ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් විසින් මව්බිමට යවන බඩු සොරකම් කරන කන්ටේනර් හොරුන්ට විරුද්ධව කොලඹ අපරාධ කොට්ඨාශය පරික්ෂණ ආරම්බ කර ඇතැයි එහි ස්ථානාදිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හෙමන්ත දික්ඕවිට මහතා එසෑණට පෑවසීය.
මිලානෝ නුවර ශ්‍රි ලාංකිකයෙකු විසින් තම නැති වු බඩු පිලිබදව කල පෑමිනිල්ලේන් පසු මේ වන විට ලැබී ඇති තවත් පැමිනිලි විස්සකට අනුව කන්ටෙනර් බඩු ප්‍රවාහනකරුවන් පිරිසක් ලබන සදුදා කොලඹ අපරාද කොට්ථාශ මුලස්ථානයට ගෙන්වන බව ඔහු කියයි. කන්ටෙනර් වංචාකරුවන් ගෑන ලංකාදිප එසැණ කල අනාවරණයන් ද ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් තම ආයතනයට එවා ඇතැයි ද කන්ටේනර් වංචාකරුවන්ට හසුව බඩු භාණ්ඩ අහිමි වු ඔනෑම අයෙකුට නොම්මර 214, කොලොන්නාව පාර දෙමටගොඩ යන ලිපිනයට පැමිණ ඒ පිලිබදව පෑමිණිලි කල හැකි බව ස්ථානාදිපතිවරයා වැඩි දුරටත් පැවසීය.
බස්නාහිර පලාත භාර නියොජ්ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් පිට කොලඹ අපරාද කොට්ථාශය භාර නියොජ්ය පොලිස්පති එස් ඒ ඩි එස් ගුණවර්ධන මහතාගේ අධික්ෂණයෙන් මේ පිලිබදව වැඩිදුර පරික්ෂන පැවැත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා පොලිසියට ජයවේවා! (නි)
අපරාධකරුවන්ට නිසි දඩුවම් දියයුතුයි (නි)
මිලානෝ හප් කාගෝ කියල එකක් කලා ජෝජ් කියල හාදයෙක්. පල් හොරෙක්. ඔන්න දැන් ගුවාර්දියා ෆිනෑන්සා එකේ කූරු ගනන් කරනවලු.(නදී)
බඩු යවා ගන්න කට්ටියට දැන ගන්නම ඕනෑ නම් මගෙන් දැන ගන්න. මම හරියටම කට්ටියට කියලා දෙන්නම් බඩු ටික පරෙස්සමට යවා ගන්න විදිහ. (නි)
මේවා හොද වැඩ. මේ වගේ හොරුන්ව නීතියේ රැහැනට හසුකරගෙන දඩුවම් දිය යුතුයි (නි)
රෝමයේත් ඉන්නවා ලංකාවේ ප්‍රසිද්ධ කාගෝ ආයතනයක නමක් පාවිච්චි කරලා භාණ්ඩ යවන කෙනෙක්. එයත් භාණ්ඩ ඛෙදන්නේ අඩුවෙන්. පහු වුනාම ඉල්ලලා කරදර කරන්නේ නැති නිසා කොහොම හරි එක් පෙට්ටියක් සොරකම් කරනවා. මොරටුවේ පැත්තේ තමයි ඔය වැඩේ කරන්නේ. නමත් නිකන් රංගනයට කැමතියි කියනවා වගේ එකක්. පරිස්සම් වෙන්න. මම අදම එයා ගැන පැමිණිලි කරනවා . මොකද මගේ ටෙලිවිෂන් එකක් තවම දුන්නේ නැහැ. දැන් මාස 6ක් වෙනවා.(නදී)
