ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට නැව් බඩු ප්‍රවාහනය කරන කන්ටේනර්කරුවන් පිරිසක් සිදු කළ වංචා කිහිපයක් එසැණ මගින් අනාවරණය කිරීමත් සමඟ තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් දුරකථන ඇමතුම් ලබා දී තමන්ට සිදු වු වංචා රැසක් ගැන කීහ.
එසේම ඔවුන් කියා සිටියේ කන්ටේනර් බඩු එකතුකරන ඇතැමුන් පලෙර්මෝ,සිසිලි,කටානියා,නාපෝලි,අන්කොනා,පෙසරෝ,මිලානෝ,ත්‍රේවිසෝ,ෆිරෙන්සි, යන නගරයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ රැසක් මෙම කන්ටේනර් වංචාකරුවන්ට හසුවී සිටිති.
පලේර්මෝ නගරයේ දිල්කි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ වෙන්නප්පුවේ පුද්ගලයකු සිසිලි කටානියා පලෙර්මෝ ශ්‍රී ලාංකිකයන්ගේ බඩු භාණ්ඩ එකතු කැර මේ වන විට අතුරුදන්ව ඇති බවයි.රුපියල් ලක්ෂ ගණනක් වටිනා කන්ටේනර් තුනක බඩු අයිතිකරුවන්ට නොදී දුරකථනපවා ක්‍රියා විරහිත කැර එම පුද්ගලයා මාස හයකට අධික කාලයක් ආගිය අතක් නැති බව ඇය කියන්නීය.
මිලානෝ නගරයේ සජිත් ජයසේකර මෙසේ කියයි. මෙයට මාස අටකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා ඔහුගේ බිරිය මිලානෝ ඇවිත් ආපසු යන විට යුරෝ දහසකට ආසන්න මුදලකට බඩු වගයක් ගෙන ඒවා අරගෙන ඒවා දාන්න මට බාර දුන්නා .කන්ටේනර් බඩු ලංකාවට යවන අම්බලන්ගොඩ පුද්ගලයකුට මම ඒවා බාර දුන්නනේ. දැන්මාස අටක් වෙනවා බඩු වලට සිදු වු දෙයක් නෑ. මම ඇතුළු මිලානෝ තවත් බොහෝ දෙනකුට ඔහු පොලු තියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ වල නම් ෂුවර් එකටම ජා-ඇල කෙනෙක් වෙන්න ඇති. මොකද මිනිහ මේ දවස්වල බොරු කියා කියා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලගන්නවා පස්සේ බඩු දාලා දෙන්නම් කියලා. මෙයා ජා -ඇල දඬුගම්පිටිය පාලම ළඟ පරෙස්සම් වෙන්න.(නදී)
ජනතාව වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයයි මේ. (නි)
ඉතාලියේ නගරේ එකෙත් ඉන්නවා පොරක් අහුවෙන්න එපා. (අ)
හොරුන්ගෙත් හොරු කම්ම්බා හොරු කියන්නේ මේකට තමා, (අ)
මමත් බඩු දාලා තියෙනවා එක එක අයගෙන් මේ අයගේ නම් එක්කම මේක පලකරන්න. මම බය නැහැ. මොකද මම පොලිසියේත් මෙයාලට විරුද්ධව පැමිණිලි කරලා තියෙනවා. එක්කෙනෙක් මිලාන් වල ඉන්න මීගමුවේ ශිරාන් කියන කෙනා එයා ඉතාලිදීමයි පෙට්ටි වලින් බඩු හොරකම් කරන්නේ. විස්කි විතරක් නෙමෙයි ළමයින්ට යවපු චොකලට් බෝතල් පවා හොරකම් කරලා. එයාගේ අම්මා ලංකාවේදී ඒවා විකුනනවා. අනෙක් එක්කෙනත් මිලාන්වල සෙමිර කාගෝ කියලා හෝමාගම තමයි ඒගොල්ලෝ ඉන්නේ එතනත් හොරකම් කරනවා. අපි ඉතාලියේ ඉඳලා සීතල කාලා, අව්වට පිච්චිලා දුක් මහන්සිවෙලා ලංකාවේ අපේ අඹු දරුවන්ට දෙයක් එවන්නේ ආශාවෙන්. ඉතින් මේවා මෙහෙම හොරකම් කරන එවුන්ට හොඳක් වෙන එකක් නැහැ. (ස)
මෙහෙමත් හොරු! (නි)
නම් ටික එළිකරන එක හොඳයි. බොරු කාරයන්ව එලි කරන්න. වගකීමක් ඇතුව කාර්ගෝ සේවය කරන අයගෙත් නම් එලි කරන්න. එතකොට අපි අපිට මයි හොඳ. මිලාන් වල විපුල අපි දන්නා දා ඉඳල හරියට වැඩ කරන කෙනෙක්. තව කීප දෙනෙකුත් ඉන්නවා හරියට වැඩේ කරන. ඒ අයගේ නම් ටිකත් දාන්න.(නදී)
