මෙම වසරේ ඉතාලිය පුරා පැවති එල්ලේ තරගාවලි ජයගත් එල්ලේ කණඩායම් දහයකට වෑඩි ප්‍රමාණයක් ලබන ඉරිදා මිලානෝ නුවරදි පෑවෑත්විමට නියමිත සුරයන්ගෙත් සුරයා එල්ලේ තරගාවලියේදි ගැටෙයි.
වසරේ ජනප්‍රියතම එල්ලේ ක්‍රිඩකයා හට සතියක් පුරාවට ස්විඩන් ඩෙන්මාර්ක් සංචාරයක් ලබා දිමට නියමිතය.
සුවිඩනයේ පදිංචි ලසන්ති ප්‍රනාන්දු ඇතුළු ඇගේ හිතවතුන් සංචාර සදහා අනුග්‍රහය දක්වන බව වසර කිහිපයක් සුරයන්ගෙත් සුරයා එල්ලේ තරගාවලිය සංවිධානය කරන මිලානෝ නුවර චින්තක චන්දන කුමාර මහතා යයි.
එල්ලේ ක්‍රිඩාවේ වර්තමාන තත්ත්වය ගැන චින්තක මෙසේ කියයි. එල්ලේ කියන්නේ අපිට උරුම වු අපේ ක්‍රිඩාව. බෑත පාගන්න කමතට යන ගොවියත් පිත්තට බෝලෙට වැඳලා කවයට යන එල්ලේ ක්‍රිඩකයත් කියාපාන්නේ අපේකමයි.
නමුත් අපිට උරුම අපේ දේ වලපල්ලට ඇරලා අනුන්ගෙ දේවලින් සතුටුවන ජාතියක් අපි. නවසිලන්තයේ ලෝක ප්‍රසිද්ධ රග්බි කණ්ඩායම තරගයක් පටන් ගන්න කලින් ක්‍රිඩා පිටියෙදි යකා නැටුම නටන්නේ ප්‍රේක්ෂකයින් සතුටු කරන්න නෙමෙයි. ඔවුන්ගෙ අනන්‍යතාවයයි ඔවුන් එහිදි කියන්නේ.
ක්‍රිඩාවේ සංස්කෘතිය බබලවන්න පුළුවන් කියලා ඔවුන් ලෝකෙට පෙන්නුවා. මව්රි ආදිවාසින් ගැන ලෝකය පුරා කතා කරන්න පටන් ගත්තා. ජපානයේ සුමෝ ක්‍රිඩාවත් ජපානයේ සංස්කෘතික දායාදයක්. අනුන්ගෙන් අපිට උරුම වෙච්ච ක්‍රිඩාවන් සදහා රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කිරීමට ව්‍යාපාරිකයන් හිටියත් ගමේ එල්ලේ ක්‍රිඩකයෙක්ට බැනියමක් දීමට ව්‍යාපාරිකයෙක් නෑ.
කොහොම වෙතත් ඉතාලියේ ඉන්න ශ්‍රි ලාංකිකයින් අතර මේ වසරේ එල්ලේ හුඟාක් ජනප්‍රිය වුණා. ලංකාදිප එසෑණ ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. ලබන වසරේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් අතර එල්ලේ ජනප්‍රියම ක්‍රිඩාව බවට පත් කරන්න අපිට පුළුවන්. ඉන් නොනැවති අප්‍රේල් මාසේ ලංකාදිප පුවත් පතත් සමඟ එකතුව උතුරු මැද පළාතේ දක්ෂතම එල්ලේ කණ්ඩායම තෝරන්නත් අපි බලා පොරොත්තු වෙනවා.
