ඉතාලියේ ලූකා නගරය ආසන්නයේ ඇති සන්මිකේලේ එස්කෙතෝ ග්‍රාමයේ පසුගිය දිනක දාහත්හැවිරිදි ලාංකීක තරුණයෙක් හා ඔහුගේ මිතුරන් දෙදෙනෙක් මරිජුවානා ග්‍රෑම් හතලිහක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
රාත්‍රී කාලයේ මොවුන් තිදෙනා මෝටරරථයකින් ගමන්කරමින් සිටියදී මොවුන්ගැන සැකසිතූ පොලීසිය , ලාංකිකයාගේ සාක්කුවෙන් මරිජුවානා පැකට් සොයා ගත්තේය. පසුව ලාංකිකයාගේ නිවසේ තිබී තවත් මරිජුවානා ග්‍රෑම් තිහක් සොයාගනු ලැබීය.
මත්ද්‍රව්‍යප්‍රවාහකයින් ලෙස මොවුනට නඩු පැවරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කස්සිපු ගහන උන්ගේ පැටියෝ තමා අද ඉතාලියේ ගංජා කුඩු ගහන්නේ.පුංචි කස්සිපුවේ එකෙක් වෙන්න ඇති.(අ)
ලේක්කෝ ග්‍රෑම් එකක් සාක්කුවේ ගෙන යන්නකෝ පොලිසිය පැත්තේ. ඉතාලියේ කිසිම මත්ද්‍රව්‍යක් නීත්‍යනුකුල නෑ. නමුත් මත්ද්‍රව්‍ය භාවිතාකරන්නන්ට අවවදකරනවා විතරයි. මොකද මෙහේ හාල්මෙස්සෝ අල්ලන්නේ නෑ. අල්ලන්නේ තල්මස්සු විතරයි.(නදී)
මේවා ළඟ තබාගන්නේ පාවිච්චි කරන්නයි. මේ රටවල බොහෝ ළමයි මේ මරිජුවානා (ගංජා) සාමානයෙන් ළඟ තබා ගන්නවා. යම් ග්රෑම් ගණනක් ළඟ තබා ගැනීමට අවසර දීලත් තිබෙනවා. කුඩු කන්ටේනර්, එතනෝල් බව්සර් එක්ක, අක්කර ගණන් වල ගංජා හේන් එක්ක මේකත් දෙයක්ද?(අ)
'ලුලා නැති වලට කනයා පණ්ඩිතයා' වෙනවා මෙන් පිටිගල නැති එසැනේ ලාල් ගලබඩ හිටු කියල අදහස් දානවා. (නදී)
අප විසින් මීට කලින් මේ තීරය ට ලියපු අදහසකිනුත් කියා සිටියේ අපරාධ කාරීන් නිර්යාත කිරීමෙන් (ශ්‍රම විදේශ ගත කිරීම) රජයේ වර්තමාන ආර්ථික බංකොලොත් බාවය මනාව ප්‍රකට කරන බවයි. දශක ගණනකට ඉහතදී, උගත් පුහුණු විනය ගරුක ශ්‍රී ලාංකිකියින් පිටරට ගොස් උපන් බිමේ නම රැක්කා. ඒත් දැන්?(නදී)
ලෙක්කෝ ගලබඩ මහතා ඔබේ තර්කය නිවැරදි උවත් පදනම වැරදියි. ඔබේ ප්‍රශ්නය ඇසිය යුත්තේ ශ්‍රීලංකා පොලිසියෙනුයි. ඉතාලියේ කුඩු කන්ටේනර් අහු උනානම් වෙන අය පිටින් යවලා සැබෑ ජාවාරම් කරුවන්ට සෙල්ලම් කරන්න බැහැ. ඉතාලියේ අපි අත්විදින ප්‍රජාතන්ත්‍රවාදය හා නිතිය අපේ රටේ අපි අත්විදින්නේ කවදාද ? (නදී)
අනේ මේවා එනතොල් වලට වඩා නරක ඇති නේද...පව්...(නදී).