ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ පැවෙත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සදහා අද දින එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්වීමට නියමිතය.
රෝම තානාපති නිල නිවසේදී තානාපති නාවලගේ බෙනට් කුරේ ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කරන ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් හත් දෙනා මුණ ගැසුණි.
තානාපති බෙනට් කුරේ ඔවුන් සදහා සුහද තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය. ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් හත් දෙනා රටට සම්පතක් බවද තානාපති පැවසීය.
ඔබලාගේ උත්සාහය ගොඩක් සාර්ථකයි කියලා මට හිතෙනවා. ඉදිරිපත් වීමයි වැදගත්. අපේ රටේ වගේම ඉතාලියේ කිර්ති නාමය ලෝකයට ගෙනියන ඔබලා රටවල් දෙකටම වටිනා සම්පත්. ඔබලාගේ ජයග්‍රහණයයි මගේ එකම ප්‍රාර්ථනය. තානාපතිවරයා එසේ කිය.
ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලුකා බෘනායි, සහය පුහුණුකරු ඉතාලි ජාතික ඔලිම්පික් කමිටු උපදේශක කැලුම් පෙරේරා, ක්‍රිකට් කමිටු උපදේශක කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත ජයසේන, ජාතික ක්‍රිකට් කමිටු උපදේශක ජයරාජ් අල්පොන්සු , රෝම ක්‍රිකට් කණ්ඩායමේ නායක ප්‍රභාත් එක්නැලිගොඩ මේ සදහා එක් වුහ. ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ගයශාන් මුණසිංහ අතින් තානාපතිවරයාට සිහිවටනයක් ද මෙහිදී පිරි නැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා කුරේ කීවාම මන් හිතුවේ එංග ලන්තේ ඉන්න අපේ කුරේ කියලා.(නදී)
ජය පැරදුම කෙසේ වෙතත් ඉදිරි පත් වීම වැදගත්. ජය වේවා ලක් පුතාට.(නදී)
මෙම ක්‍රීඩකයින් ගැන අහිංසකව සතුටු වෙමි. ආඩබ්බර වෙමි. ඉතාලි කණ්ඩායමට සංග්‍රහ වියදම තානාපතිතුමාගේ පෞද්ගලික ධනයෙන්ද? රට වෙනුවෙන් වැඩ කරන්න තිබ්බ සල්ලිද? අපේ පැතුම රටේ ජයග්‍රහණය, ශ්‍රී ලංකික තානාපතිතුමාගේ අදහස විය යුත්තේ ලංකාවේ ජයග්‍රහණයයි. ඔබලාගේ ජයග්‍රහණයයි මගේ එකම ප්‍රාර්ථනය යන්න ගැන කණගාටු වෙමි. (නදී)
ඒ කණ්ඩායමටත් තට්යෙක් ඉන්නවා. කොණ්ඩයෙක් තමයි නැත්තේ.(නදී)
මෙතන ඉන්නේ ලංකාවේ සහ පාකිස්තානේ ක්‍රීඩකයන් විතරයි ඉතාලි ක්‍රීඩකයන් කෝ?(නදී)
කමල් සහ දොන් සේතන් කියන්නේ මානසික රෝගීන් දෙන්නෙක්ද?(නදී)