දැන් මෙයා හැංගිලා මෙයා ඉන්න තැන දන්නාවානම් දැනුම් දෙන්න (අ)
සෑම අවූරුද්දකට වතාවක් මමද මිලානෝ සිට කනටේනර් යවන ශ්‍රි ලාන්කිකයට මගේ බඩූද බාරදී යවා ඇතැත් මේ දක්වා කලට වෙලාවට බාරදෙන බඩූ සියල්ල මගේ නිවසටම ගෙනිහින් දීලා ඇතැත් මේ දක්වා කිසිම අඩූවක් වෙලා නැත....!! (අ)
ඉතාලියෙත් කපට් ඉන්නවා. මදුෂා කියලා ගැහැණු කෙනෙක් හය දෙනෙකුගෙන් ලක්ෂ 45ක් අරගෙන ඉතාලිවලට මාරු වෙලා ඉන්නවා. මිනිස්සු ගෙවල් විකුණලා නයට පොලියට සල්ලි අරන් දරුවන්ට කන්ඩ දෙන්නත් මුදල් නැහැ. පොලිසියට පැමිණිලි කළත් වැඩක් නැහැ.(නදී)
සින්ගප්පුරුවෙත් ඉන්නවා. එක්කෙනෙක් නම් දැනටම අතුරුදහන්. (නි)
අනේ දයාල් අයියේ, ඔයා විහිළුවට වුනත් මෝඩ විහිළු කරනවට මම නම් කැමති නැහැ. (නි)
කවුරු කළත් ඒවා වැරදි වැඩ. (නි)
මධූලා ඔක්කොම එකයි වගේ. (නි)
නුවන් මල්ලි මෙතන මධුලා දෙන්නෙක් නැහැ. මම නම් කෙටි කරලා දැම්මට මොකද මම මධූෂා තමයි. මම ගැනයි දයාල් අය්යා බොරු ගොතලා කියලා තියෙන්නේ.(නදී)
බඩුත් එක්කද හොරු? (නි)
එසැණට ජය වේවා! (නි)
දැන් රතුපස්වල අමතක වෙලා වගේ හැමෝටම (නි)
ලංකාදීපයට ආදරය කරන සියලු දෙනාගේ අවදානය පිණිසයි. අදහස් දැමීමේදී ප්‍රසන්න කියන කඩාකප්පල්කාරී පුද්ගලයාගෙන් ප්‍රවේශම් වන්න. ප්‍රසන්න මහදැන මුත්තාගේ මෝඩ දැන මුතුකම්. මෙයා දන්නා දේකුත් නැහැ, එයා මහලොකු චන්ඩියෙක් කියාගෙන පම්පෝරි ගහන්න නම් හොදට දන්නවා. හැබැයි ඒකෙන් හෙලිවෙන්නේ මෙයාගේ නිවට කම්. මන් දැන් මේ දවස් ටිකේම වාස්ගේ පුතා අත් අඩංගුවට ගැනීමේ සිද්දියේ ලංකා දීපයේ ප්‍රතිචාර දිහා හොදට බලාගෙන හිටියා. ඒකෙ මෙයා වීර,රිෂාර්ඩ්,අරුශියා,බන්දුල,ෆාතිමා අබ්දුල්ලා කියන අයගේ අදහස් විකෘති කරලා අසංවර සතුටක් ලැබුවා. මෙයා තමයි මිනිස්සු දාපු ප්‍රතිචාර වල අදහස විකෘති කරලා විනෝදාංශයක් හැටියට වෙනත් අයගේ නම් වලින් ඒ ගොල්ලොන්ගේ චරිත ඝාතනය කරන්නේ. මේකේ මදූ, මදුෂා කියලා දයාල්ට ප්‍රතිචාර දැක්වුවෙත් මෙයයි. පේනවද ප්‍රසන්න කියන්නේ මානසික රෝගයකින් පෙලෙන අංගොඩ සිටිය යුතු කෙනෙක් කියලා. දැන් සමහර විට මෙයා මගේ නමිනුත් විකෘති ප්‍රතිචාර දායි. මෙයා ලංකාදීපයේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට බාධාකරන කඩා කප්පල්කාරී පුද්ගලයන් පිලිබදව පාටකයන් දැනුවත් කිරීමට ලිව්වෙමි. එබැවින් සංස්කරණය නොකරනවා නම් හොදයි.(නදී)
මමත් ඉන්නේ මිලානෝ වල. මමත් ලංකාවට යවල තියෙනවා වටිනා බඩු ඕන තරම්. නමුත් කවදාවත් මගේ බඩු නම් නැතිවෙලා නැහැ. මම යවන්නේ විපුලගෙන්. (නදී)
රාත්තලක් කියන්නේ කොපමණ ප්‍රමාණයක්ද? (නි)
මෙතැන දැන් කවුරුවත් මධූෂාට දොස් කියන්න එපා. පව් එයා හරි අහිංසක කෙල්ල.. (නි)
විදේශ තැපෑලෙන් එවන පාර්සල් ලංකාවේ දී නැති වෙනවා. මා වෙත එවූ වටිනා පාර්සල් දෙකක්ම ලැබුණේ නැහැ. තැපෑලේ සිටින හොරුන් ගැනත් පොලීසියෙන් සොයා බලනවා නම් ඉතා හොඳයි. (නි)
වැඩේ හොදයි. නමුත් රටේ පොඩි ප්‍රස්නයක් වත් විසදා ගන්ඩ බෑ.(නදී)
පැරිස් වලත් ඉන්නවා එක්කෙනෙක්. පෙනී ඉන්නේ සංස්කෘතිය නගා සිටවන්න. පෙට්ටි 10 බාර දුන්නොත් ලංකාවේදි හම්බ වෙන්නේ 04 යි. ඇල්කොහොල් නම් උත්තරේ බින්දුවයි.(නදී)
ඉතාලියේ ඇවිත් ඉන්න සමහර කට්ටිය නියම ගේම් කාරයෝ.සමහරු මිනිසුන්ට ගහනවා මරණ තර්ජන කරනවා දුරකතනයෙන් පවා මරණ තර්ජන කරනවා. කුඩා දරුවන්ව මරණ බවට තර්ජනය කරන කට්ටිය මිලානෝ වල ඉන්නවා. මේ අය කරන තරම් ඔක්කොම කරන්නේ හොරවැඩ (අ)
කැලේ නසන්නෙත් කැලේ ම හැදුන ගහක් නේද යාලු? (අ)
නීතිය ක්‍රියාත්මක වීම ගැන හරි සන්තෝෂයි .ඒ වගේම බඩු නිදහස් කරනකොට වංචා වලට වැඩ කරන සමහර රේගු නිලධාරීන් ගැනත් හොයල බලනවා නම් හොඳයි.ඒ අය තමන්ගේ බඩ වඩා ගන්නවා විතරයි.රටට මොනවා වුනත් කමක් නෑ.(අ)
මිලානො එක්කෙනාගෙන් මමත් බඞු ඇරියා ඒවත් නැති උන අවස්ථා ඕනා තරම් තිබුනා. එයා කොට්ටෙටයි මෙට්ටෙයි හැම විදුලි උපකරණ වලටයි බෝතල වලටයි හිතලා ගණන් කියනවා නමුත් පාස්පෝට් පහෙන් ටැංකිය ලංකාවෙන් එළියට ගන්නෙ ඒ නිසා එයාට සුදූ හුණු ගාන්න එපා.(නදී)
මේ කරපු දේ නම් බොහොම හොදයි. මිලානෝ නගරයේ මේවා කරන කීපදෙනෙක්ම ඉන්නවා (නි)
රොමේ කාර්ගෝ ප්‍රබලයා අපගේ බඩු වසර පහකට වැඩි කාලයක් කිසිදු කරදරයක් නොමැතිව ලබා ගැනීමට හැකි වුයේ ( රංගන ද සිල්වා ) ගෙන් පමණි, අපි ඕනෑම මාධ්‍යකට ප්‍රකාශ කිරීමට පැකිලෙන්නේ නැත.(නදී)