ලාල් රොද්‍රිගෝ හා රන්ජන් විරක්කොඩි යන එදා සිටම ඉතාලියේ එල්ලේ ක්‍රිඩාව ජනප්‍රිය කිරීමට ලොකු වෙහෙසක් ගන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ විතරක් නෙමෙයි ලංකාවෙත් එල්ලේ ජනප්‍රයයි ඒ වුණාට එල්ලේ ක්‍රිඩාව දියුණුවට ගෙනියන්නේ නැත්තේ ඇයි කියලා මටනම් ප්‍රශ්නයක් ඇයි එල්ලේ ක්‍රීඩාවටම කියලා අන්තර්ජාල පිටුවක් තිබුනේ නැහැ ඒ වාගේම විකිපිඩියා එකේ විස්තරයක්වත් තිබුණෙ නැහැ ඒවා කරන්න ඕනැ එල්ලේ සම්මේලනය ඒ වුණාට ඒ හැම දෙයක්ම කරන්නේ මම මගේ වියදමින් ප්‍රථමවරට එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් වෙබ්පිටුව ලියන්නෙත් මම අදටත් එය මගේ යූ ටියුබ එකේ ශ්‍රී ලංකා එල්ලේ කියන පිටුවත් මම කරන්නේ මම එස් ජූඩ් සිල්වා බලන්න බොරුනම් මම හැම සතියකම වාගේ එල්ලේ මැච් විස්තර දමනවා ලංකාදීප පුවත්පත එල්ලේ මැච් විස්තර ටිකක් දමනවා ඒක මම දන්නවා ඒ වුණාට අනෙක් පත්තර එහෙම නැහැ මම ලංකාදීප පුවත්පතෙන් එක ඉල්ලිමක් කරන්න කැමතියි මගේ වෙබ්එකගැන ප්‍රචාරයක් ලබා දෙන්න මම එය දැනටත් කරගෙන යනවා දැනට ලෝකය පුරා ලක්ෂ ගනනක් එල්ලේ ක්‍රීඩාව නරඹලා තියෙනවා එය මට සතුටක් මම ජූඩ් සිල්වා එල්ලේ ක්‍රීඩාව ප්‍රථමවරට අන්තර්ජාලයට යොමු කිරිමට ලැබීම ගැන මම සතුටු වෙනවා මගේ දුරකථන අංකය 0718669451 (අ)
උණුසුම් සුභපැතුම් මිලානෝ එකමුතුවෙන්. (නි)
නාපොලි ඇන්තනි මහත්තයා කැලේ පත්තර ගහයිද දන්නේ නෑ.මේකටත්.(නදී)
එල්ලේ ක්‍රීඩාවට ඉතාමත් දක්ෂයින් ඉතාලිය පුරාම විසිරි සිටිනවා .මෙය ඉතාමත්ම හොද කාලෝචිත සංවිධානයක්.තරගාවලිය පුරාවටම විනය ගරුකව ශ්‍රී ලංකා නාමය රැකගෙන හොද තරගාවලියක යෙදීමට අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
ලෙස්ලි ලොව් කියන එක සම්පූර්ණ ඇත්ත.(නදී)
එල්ලේ වලින් ලංකාවේ සංස්කෘතිය ප්‍රසිද්ධ කරන්න උත්සාහ දරන වෙන්නප්පු සහෝදර මහතුනි, මෙම තරග පිටුපස සැමවිටම අපි දකින 'සංස්කෘතියත්' අපේ එකක්ද? (නි)
නීල් රානා- රානා කියන්නේ ඉතාලි භාෂාවෙන් 'ගෙම්බට'. ඇත්ත නම් ඇත්ත කියන්න බොරු නම් බොරු කියන්න.(නදී)
ජනතාවගේ ක්‍රීඩාව ජනතාව විසින් වැළඳ ගැනීම හොඳ ආරංචියක්. ක්‍රියාශීලී කොල්ලෝ ක්‍රීඩා කරනවා, කනවා බොනවා ඒවාගෙම ගහ ගන්න අවස්ථාත් තියෙනවා. දකුණෙන් ඇවිත් මොන පාදඩ වැඩේ කළත් වීරයෝ-ලංකාවෙ වෙන පැත්තක කෙනෙක් කරන හැමදේම වැරදියි යන වැදි මානසිකත්වයෙන් මිදෙන්න දැන් කාලෙ ඇවිත්.(නදී)
මමත් එනවා. මම එල්ලේ වලට හරිම ආසයි (නි)
තුෂාර එහෙම කියන්න එපා ඈන්තනි මහත්තයාට. අපි හොදට දන්නවා එතුමාව. එයා හොද එල්ලේ ක්‍රීඩකයෙක්. එයත් එක්ක සෙල්ලම් කරන කිසිම ක්‍රීඩකයකුට ලකුනක් ගන්න දෙන්නේ නෑ. බෑරිම උනොත් වෙනත් ක්‍රමකින් හරි අවුට් කරනවා.(නදී)
ඉහත සඳහන් පරිදි 'යකා නැටුම' නවසීලන්තය පමණක් නොව මෙතනත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නමුත් 'යක්කු' බෝතල් සහ පිහි අතේ තියාගෙන නටන එකයි, පොලිස් වැන් එකේ යක්කුන්ට නොමිලේ ගමන් පහසුව ලැබෙන එකයි තමයි වෙනස. (දී)
කෙසේ කව්රු කොහොම කිවත් සුළු ප්‍රශ්න ඇති උනත් එල්ලේ ක්‍රීඩාව හරිම ලස්සනයි.(නදී)