මේ තමයි කම්බ හොරු (නි)
ඉතාලියේ සිට ලංකාවට බඩු එවන හැමෝම හොරු. එක්කෙනෙක්වත් හරියට අවංකව ඒ වැඩේ කරන්නෙ නැහැ. එවන බඩු වලින් වටින ඒවා ගන්නවා පසුව කියනවා කස්ටම් එකෙන් ගත්තා කියා . වටිනා ටි වී එකක් දැම්මොත් ඒක ඉවරයි පෙට්ටි ඇරලා බඩු ගන්නවා. හොරට මනිනවා විස්කි දැම්මොත් ඉවරයි. පස්සේ ඒ බඩු වල වටිනාකම් දෙනවා කියා මුදල් ටිකක් දීලා මග අරිනවා. (නදී)
මටත් ඔය ටිකම වුණා. මාස 7,8 යනකන් බඩු දුන්නේ නැහැ.ඔක්කොම හොරු (නි)
ඉතාලියේ සිට ලංකාවට බඩු එවන අරයත් හොරෙක් තමයි ඔයාගේ යාලුවා හින්දා ඔයාගේ බඩු ටික ගෙනත් දෙන්න ඇති.(නදී)
මමත් ගොඩක් අයගෙන් භාණ්ඩ යවල තියනවා.ටික දෙනෙක් හොරු තමයි .නමුත් මිලානෝ සමහර අය හොඳින් කරනවා.ටිකක් ප්‍රමාද වෙලා හරි ඔහු හොරකමින් තොරව වෙඩ කරනවා.ලංකාවේදී සැලකීමත් හොනඳයි.ඉහත සඳහන් අය ගැන දනිමි. එත් නොලියන්නේ උන් හොරුම නිසයි.අපි හොඳ කෙනා හොඳ විදියටත් නරක කෙනා නරක විදියටත් දකිමු.විමසිල්ල කොහොමත් හොන්දයි (අ)
මමත් ජා ඇල. මල්ලි,එතකොට ඔයා කියන කෙනා කවුද? (නි)
ජනතාව හොරුන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයයි මේ. (නි)
ඕකනේ මම කිව්වේ ඒ දවස් වල. (නි)
චාමර මල්ලි, ඔයාගේ බඩු දුන්න පලියට අනෙක් මිනිස්සුන්ට වරද්දන්න එපා. (නි)
සාමාන්‍යයෙන් කන්ටේනර් කාරයෝ හතු පිපෙනවා වගේ ඇවිල්ලා හොඳ බඩු ලංකාවට යවන්න කියලා එකතුකරලා, සල්ලිත් අරන් බඩු කොටසක් ඉතාලියටම විකුණලා,ඉතිරි ටික ලංකාවේ විකුනලා එක පාරටම ලොකු මුදලක් හොයා ගන්නවා. (නි)
මමත් බඩු දුන්නා. ඒත් ඒ බඩු වලින් ටිකයි හම්බුණේ (නි)
එකම ව්සදුම ට්‍රයිකෝ කාගෝ.(නදී)
මම කිහිප වතාවක් බඩු යවල තියෙන නිසයි කිව්වේ.පුද්ගලිකව දන්නේ නැහැ .ඒ අයගෙත් වැරදි තියෙනව නම්, ඒක ලියල හෙළි කරන එක තමයි වඩා හොඳ .අර සත්‍යා කියනවා වගේ අමාරුවෙන් තමයි ලංකාවේ ඉන්න අයට තෑග්ගක් යවන්නේ .එකටත් විදපුවම කොහොමද.(අ)
ඔය කියන කෙනා කාලයක් පාදොවාවල බිරි හෝටල නිවාස සංකිර්නයේත් ටික කාලයක් ඉඳල ගෙවල් කුලී නොගෙවා පැනල ගිහින් තියෙනවා.(නදී)
හැකිනම් හොඳම දේ පිළිගත් ආයතන, ඒ කියන්නේ කිසියම් වලංගු ලියාපදිංචියක් ඇති ආයතන හරහා පමණක් බඩු එවීමයි. ලාබෙට යවන්නම් කියල බාර ගන්න අපේ මිනිස්සු අන්තිමට කරන්නේ වංචා කිරීමයි. නමුත් අපට වන්දියක් ගන්නවත් කෙනෙක් නැහැ. ඒකයි ගාන වැඩිවුනත් පිළිගත් ආයතනයක් හරහා යැවීමේ වටිනාකම. මමත් ඔය ගැටේට අහුවුණු කෙනෙක්. (නදී)
ලාබෙට බඩු යවන ලංකාවේ අයට මේවා හොඳ පාඩම්. (නි)
ඉතාලි කාරයෝ මෙන්ම ඉතාලියේ ඉන්න ලංකාවේ අයද උගත් කමින් බොහොම අඩුයි. ඒ නිසා හොරුන්ට පහසුවෙන් තම කාර්යය කරන්න පුළුවන්.(අ)
ඔය පොලු තිබ්බයි කියන අයගේ නම් ටික දාන්නකෝ සැමටම දැන ගන්න එක්ක. අඩුම ගානේ බාවිතා කරන කෙටිනම වත්. අනාගතේට වත් අපිට පරෙස්සම් වෙලා ඉන්න පුළුවන්.(නදී)
ඉතාලියේ බොලෝග්නා වලත් ඔහොම වෙන්නප්පුවේ කට්ටියක් ඉන්නවා. බඩු නැතිවෙනවා, පරක්කු වෙනවා, කඩලා හොද වටිනා දේ ගන්නවා. විමසන්න ගියොත් මරණ තර්ජන කරනවා. දැන් නම් ඒ අයට වැලේ වැල් නැතිවේගෙන එනවා.(නදී)