ඉතාලියේ ලිගුරියා හා කොස්කානා පළාත්හි පසුගිය දින දෙකෙහි ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් නව දෙනෙකු මියගොස් 7 දෙනෙක් අතුරුදන්වූහයි පොලිසිය කියයි. දහස් ගණන් උන්හිටි තැන් අහිමිව අනාථ වී සිටිති. එම පළාත් දෙකේ ඇතැම් නගරවල විදුලිය හා දුරකථන විසන්ධි වී සන්නිවේදනය පවා ඇනහිට තිබේ. යුරෝ දහකෝටියක හෙවත් රුපියල් කෝටි 1500 කට අධික දේපොළ හානියක් සිදුව ඇතැයි ඉතාලි රජය පවසයි. ලිගුරියා, කොස්කානා දෙපළාතේ ශ්‍රී ලාංකිකයෝ ද ජීවත් වෙති. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් පිළිබඳව සොයා බැලූ බවත් ඔවුන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැති බවත් තානාපති අසිත පෙරේරා මහතා කියයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd