබෙනවා නම් කිසිම උගතෙක් රට හැර යන්නේ නැහැ.(නදී)
සුනිල් මහතාණෙනි පරිස්සමින්. ඔබේ දහඩිය මහන්සියෙන් උපයපු මුදල් වලට වග කියන්න කැමති වංචාකාරයන් ගැනද සිතා බලනු මැනවි. දැන් ලංකාව වංචාකාරයන් ගේ පාරාදීසයක් වී අවසානයි. අවංක සේවාවක් ඔබට ලැබේවායි පතමි. (නදී)
හොඳ උත්සාහයක් (නි)
ඔක්කොම ඉතාලි ගිය අයට විතරද? අපි ඔටුවොද? කාන්තාරේ ඉන්න අපිට කිසිම සැලකිල්ලක් නැහැ...(අ)
පරිස්සමෙන් පරිස්සමෙන් , අපේ සමහර අය එක්ක වැඩ කරන්න අමාරුයි. පදනම් වල සල්ලි යන්නේ කොහෙටද කියල හොයල බලන්න.(නදී)
කියනවා වගේ කරනවනම් කොපමණ අපූරුද? (ස)
සුනිල් කවිසේකර මහතා ... මම කසුන්, මගේ අක්කර 25 ක ඉඩමක් තියෙනවා කලපුවක් ළඟ රජයෙන් ගත එකක්. ඕනෙම දෙයක් වවන්නත්, කිරි කර්මාන්තයටත්, කෘෂි කාර්මික, සංචාරක ව්‍යපරයකටත් සුදුසු .. ව්‍යාපාරයක් සඳහා හවුල්කරුවෙක් හෝ සංවිධානයක් අවශයි... (ස)
මොන දේ කරන්නත් සමහර මැති ඇමතිවරුන්ට දොළ පිදේනි දෙන්න එපායැ. මේකට මොකක්හරි ක්‍රමයක් තියෙනවා නම් ආයෝජකයෝ වැහි වැහැලා. (නි)
මාත් ඉතාලි යන්න ඉන්නේ ගිහින් ඇවිත් මේ වගේ දෙයක් කරන්නම් ඉතාලියේ ඉන්නවනම් ලංකාවේ කොල්ලෙක් මට උදවූ කරන්න (දී)
ඔය ඇමතියගේ අයියා ඉඩම් වලට ඔප්පු හදලා විකුණනවා කියලා මෙයට කලින් පත්තරවලම පළ වුනවා.ඉතින් ඔහුගෙන් ඉඩමක් කල්පිටිය පැත්තෙන් ඉල්ලා ගන්නකෝ. (අ)
ඉතාලියෙන් සල්ලි ටිකක් සොයාගෙන ලංකාවට ගොස් ධිවර යාත්‍රා කිහිපයක් දමා තම පුරුදු රැකියව කරාම වරදින්නේ නැහැ . තව කිහිප දෙනෙකුටත් රැකියව සපයන්න පුළුවන් (අ)
කියනවා වාගේ නොවේ. වැඩ කරගන්න ගිහාම දහසක් රස්තියාදු. අල්ලස් සහ කප්පන්. මේවා නැති කරනවානම් අපිත් කැමතියි ආයෝජනයට (ස)
ද සිල්වා ගේ කතාව හරියට හරි. ලංකාවේ කිසිම කෙනෙකුට ආයෝජනය කරන්න බෑ දෙශපලකයෙකුගේ උදව් නැතුව. පගාව රජ කරන නිසා ලංකාවේ ව්‍යාපාර කරන්න කාටවත් බෑ. ලංකාවේ ආයෝජකයින්ට කිසිම බදු සහනයක් නෑ. පිටරටින් කවුරු හරි ආවොත් ඔක්කොම දෙශපලකයෝ ඒඅයගේ පස්සෙන් ගිහින් පගාවක් අරන් රටම විකුනයි. (අ)
හොඳ වැඩක් නෙමෙයි.(නදී)
මෝඩ වැඩ කරන්න එපා. මෙහෙ එන්න එපා.(නදී)
කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල මොනර තෙන්න අපි දන්නවා.(නදී)
විදේශ රටවල යුරෝපයේ උපයන මුදල් අද පවතින ලංකාවේ ආර්ථික ක්‍රමය යටතේ ආයෝජනය කිරීම නොවටිනා දෙයකි. එම මුදල් කොහේ වෙන රටක බැංකුවක තැන්පත් කිරීම ඉතා වටිනා ආයෝජනයක්. (ස)
ද සිල්වා ගේ අදහස අනුමත කරනවා. (ස)
කිසිම වැඩකට නැති යෝජනාවක් නේ (ස)
සුනාමිය කාලේ, කැඩුණු නිවාස හදන්න ගිහිල්ලා වගකිවයුත්තන් හම්බ වෙලා කාපු පරිප්පුව මතක් වෙන කොට ඇග සීතල වෙනවා. එදායින් පසු මම නම් මේ පැලැන්තිය සමග ගනුදෙනු කිරීම සදහටම අත්හිටවා ඇත. අපි උදව්වක් කරන්න ගියත්, ඒකටත් ඒ ගොල්ලෝ කෑම ඉල්ලනවා ඔක්කොටම ඉස්සල්ලා.(නදී)
ලංකාවේ විශ්වාසනීය බැංකුවක, එන්.ආර්.එෆ්.සි. ගිනුමක [විදේශීය] මුදල් තැම්පත් කරන්න. පොලිය ඒ තරම්ම නොලැබුනත් මුදල සුරක්ෂිතයි. (නදී)
ඒක නම් ඇත්ත. රට ගිහින් අන්තිමට ඉතුරු වෙන්නේ මාළිගාව වගේ හදා ගත්ත ගේ විතරයි. (ස)
අපේ රටේ තිබෙන විශාල ව්‍යාපාරික ක්‍රමවලට ආයෝජන සහන ලබාදෙන්නේ බහුජාතික සමාගම් වලට සහ කෝටිපති ව්‍යාපාරිකයන්ටය. සමහරුන්ට දේශප්‍රේමය හැදෙන්නේ ඡන්දයක් ළං වූ විටය. යුරෝපයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ගැන මතක් වෙන්නේ ජිනිවා සමුළුවක් ළඟාවන විටය. හොඳ අාදායම් ලබාදෙන හෝටල්, කැසිනෝ ව්‍යාපාර වැනි දේවල් වලට ආරාධනා කරන්නේ කෝටිපතියන්ටය. අපේ මිනිසුන්ට කතා කරන්නේ හරක් ඇතිකරන්නටය (නි)